අවුරුදු සතුට උදුරාගෙන
මුහුදට බිලිවූ අක්‌කා-මලෝ


වැලිගම පොලිස්‌ වසමේ වැළිහිඳ, දෙනිපිටිය මෙදේරි කොරටුව ලිපිනයේ වෙසෙනා දික්‌කුඹුරගේ සුමිත් සහ තල්පෙ වෙංගප්පුලි ආරච්චිගේ ප්‍රියංගිකා විජයන්ති දෙමාපිය යුවළට දරුවන් තිදෙනෙකි.

අප්‍රේල් 21වැනිදා අවුරුදු පාසල් නිවාඩුව අවසන් වී නැවතත් සුපුරුදු සුදු වතින් සැරසී යළි පාසල වෙත යන්නට පෙරුම්පුරා සිටි එම එකම පවුලේ 15 හැවිරිදි අක්‌කාත් 12 හැවිරිදි මල්ලීත් අනපේක්‍ෂිතවම සුදුවතින් සැරසී දෙණක තුළ සැතපී ආදාහනාගාරයේ අ`දුරු කුටීරයට පිවිසුනේ එම දරුවන් දෙදෙනාම අනපේක්‍ෂිතවම සිය ගම් පළාතේදීම රුදුරු මුහුදු දිය රකුසාට බිලිවූ නිසාය.

තුන්දරු මවක වූ ප්‍රියංගිකා විජයන්තිගේ මහගෙදර වැලිගම නගරයේ වුවද ඇය දැනට වෙසෙන්නේ වැළිහි`ද ග්‍රාමයේය. සහෝදර සහෝදරියන් දහ දෙනකුගෙන් යුතු ඇගේ පවුලේ සාමාජිකයන් එකට එකතු වන්නේ සිංහල අලුත් අවුරුද්දට සිය වැලිගම ජයසයුරුපුර මහගෙදරදීය.

මෙවර එම හමුව සිදුවූයේ අප්‍රේල් මස 16 වැනිදාය.

අලුත් අවුරුද්දට මහගෙදරට එක්‌රැස්‌වූ තම බිරිය අක්‌කා න`ගාලා සමග එකතුවී තවත් රස කැවිලි වර්ගයක්‌ හැදීමට කළමනා රැස්‌ කරනා අතරේ සුමිත් තම දරු තිදෙනා සහ බිරියගේ සහෝදරියන්ගේ දරු දෙදෙනකුත් සමග නිවසේ සිට මීටර් පන්සිසයක්‌ වැනි ආසන්නයේ පිහිටි මුහුදු වෙරළට යන්නේ පස්‌වරු 3.30 ට පමණ මුහුදේ නෑමටම නොව දරුවන්ගේ ඉල්ලීම වූ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදීමටය.

ඉන් පසුව සිදුවූ දෙය දික්‌කුඹුරගේ සුමිත් (48) ගේ ම වචන වලින් මෙසේය.

''.... මම උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ හිටියේ. යාපනේ නිර්වේලිවලදි යුද්දෙන් තුවාල වුණා. දැන් මම විශ්‍රාමිකයි.

මියගිය දියණිය තරුෂි හසාරා දික්‌කුඹුර වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ 10 ශ්‍රේණිය ඒ කොටසේ ඉගෙනුම ලබමින් සිටියා. මියගිය පුතා නවීන් තීක්‍ෂණ දික්‌කුඹුර, මාතර රාහුල මහා විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණිය ඒ කොටසේ ඉගෙනුම ලබමින් සිටියා. ඒ දරුවන් දෙදෙනාට අමතරව අපිට රේනුක දිල්හාන් නමින් අවුරුදු හතරක්‌ පමණ වයසැති තවත් පුතකුත් සිටිනවා.

දහවල් කෑමෙන් පසුව දරුවන් මුහුදේ නාන්නට කතා කළ නිසා මා ඔවුන් මුහුදු තීරයට එක්‌ක ගියා. ඒ ගමනට බිරියගේ අක්‌කාගේ දියණියන් දෙදෙනාත් බිරියගේ අයියාගේ හා මල්ලීගේ පුතුන් දෙදෙනාත් එක්‌වුණා.

