ඒෂියා සියක කොමොඩිටීස්‌ සාම්පල් අංශය ISO 9001- 2008 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

ඒෂියා සියක කොමොඩිටීස්‌ පී.එල්.සී. (COMMODITIES PLC) සාම්පල් අංශය ISO 9001 - 2008 සම්මාන තත්ත්ව සහතික ලබාගෙන ඇත. මේ තුළින් වඩාත් කාර්යක්‍ෂම හා උසස්‌ ප්‍රමිතියෙන් යුත් සේවාවක්‌ තවදුරටත් සැපයීමට හැකිවෙනු ඇතැයි එම සමාගම පවසයි.

සතිපතා කොළඹ තේ වෙන්දේසියේදී උඩරට, මැදරට හා පහතරට යන කාණ්‌ඩ තුන යටතේ තේ කිලෝ මිලියන 6.8 ක ප්‍රමාණයක්‌ එනම් තොග 12,500 ක්‌ අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 60% ක්‌ වන පහතරට තේ මිලට ගනු ලබන්නේ ලොව ප්‍රමුඛතම තෙල් නිපදවනු ලබන රටවල්ය. රුසියාව, ඉරානය, සිරියාව, ඉරාකය, තුර්කිය හා ලිබියාව මින් ඉදිරියෙන් සිටියි.

ඒෂියා සියක සමාගම සතිපතා කොළඹ තේ වෙන්දේසියේදී තේ තොග 1800 ක්‌ පමණ අලෙවි කිරීමට කටයුතු කරන අතර, එ වෙනුවෙන් සාම්පල් 250,000 කට අධික ප්‍රමාණයක්‌ බෙදා හැරීම සිදු කරනු ඇත.

වඩාත් නිවැරදිතාවයෙන් යුත් තේ සාම්පල් නිසි වේලාවට ගැනුම්කරුවන් වෙත ලැබීමට සැලැස්‌වීමෙන් නිෂ්පාදකයන්ට ඉහළ මිලක්‌ ලබා ගැනීමට හැකිවේ. මේ සඳහා ලබාගත් ISO 9001:2008 තත්ත්ව සහතිකය ඉවහල් වන බව ඒෂියා සියක කොමොඩිටීස්‌ පී.එල්.සී. සමාගම කියා සිටී.

වර්ෂ 1998 දී ආරම්භ කරන ලද ඒෂියා සියක සමාගම, තේ, රබර් හා කුළු භෝග වෙන්දේසිය සඳහා එක්‌වන්නේ කර්මාන්තය තුළ වෘත්තීමය වශයෙන් පලපුරුදු සහිත පුද්ගලයන් සමූහයක්‌ සමගිනි. අලෙවිකරණයේ ප්‍රමුඛයන් වන මෙම සමාගම, ගබඩා කරණයේද සාම්ප්‍රදායික රටාවෙන් පරිබාහිරව නවීන පරිගණක තාක්‍ෂණය සහිතව වර්ග අඩි 110,000 ක ගබඩා සංකීර්ණයක්‌ වර්ෂ 2000 දී වත්තල දී ආරම්භ කළේය. වර්ෂ 2003 දී ISo  9001ථ 2008 තත්ත්ව සහතිකය ලබාගත් අතර, වර්ෂ 2012 දී HACCP/ISO 22000 තතAතAව සහතිකය දිනා ගත් බවද ඒෂියා සියක කොමොඩිටීස්‌ පී.එල්.සී. සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති චාමර දිසානායක මහතා පවසයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.