සමීපතමයා

ඔබේ ඇස්‌ දෙකේ පෙනීම අඩු නම් කිසිම හේතුවක්‌ නිසා එය සමීපතමයාට නො කියන්න. ඔහු ඔබට 'පොට්‌ටයා' යෑයි විහිළුවට කියනු ඇත. ඔබ බොරු කකුලක්‌ දාගෙන කොර ගසමින් ඇවිදින්නේ නම්, එය මිතුරාට නො කීමට ප්‍රවේසම් වන්න. මිතුරා ඔබට 'නොණ්‌ඩියා' කියා හාස්‍ය සමාජගත කරනු ඇත. ඉනික්‌බිතිව

'විහිළුවට කිව්වෙ මචං. ගණන් ගන්න එපා'

කියා ඔබේ සිත් රිදීමේ සාන්ද්‍රණය තුනී කරනු ඇත.

ඔබ මතක තබා ගන්න.

හැම විහිළුවක ම බාගයක්‌ ඇත්ත ය. වීරයාට මිතුරා වන්නේත් ඉනික්‌බිති දුෂ්ටයා වන්නේත් සමීපතමයා ය.

1948 ජනවාරි 30 වෙනිදා නවදිල්ලියේ බිලා නිවාසයේ හින්දු දේවස්‌ථානය අසල දී ගෝඩ්සේ නම් හින්දු භක්‌තිකයා මහත්මා ගාන්ධි ඝාතනය කළේ ය. ගෝඩ්සේ දිගු කලක්‌ ගාන්ධි අනුගාමිකයෙකි, සමීපතමයෙකි ඉනික්‌බිතිව ඝාතකයෙකි.

ගයිස්‌ ජූලියස්‌ සීසර් හමුදාමය සහ දේශපාලන නායකයෙකි. සීසර්ගේ මුල් කාලීන මිතුරෙකු වූ මාකර්ස්‌ ජූනියස්‌ බෲටස්‌ගේ මගපෙන්වීම යටතේ ක්‍රි. පූ. 44 මාර්තු 15 වෙනි දින සීසර් ඝාතනය කළේ ය. බෲටස්‌ සීසර්ගේ මිතුරෙකි, යහළුවෙකි, සමීපතමයෙකි.

1959 දී එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක තල්දූවේ සෝමාරාම නම් චීවරධාරියෙකු අතින් ඝාතනය විය. සෝමාරාම සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේ නියමුවෙකි. බණ්‌ඩාරනායකගේ ජාතිකවාදී සහ ආගමික න්‍යාය පත්‍රයේ පෙරටුගාමියෙකි. බණ්‌ඩාරනායකගේ මිතුරෙකි අනුශාසකයෙකි. ඉනික්‌බිතිව ඝාතකයෙකි.

1940 මැයි 24 වෙනිදා සෝවියට්‌ ඔත්තුකරුවෙකු වූ ඉයොසිµa ග්‍රිකුලෙවිච්ගේ නායකත්වය යටතේ ඝාතකයන් පිරිසක්‌ ලියොන් ට්‍රොස්‌කිගේ නිවස වැටලුව ද හෙතෙම ඝාතන ප්‍රයත්නයෙන් බේරුණේ ය. ලියොන් ට්‍රොස්‌කිගේ මරණය අවශ්‍ය වූයේ සමකාලීන සෝවියට්‌ පාලකයා වූ ජෝශප් ස්‌ටාලින්ට ය. 1940 අගෝස්‌තු 20 වෙනිදා මෙක්‌සිකෝවේ ට්‍රොස්‌කි සැ`ගවී සිටි නිවසේ සැරිසැරූ රාමන් මර්කඩර් ට්‍රොස්‌කි මරා දැමී ය. ඉතා කෙටි කලක්‌ වුව ද රාමන් ට්‍රොස්‌කිගේ සමීපතමයා විය. මිතුරා විය. සේවකයා විය. ඉනික්‌බිතිව ඝාතකයා විය.