ඔවුන් මුහුදු වෙරළේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදෙද්දී මා බාල පුතා වඩාගෙන ඒ දෙස බලාගෙන සිටියා. ටික වේලාවකින් ඔවුන් ක්‍රීඩා කළ ක්‍රිකට්‌ පන්දුව කැලෑරොදකට වැටී සොයාගන්නට බැරිවූ නිසා ඔවුන් මුහුදේ නෑමට තීරණය කළා.

මම ඒ දිහාව දරුවාත් වඩාගෙන බලා ඉන්නා විට එක පාරටම කෑ ගසන හඬක්‌ ඇසුනා. ඔවුන්ට අනතුරක්‌ බව වටහා ගත් මම අවට රැස්‌වූ අයගෙන් උදව් ඉල්ලා විලාප ගැසුවා. පසුව මා ප්‍රදේශවාසීනුත් එක්‌ක වෙරළේ බැ`ද දමා තිබූ බෝට්‌ටුවක්‌ ලිහාගෙන මුහුද මැද්දට හබල් ගසමින් ගියා.

ඒ වන විට දරුවන් ගිලෙමින් උඩ එමින් සිටියා. ඉතා වෙහෙසවී අපි දරුවන් පස්‌ දෙනකු බෝට්‌ටුවට ගොඩ ගත්තත් මගේ පුතා නවීන් තීක්‍ෂණ සොයා ගන්නට බැරි වුණා. ගොඩට ගත් දරුවන් වහාම ත්‍රිරෝද රථයකින් වැලිගම රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් තරුෂි හසාරා මගේ ලොකු දුව මියගොස්‌ ඇති බව දැන ගන්නට ලැබුණා..''

ඒ තම දරුවන් දෙදෙනකු සිය දෑස්‌ ඉදිරිපිටදීම මරු වැළ`දගත් අයුරු දුටු අවාසනාවන්ත පියකුගේ බි`දුනු ස්‌වරයයි.

ඔවුන් විසින් ගොඩට ගත් ඥාති දරුවන් පස්‌දෙනා අතරින් මියගිය තරුෂි යසාරාට අමතරව දරුවන් දෙදෙනෙකු රෝහල්ගත කළ අතර නාඔටුන්න පල්ලියගුරුගේ පියුමි ඉමාශා (18) වැඩිදුර ප්‍රතිකාර ස`දහා මාතර රෝහලට ඇතුළත් කිරීමට සිදුවිය.

දියේ ගිලී මුහුදේ අතුරුදහන් වූ විජයන්තිගේ හා සුමිත්ගේ දොළොස්‌ හැවිරිදි පුත්‍රයාගේ ප්‍රාණය නිරුද්ධ දේහය පසුදා(17) ගොඩ ගසා තිබුණේ මිරිස්‌ස වරායේ දියකඩනය අසලටය.

ඔවුන්ගේ නිසල දේහයන් දෙකම 18 වැනි සෙනසුරාදා සවස දෙකට සහ සවස පහට වැලිගම මූදුගමුව ආදාහනාගාරයේදී දැවී යමින් සුදු පැහැ දුමාරයත් සමග වාතලයට මුසුවූයේ බලාසිටින්නවුන්ගේ දෑස්‌වලට ක`දුළක්‌ එක්‌ කරවමිනි.

අප ඒ දරුවන් දෙදෙනාගේ මව වන විජයන්ති මහත්මිය වෙත යොමු වුණෙමු.

''.... මගේ ලොකුදුව තරුෂි හසාරා වයස පහළවයි. ඉපදුනේ 2000.02.27 වැනිදා ගාල්ල මහමෝදර රෝහලේදී මකර ලග්නයෙනුයි. මියගිය පුතා නවීන් තීක්‍ෂණ ට වයස දොළහයි. ඉපදුනේ 2003.06.26 දායි. වැලිගමදි පුතා ඉපදුනේ සිංහ ලග්නයෙනුයි.

මම මීට මාස තුනකට විතර කලියෙන් දරුවන් තුන්දෙනාගේම හ`දහන් බැලෙව්වා. ඒත් මේවගේ විනාසයක පෙර නිමිත්තක්‌වත් කියවුණේ නැහැ. තීක්‍ෂණ පුතා කම්පියුටරේකට හරිම ආසාවෙන් හිටියේ. මම ඒක අරන් දුන්නේ නැත්තෙත් ඉගෙනුමට බාධා වේවිය කියලයි. අනේ මගෙ පුතා... අනේ මගේ දුව... දරුවො දෙන්නෙක්‌ම එක සැරේ හොරු අරන් ගියාම අම්මෙක්‌ කොහොමද වාවන්නේ...''

