සිංගර් සමාගම වෙළඳපොළට Hitachi Inverter ශීතකරණ පෙළක්‌ හඳුන්වාදෙයි

ශ්‍රී ලාංකික වෙළෙඳපොළට ලොව ප්‍රකට නිෂ්පාදන සැමදා සපයන සිංගර් වෙතින්" මෙවර ජපන් සුපිරි වෙළෙඳ නාමයක්‌ වන Hitachi නිෂ්පාදනයක්‌ ලෙසින් එන අතිනවීන ශීතකරණ පෙළක්‌ Hitachi Inverter නමින් හඳුන්වාදෙයි. Big 2 (450L), French Bottom
(455L), Made in Japan Intelligence (644L), Big French Door (582L) iy Stylish
Line (335L) මාදිලි මෙම ශීතකරණ පෙළ වේ. මෙම නවතම Hitachi inverter ශීතකරණ පෙළ එම නිෂ්පාදන තාක්‍ෂණයට කළ හැකි බොහෝ දෑ පිළිබඳව උදාහරණ සපයයි.

විශිෂ්ට ජපන් තාක්‍ෂණය සමගින් මෙරටට එන මෙම නවතම Hitachi inverter ශීතකරණ පෙළ දිවයිනේ සිංගර් අලෙවි විශිෂ්ටත්වය තවදුරටත් ඉහළට ඔසවා තබයි. මෙහි එන සුවිශේෂී Inverter X Dual Fan සිසිලන තාක්‍ෂණය මගින් ඉහළ විදුලි පිරිමැස්‌මක්‌ ලබාදෙන අතර" බැක්‌ටීරියා නාශක හැකියාව" පුස්‌ නොබැඳීම මෙන්ම දුර්ගන්ධය නසන විශිෂ්ට නැනෝ තාක්‍ෂණයක්‌ ද සහිතය. බලශක්‌ති ඉතිරිය" පරිසර හිතකාමී R600a සිසිලන වායු භාවිතය මෙන්ම" පාරිසරික තාප සංවේදක ඇතුළු විශේෂාංග රැසක්‌ මෙම නවීනතම inverter ශීතකරණ පෙළෙහි අන්තර්ගත වේ.

සාමාන්‍ය ශීතකරණයක කොපමණ ඉඩකඩ තිබුණත් බොහෝවිට එය ප්‍රමාණවත් නොවේ. නමුත් මෙම Hitachi ශීතකරණ පෙළ වැඩි ඉඩ පහසුකම් සහිත වන සේ නිපදවා ඇත. එAවායේ තට්‌ටු සහ රාක්‌කවල මනා නිමාව හේතුවෙන් අපිළිවෙලට බඩු භාණ්‌ඩ ඇසිරීමක්‌ සිදු නොවේ. ඉන් වැඩි ඉඩක්‌ ඉතිරි වන අතර බලශක්‌තිය ද ඉතිරි කරමින් පිළිවෙළකට ශීතකරණය පවත්වා ගැනීමට ද පාරිභෝගිකයාට හැකියාව ලැබේ.

වසර ගණනාවක අත්දැකීම් සහ පර්යේෂණ මගින් මෙම නව ශීතකරණ පෙළට ක්‍ෂේත්‍රයේ විශිෂ්ටතම සිසිලන පද්ධතිය එක්‌ කිරීමට Hitachi සමත් වී ඇත. වෙනත් සාම්ප්‍රදායයික ශීතකරණ සඳහා තනි සිසිලන පංකාවක්‌ භාවිත කරන නමුත් Hitachi පංකා 2 ක්‌ සහිතInverter X Dual Fan නම් සිසිලන පද්ධතියක්‌ සකසා ඇත. ඉන් එක්‌ පංකාවක්‌ ශීතකරණයේ පහළ කොටස සඳහාත් අනෙක්‌ පංකාව අධිශීතකරණ කොටස සඳහාත් වෙන් කර තිබේ. එසේම මේ සඳහාම නිර්මාණය කර ඇති Inverter කම්ප්‍රෙෂරය මගින් සිසිල් කිරීම" අවශ්‍ය පරිදි පාලනය කරමින් නිරතුරුව උපරිම සිසිලසක්‌ පවත්වා ගනිමින් ඉහළ විදුලි පිරිමැස්‌මක්‌ ලබාදෙයි. තවද මෙහි ඇති Minus Zero Cooling panel මගින් ශීතකරණය පිරෙන සේ අවශ්‍ය දෑ අසුරා තිබුණත් එA සියල්ල එAකාකාරීව සහ ඉක්‌මනින් සිසිලනය කරනු ලබයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.