1993 මැයි මස 01 වෙනිදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මැයි පෙළපාලියේ දී එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු අතින් ඝාතනය විය. ඝාතකයා දිගු කාලයක්‌ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සුචරිත නිවසේ සිටි සුවච සේවකයා ය. විශ්වාසවන්තයාය. සේවක මිතුරා ය. ඉනික්‌බිතිව ඝාතකයා ය.
ෙ-සුස්‌ වහන්සේ ඝාතනය සඳහා මුලපිරෙන්නේ ගුප්ත කණ්‌ඩායම් ජුදාස්‌ගේ චරිතය සම්බන්ධයෙන් මහත් උනන්දුවක්‌ දැක්‌වීම ය. දෙවියන් වහන්සේට ෙද්‍රdaහි වීම විද්‍යමාන පරස්‌පරයකින් යුත් කරුණක්‌ විය. මෙම පාවාදීම වලක්‌වාලීමට ෙ-සුස්‌ වහන්සේට නො හැකි විය. මාර්ක්‌ සිට ජෝන් දක්‌වා කියවීමේ දී ජුදාස්‌ගේ දුෂ්ට හැසිරීම වඩාත් ප්‍රබලව ප්‍රකාශ වේ. රාත්‍රී භෝජන සංග්‍රහයේ දී ෙ-සුස්‌ වහන්සේට සමීප මිතුරා වූ ජුදාස්‌ පාවාදීමේ ක්‍රියාව ආරම්භ කළේ ය. ජුදාස්‌ විටෙක මිතුරා ය. සගයා ය. සමීපතමයා ය. මරණීය දුෂ්ටයා ය.

රාත්‍රී භෝජන සංග්‍රහයක දී දහ තුන්දෙනෙකු සම`ග ආහාර ගැනීම නුසුදුසු වන්නා සේ ම දේශපාලනයේ දී සමීප දෙදෙනෙකු රාත්‍රියට ආප්ප ආහාරයට ගැනීම නුසුදුසු වන්නේ මහින්ද රාජපක්‌ෂ හා මෛත්‍රීපාල සිරිසේන අතර ගැටුම තීව්‍රර වන්නේ එකී රාත්‍රිය නිසා ය. 13 අසුබ සේ ම රාත්‍රියට ආප්ප ද අසුබ ය.

බුදුරදුන් මරා දමන්නට වැඩි ම උත්සාහයක්‌ ගත්තේ දේවදත්ත ය. හෙතෙම සංඝයා භේද කළේ ය. බුදුන් මැරීමට දුනුවායන් යෙදවී ය. ගි-ජකූඨ පර්වතයේ සිට බුදුන් ට ගල් පෙරළී ය. දේවදත්ත බුදුන් වහන්සේගේ ඥාතියා ය. නෑදෑයා ය. බන්ධු මිතුරා ය. සංසාරගත දුෂ්ටයා ය.

1991 මැයි 21 වෙනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් රජිව් ගාන්ධි ඝාතනය විය. පෙරරිවාලන්, ශාන්තන්, මුරුගන් හා ඔහුගේ බිරිඳ වන නලිනි, රවිචන්ද්‍රන්, ජයකුමාර් හා රොබර්ට්‌ පියස්‌ යන්නෝ ඝාතන සැළසුම්කරුවෝ ය. සියලු දෙනා ම දිගු කාලයක්‌ රජිව්ට සහ ඔහුගේ සහපිරිවරට සමීප වූවෝ ය. ඉතින් ඝාතකයෝ සමීපතමයෝ ය.

ඔසාමා බින් ලාඩන් පකිස්‌තානයේ සිටිනා බව සොයා ගත්තේ සී. අයි. ඒ. සංවිධානයයි. එය සී. අයි. ඒ. සංවිධානයේ හපන්කමක්‌ නො ව, ඔසාමාගේ විශ්වාසවන්ත ම පණිවිඩකරු සී. අයි. ඒ. සංවිධානයට සැපයූ ඔත්තුව නිසා ලැබූ ව්‍යාජ ජයග්‍රහණය යි. ඇමරිකානු විශේෂ බලකා මූලස්‌ථානයේ අණදෙන නිලධාරි වයිස්‌ අද්මිරාල් විලියම් මැක්‌රවෙන් බින් ලාඩන් ඝාතනය කිරීමේ සැළසුම ක්‍රියාත්මක කළේ ඉන් අනතුරුවයි. ඔත්තුව දුන්නේ සමීපතමයා ය. මිතුරා ය. අවසන හෙතෙම ඝාතකයා ය.

