වැලිකතරේ සැඟවුණ වහල්කම ලොවට කියූ තස්‌මා උම්මා



තස්‌මා උම්මා තිස්‌ අටහැවිරිදිය. ඇය කින්නියා ප්‍රදේශයේ පදිංචිකාරියකි. අග හිඟකම් ඇති පවුලක උපන් ඇයට ඒ අගහිඟකම් හමුවේ තවදුරටත් නිකරුණේ බලා සිටිය නොහැකි නිසා 2003 වසරේදී විදේශ රැකියාවක්‌ සඳහා මැද පෙරදිගට ගියාය. ඒ වන විට ඇය විසිහය වැනි වියේ පසුවූවාය.

මහ විශාල වැටුපක්‌ ඇයට නොලැබුණද ශ්‍රී ලංකා මුදලින් රුපියල් විසි තිස්‌ දහසක්‌ මසකට ලැබුණ පසු ඇයට යම් තරමක සැනසිල්ලක්‌ දැණිනි. ඇය වසර දෙකක සේවා කාලය අවසන්කර යළි මෙරටට පැමිණියේ නැති බැරි දුප්පත්කම යන්තමින් යටපත් කරගෙනය. 2003 වසරේ සිට 2009 දක්‌වා කාලයේදී ඇය වරක්‌, දෙවරක්‌ම මැද පෙරදිගට ගොස්‌ කීයක්‌ හෝ උපයාගෙන මෙරටට පැමිණියාය.

රට රස්‌සාවට හුරුවූ කොයිකාටත් වගේ මැයටත් රට යැම හැර මෙරට රැකියාවක්‌ සොයා ගැනීමට නොහැකි විය.

2009 වසරේදී ඇය සෞදි අරාබියාවේ රියාද් නගරයට යන්නේද ගෘහ සේවිකාවක්‌ ලෙස රැකියාවක්‌ ලබා ගනිමිනි.

එතැන් පටන් ඇයට වූදේ කින්නියාවල පදිංචි ඥතීන්ට දැන ගැනීමට නොහැකි විය. ඥතීන් ඇය පිළිබඳ විමසමින් ඇයව රට යෑවූ රැකියා ඒජන්සියට ගියද ඇය පිළිබඳ තොරතුරක්‌ නැත. ඥතීහු මේ පිළිබඳ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයටද පැමිණිලි කළාය. කාර්යාංශයද මැය පිළිබඳ රියාද් තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන නිලධාරින් හරහා සොයා බැලීම් සිදු කළද කිසිදු තොරතුරක්‌ හමු නොවීය.

රට යන ඇත්තන්ට සිදුවන අබැද්දි විවිධාකාරය.

තස්‌මා උම්මා නමැති මේ තරුණ කාන්තාවට වූ විපත කෙබඳුද?

නෑ හිතමිතුරන්ට මෙන්ම විදේශ කාර්යාංශ නිලධාරීන්ටද එය ප්‍රශ්නයක්‌ විය.

කාලය ගෙවී ගියේ තස්‌මා උම්මා ගැන මතකය පමණක්‌ ඉතිරි කරමිනි.

රට යන අපේ කාන්තාවන් පිළිබඳ මෙරටට තොරතුරු නොලැබී යන කාරණා කිහිපයක්‌ ඇත. පළමු කාරණය මෙලෙස රට යන අය, මෙරට පවුල අමතක කර එරටදී වෙනම පවුලක්‌ කෑමය. දෙවැන්න මෙරට එපා වී ඒ රටේම නීති විරෝධීව රැඳී සිටීමය. නොඑසේ නම් එරට හාම්පුතුන්ගේ තාඩන පීඩන මැද හිරකාරියන් ලෙස වහලුන් බවට පත්වීමය.

තස්‌මා උම්මා වැටෙන්නේ මේ කාරණ අතුරින් කවරකටද? එය හෙළි වූයේ 2015 අප්‍රේල් මාසයේය. 2009 සිට වසර හයක්‌ පමණ අද නොවිඳිනා දුක්‌ විඳිමින් සෞදියේ ජීවත් වූ හැටි අසන්නටත් බැරි තරම් සංවේදී එකකි.

මැයට සිදුව තිබූ අබැද්දිය වෙනකක්‌ නොව ඇය එරට නරුම හාම්පුතෙක්‌ ළඟ වහලියක්‌ බවට පත්වී තිබීමය.

මේ නරුම හාම් පුතා තස්‌මා උම්මාගේ වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා රියාද් හි තානාපති කාර්යාලයට පැමිණ සිටියදී එහි කම්කරු නිලධාරීන්ට අතුරුදන්ව සිටි තස්‌මා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකි විය. වහලුන් බට පත්වීමය.