ඒ එම වේදනාබර මවගේ විලාපයයි.

එහෙත් මෙම ෙ€දවාචකය හුදු ශෝකාලාපයකට පමණක්‌ කැටිකොට නිහ`ඩ විය හැකිද?

වැලිගම නගරයේම ආසන්න වැසියන් වැලිගම නගර මුහුදු සීමාවේදීම මුහුදට බිලිව යානම් වැලිගමට පිටතින් පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ ඉරණම කවරේද?

අප වැලිගම නගරාධිපති හුසේaන් මොහොමඩ් මහතාගෙන් විමසුවෙමු.

''...නගරාසන්න වෙරළ තීරය අප සභාවෙන් අලංකාරවත්ව සකස්‌කර තිබුණාට එම මුහුද පිහිනීමට හෝ දිය නෑමට සුදුසු නොවනා බවට වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේද අනුග්‍රහයෙන් පුවරු පවා සවි කර තිබෙනවා.

නමුත් නගර සීමාවේම වැසියන් මෙසේ මුහුදු අනතුරුවලට ලක්‌වේ නම් එම දැනුවත් කිරීම් ප්‍රමාණවත් නැති බවයි ඉන් පෙනෙන්නේ. එම නිසා නගරයේ පාසල් ද සම්බන්ධ කරගෙන පාසල් දරුවන්ගේ පටන් මෙම මුහුදු තීරයේ ඇති අවදානම් සහගත තැන් ගැන නැවත අවධාරණය කරවනා වැඩ පිළිවෙළක්‌ වැලිගම නගර සභාවේ සංවිධානයෙන් ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වනවා...'' යනුවෙන් හෙතෙම පැවසීය.

මුහුදේ ගිලී ගොඩට රැගෙන එනු ලැබූ දරුවන් තිදෙනකු හට එම අවස්‌ථාවේ කෘත්‍රීම ස්‌වසනය හා ප්‍රථමාධාර ලබා දීමෙන් ඔවුන්ගේ දිවි බේරාගැනීමට සහාය වී ඇත්තේ සිද්ධිය වන ස්‌ථානයේ අසල හිතවතකුගේ නිවසක සිට ඇති තරුණ නාවික හමුදා සෙබළෙකි.

ඔහු වැලිගම කප්පරතොට දංකලපුව වත්තේ පදිංචි තලෙයිමන්නාරම තම්මැන්නා නාවික හමුදා ක`දවුරේ 4 ආර්.එස්‌ බලඝණයේ නාවිකයකු ලෙස සේවය කරනා ඊ. ඡේ. පී. තාරක නදීශය. එහෙත් මියගිය හසාරා දියණියට සහ තීක්‍ෂණ පුතුට ප්‍රථමාධාර දෙන්නට ඔහුට අවස්‌ථාව ලැබී නැත.

අනුන්ගේ විපතකදී පිහිටවන්නන් දුලබ මෙවන් සමයක අප නදීශ වැන්නන්ගේ කැපවීම ඉහළින්ම වර්ණණා කළ යුතුය.

දියකඩිත්තක්‌ දුටු සැණින් නෑමට සැරසීම විනෝද චාරිකවල යෙදෙන්නන්ගේ ද පොදු සිරිතක්‌ව තිබේ. එහෙත් එබ`දු සෑම දිය කඩිත්තක්‌ අසලම පරිණත ජීවිතාරක්‍ෂක නිලධාරීන් යෙදවීමට තරම් අප රටේ පළාත් පාලන ආයතන පොහොසත් නැත. එබැවින් සිදු කළ යුතුව ඇත්තේ වැලිගම නගරාධිපති වරයා යෝජනා කරනා පරිදි තම පළාතේ ආසන්න අනතුරුදායක දිය කඩිති ගැන අදාළ ප්‍රදේශයේ පාසල් දරුවන් වත් ප්‍රථමයෙන් දැනුවත් කිරීමය.

රන්ජන් ගාමිණී ජයවර්ධන
රුවන් ජයවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.