ප්ලේටෝ වහල් සේවයට විකුණූ බව ද කියවේ. ඇතැන්ස්‌ නගරය හා යුද වැදි නගරයක්‌ වූ සෙරින් හි දී මරණය හමුවේ ප්ලේටෝ අගය කළ අයෙක්‌ ඔහුව මිල දී ගත් බවක්‌ කියවේ. මේ විකිණීම පිටුපස එක්‌ කාන්තාවක්‌ සිටි බවට තොරතුරු තිබේ. ප්ලේටෝ නිදි යහනේ මියගිය අතර, ඔහු අසලින් තරුණ ත්‍රේසියන් කෙල්ලක්‌ බට නලාවක්‌ වැයූ බව කියවේ. ඇය ඔහුගේ මිතුරිය යි. තවත් මූලාශ්‍රයකට අනුව ප්ලේටෝ විවාහ මංගල සාදයක දී මියගිය බව කියවේ. එම විවාහ මංගල්‍යයට ප්ලේටෝ රැගෙන යන්නේ ඔහුගේ මිතුරියක විසින් බව ටර්ටූලියන් මූලාශ්‍ර සඳහන් කරයි. කෙසේ වෙතත් මරණයේ ෙ€දනීය ඉරණමට සමීපතම හිතවතිය, මිතුරිය, මිතුරා සහ සමීපතම සගයා ළ`ගින් සිටි බව පැහැදිලි ය.
ෙච් ගෙවේරා ඝාතනය වන්නේ ද ඔහුගේ සමීපතම හිතවතියක නිසා ය. රෝහණ විෙ-වීර සිටිනා තැන පිළිබඳව ඔත්තු සපයන්නේ ද ඔහුගේ සමීපතමයෙකි. වේළුපිල්ලේ ප්‍රභාකරන් පිළිබඳව ඉතා රහසිගත තොරතුරු හෙළි කරන්නේ ද ඔහුගේ සමීපතමයා කරුණා අම්මාන් ය. නන්දන මාරසිංහ අනුරාධපුර පොළ භූමියේ දී ඝාතනය වන්නේ දිගු කලක්‌ එක්‌ව දේශපාලනය කළ තම පක්‌ෂයේ ම තරුණ ගැටයෙක්‌ අතිනි. දයා පතිරණ කිඳෙල්පිටියේ බොල්ගොඩ වැව ආසන්නයේ ගෙල කපා ඝාතනය කරන්නේ ද එක්‌ව දේශපාලනය කළ සමීප ප්‍රතිපක්‌ෂ සගයන් විසිනි. මේ නාම ලේඛනය ඕනෑ ම ඝාතනයක්‌ සම`ග සසඳන්න.

සමීපතමයා පිළිබ`දව ත්‍රීවිලරයක මෙසේ ස`දහන්කොට තිබුණේ ය.

'දුර සිටින සතුරාට වඩා ළ`ග සිටින මිතුරාගෙන් ප්‍රවේසම් වන්න'

ඒ ඇත්ත ය.

ලංකාවේ ළමා අපචාර වැඩි ප්‍රමාණයක්‌ සිදුව ඇත්තේ තාත්තාගෙනි, බාප්පාගෙනි, මාමාගෙනි, අයියාගෙනි, සමීප ගුරුවරයාගෙනි, ගේ ළ`ගම ඇති පන්සලේ හෝ පල්ලියේ පූජකයාගෙනි. ගමේ දේශපාලකයාගෙනි. ත්‍රීවිල් රියදුරා වටහාගන්නා දේ සමාජය වටහා නො ගැනීම පුදුමයකි.

වැලිකඩ හිරගෙදර බිත්තියක මො.ල. සෙනෙවිරත්න විසින් මෙසේ ලියා තිබිණි.

'සෑම
විරුවෙකු පිටුපසම
ද්‍රෝහී මිතුරෙකු
ළඟින් හිඳ ඇත'

උපුල් ශාන්ත සන්නස්‌ගල
sannasgala5@gmail.com
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.