තස්‌මා උම්මා වැටෙන්නේ මේ කාරණා අතුරින් කවරකටද?

එය හෙළි වූයේ 2015 අප්‍රේල් මාසයේය. 2009 සිට වසර හයක්‌ පමණ ඈ නොවිඳිනා දුක්‌ විඳිමන් සෞදියේ ජීවත් වූ හැටි අසන්නටත් බැරි තරම් සංවේදී එකකි.

මැයට සිදුව තිබූ ඇබැද්ධිය වෙනකක්‌ නොව ඇය එරට නරුම හාම්පුතෙක්‌ ළඟ වහලියක්‌ බවට පත්වී තිබීමය.

මේ නරුම හාම්පුතා තස්‌මා උම්මාගේ වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා රියාද් හි තානාපති කාර්යාලයට පැමිණ සිටියදී එහි කම්කරු නිලධාරීන්ට අතුරුදන්ව සිටි තස්‌මා පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි විය.

2009 වසරේදී රියාද් නුවරට ගිය ඇයට ඒ නරුම හාම්පුතා සත පහක වැටුපක්‌ ලබාදී නැති බවද හෙළි විය. 2009 සිට 2015 අප්‍රේල් දක්‌වා ඇයට ලැබිය යුතු වැටුප් ලෙස සෞදි රියාල් 44,850 ක හිඟ මුදල වහාම ගෙවන ලෙසට තානාපති කාර්යාලය නියෝග කළේය. ඒ මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්‍ෂ පහළොවක පමණ මුදලකි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයත්, රියාද් තානාපති කාර්යාල නිලධාරීන් එක්‌ව තස්‌මා උම්මා මෙනවිය යළි මෙරටට ගෙන්වා ගත්තේ අදාළ හිඟ වැටුප් ද ඒ නරුම හාම්පුතාගෙන් ලබා ගැනීමෙන් පසුවය.

වසර හයක්‌ වහල් සේවයේ නිරතව සිටි තස්‌මා ගේ ජීවිතය බේරී තිබීම ඇයගේ වාසනාවකි. මැදපෙරදිග ඉසුරු සොයා යන තව කී දෙනෙකු මෙවැනි විපත් වලට පැටලී එහි දුක්‌ විඳිනවාදැයි ප්‍රශ්නයකි.

කෙසේ වෙතත් මෙරටට ගෙන්වා ගත් තස්‌මාට විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති නීතිඥ නන්දපාල වික්‍රමසූරිය මහතා රුපියල් ලක්‍ෂ පහළොවක හිඟ වැටුප් පසුගිය බදාදා (22 වැනිදා) ඇය අත තබන විට ඇයගේ දැස කඳුළින් පිරී යන අයුරු දක්‌නට ලැබිණි.

ඇයට යළි මේ රටට ඒමට ගුවන් ටිකට්‌ පතද ලබාදීමට කාර්යාංශයට හැකි වූයේ ඇය කාර්යාංශයේ ලියාපදිංචි වී රට රස්‌සාවට ගොස්‌ සිටි නිසාය. රියාද් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ කවුන්සිලර් තරංග හෙට්‌ටිආරච්චි තෙවන ලේකම් රොෂාන් ගුණවර්ධන හා භාෂා පරිවර්තක එම්. සහීර් යන මහත්වරුද තස්‌මා උම්මා වෙනුවෙන් කළ මැදිහත්වීම අගේ කළ යුතුය.

මැද පෙර දිග ගොස්‌ මේ නරකාදියෙන් ගොඩ ඒමට සිතන අය විටක වැටෙන්නේ කබලෙන් ළිපටය.

තස්‌මා ගේ ජීවිතය ගිනිගහන වැලි කතරේ සැඟවී යන්නට නොදී ඇයව යලි බේරාගෙන මෙරටට ගෙන ඒමට හැකිවීම භාග්‍යයකි.

තස්‌මාගේ කතාව සුබවාදීව අවසන් වුවද මෙවැනි අය කොපමණ ඒ රටවල සිටිනවාදැයි සොයා බැලිය යුතුය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට රට ගිය ඇත්තන්a පිළිබඳ ලැබෙන පැමිණිලි µයිල් කවර තුළ පමණක්‌ නොතබා ඒ අය පිළිබඳව සොයා බලන්නට මේ සිද්ධිය වුවද ප්‍රමාණවත්ය. තස්‌මා අන්තිමේදී ජීවිතය මෙලෙසින් ජය ගත්තද එවන් දුක්‌ විඳින දහස්‌ ගණන් අය වෙනුවෙන් කාර්යාංශයත් තානාපති කාර්යාලවල නිලධාරීනුත් මීට වඩා විධිමත් මැදිහත්වීමක්‌ කළයුතු බව අපගේ වැටහීමය.

ශිරාන් රණසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.