RDB අලුත් අවුරුදු ගනුදෙනු සඳහා ඉහළ ප්‍රතිචාර



ජාතික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් නව වසරේ ගනුදෙනු කටයුතු සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සියලු ශාඛා අප්‍රේල් මස 15 දින විවෘත කරන ලදී. හිස තෙල් ගෑමේ නැකැත යෙදී තිබුණ මෙම සුබ දිනයේ දී එම නැකැත් වේලාවට අනුව හිස තෙල් ගෑමේ චාරිත්‍රය බොහෝ ශාඛා පරිශ්‍රයන්හි සේවක මණ්‌ඩලය සහ ගණුදෙනුකාර භවතුන්ගේ සහභාගිත්වයෙන් සිදුවූ අතර, ගනුදෙනු කටයුතු සඳහා විශාල පිරිසක්‌ පැමිණ සිටීමද විශේෂත්වයක්‌ විය.

මෙදින RDඊ බැංකුව සෑම ගණුදෙනුවක්‌ සඳහාම තිළිණයක්‌ ලබාදීමට කටයුතු කළ අතර, පෙර වසර වලදී හඳුන්වා දුන් පරිදි මෙම වසරේ දීද "පැයෙන් පැයට බඩුමල්ලක්‌" වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මේ සඳහා ජනතාවගේ ඉහළ ප්‍රතිචාරයක්‌ ලැබුණු අතර සෑම ශාඛාවක්‌ විසින්ම බඩුමලු 05 බැගින් ලබාදීමට කටයුතු කරන ලදී.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.