ගන්දර කලපුව (නවකතාව)
පුදුම හිතෙන මාලිගාව

මෙතෙක්‌ කතාව

උපසේන මාධ්‍යවේදියෙකි. හෙතෙම ගන්දර කලපුව අසල සුවිසල් මන්දිරයේ නවාතැන් ගත් දින සිට මුහණපාන්නේ අමුතුම අත්දැකීම් ගණනාවකටය.

එහිදී මුණ ගැසෙන "පංචිමා" නම් තරුණිය කෙරෙහි උපසේන දැඩි ලෙස ආකර්ශණය වන්නේය. ගන්දර කලපුව අසල මන්දිරයෙන් පැන යාමට උපසේන කොතරම් උත්සාහ කළත් එය ව්‍යර්ථ වේ. මේ අලුත් උසෑසනකි.

අද එතැන් සිට

උපසේනගේ සිතුවිලි තිබෙන්නාක්‌ මෙන් කාලිංග කථා කළේය.

"උපසේන මං ඇත්තටම කැමැතියි ඔයා මේ කලපුවේ ඉතිහාසය අපේ පවුල ගැන ඉතිහාසය ලියනව නං.."

"බැරිකමක්‌ නෑ.."

"ඉතිං ලියමු."

"පස්‌සෙ ලියමු. මං ආයෙ වෙලාවක එන්නං."

"මේ ඉන්න වෙලාවෙ ටිකක්‌ ලියමු. කොළ, පෑන් සේරම මං කාමරේට ගෙනැත් දෙන්නං".

කම්මැලිකම යන්නත් එක්‌ක හොඳයි... උපසේනට සිතුණි. කොහොමටත් අද හවස යනවනං ඉන්න ඩිංගෙ ප්‍රයෝජන ගන්න ඕනෑ.. "අදහස නරක නෑ.

"මට මේ පරිසරය බලන්න ඕනෑ".

"මගෙන් කිසි තහනමක්‌ නෑ" කාලිංග කීවේය. "ඕනෑ තැනක ඇවිදලා බලන්න. "

තටු ලැබුණාක්‌ සේ උපසේනට හැඟුණි. තමාට තනිව පිටත යන්නට අවසර තිබේ. මෙතැනින් යා හැකි මාර්ගයක්‌ සොයා ගත යුතුමය. එතකල් තමා අවනත විය යුතුය.

"කාලා ඉවර වෙලා ඇවිදින්න යන්න ආවාම මං කථාව තව ටිකක්‌ කියන්නං.

"ඊට කලින් මං අර ෙµdaන් කෝල්ස්‌ දෙක ගන්න ඕනෑ".

"හරි. හරි. කාලා ඉමුකො." උපසේන දැන් බිය සැක තොරව කෑම රස වින්දේය. ඉඳිආප්ප, ආප්ප, පාන්, අලහොදි , පොල්සම්බෝල, සීනි සම්බෝල, පරිප්පු, බිත්තර ආප්ප.

ක්‌වාට්‌රොක්‌, දොaසෙත්, කාලිංගට හා උපසේනට අවශ්‍ය පරිදි කිරි තේ සාදා දුන්හ.

මේ තේ කෝප්පය පවා ඉතාම රසවත් විය. දෙදෙනාම නිසලව තේ බිව්හ.

"යමු" කී කාලිංග පුටුව තල්ලු කරමින් නැගිටිද්දී ක්‌වාට්‌රෝ ඒ පසුපසින් පැමිණ පුටුව පස්‌සට ඇද්දේය. දොaසේ එය අනුකරණය කරමින් උපසේනගේ පුටුව පසුපසට කළේය.

උපසේන කාලිංග අනුව මුළුතැන් ගෙය අතට දිවෙන කොරිඩෝරයට අවතීර්ණ වුණේය.

ඔහු පුදුමයට පත් වුණේ එතැනින් වමතට වූ විසල් ශාලාව දකිමිනි. තමා මෙතෙක්‌ හිඳ සිටි කෑම ශාලාවට වඩා මෙය හාත්පසින්ම වෙනස්‌ විය.

මෙය දිලිසෙන සුමුදු ගල් ඇල්ලූ විශාල ශාලාවකි. එකෙළවර වූයේ විසල් වීදුරු ප්‍රංස කවුළුය. ඒවායෙන් පිටත තණපිටියකින් ඔබ්බේ කලපු දිය දිස්‌ විය. බිමටම ලංවූ කවුළුවල රාමු කොටු වූ වීදුරු පත්ල දෙකෙළවර විවර වූ වැස්‌ම තිර රෙදි තද රත් පැහැ විල්ලුදය. සිවිලිමේ පංකා තුනක්‌ කැරකුණි. ඒ හැම එකකම මධ්‍යයේ පහතින් එල්ලුණේ පළිඟු ආවරණ සහිත විදුලි පහන්aය. කෑම ශාලාව වෙන් කළ බිත්තිය වසා ගත්තේ සිවිලිමටම නැඟෙන පොත් රාක්‌කය. එයට පහතින් බුරුත ලීයෙන් කළ විසල් ලියන මේසයකි. ඒ අසල ඇති මුහුණට මුහුණ ළුE පුටු දෙක සුවපහසු තද දුඹුරු පැහැ සමින් වැසූ, අත් ඇඳ සහිත අසුන්ය.

ශාලාව මැද ද සුව අසුන්ය. කොහේදොa එන සිහිල් සුළං රළ මේ අවට හමා යයි. වායු සමීකරණය විය යුතුය.

මේසය මත දුරකථනයකි. කාලිංග පොත් රාක්‌කවලට පිටුපා අසුනක හිඳ උපසේනට ඉදිරියෙන් හිඳ ගන්නට සන් කළේය.

"ගෙදර නොම්මරය කියන්න." කාලිංග කරුණාබර ස්‌ථිරසාර හඬකින් කීවේය.

උපසේන කටපාඩමින් නොම්මරය කීවේය. කාලිංග පරණ තාලේ ඩයල් දුරකථනයේ නොම්මර කරකවා සාවනාව උපසේන අතට දුන්නේය.

එහා පස දුරකථනය නාද වෙනවා පමණි. කිසිදු පිළිතුරක්‌ නැත. මේ ගෙදර මිනිස්‌සුන්ට මොනව උනාද? උපසේන දුරකතනය අල්ලා ගෙනම සිටියේය.

"හරියට ඩයල් කළාද?" උපසේන ඇසුවේය.

"ආ ඔයාම ඩයල් කරන්නකො උපසේන" දුරකථනය විසංධි කර, එහි මූණත කාලිංග උපසේන අතට හැරෙව්වේය.

උපසේන ඉතා පරිස්‌සමෙන් නොම්මර කැරකෙව්වේය. පෙර ප්‍රතිචාරය මැයි උපසේනට තවත් උපායක්‌ සිතුනි. මෙවර ඔහු තමාගේම ජංගම දුරකතන නොම්මරය කැරකෙව්වේය. එය ක්‍රියා විරහිත විය. ඔහු බිඳුණු සිතින් සාවනාව තොටිල්ල මත තැබුවේය.

මේසය මත ලස්‌සන කොළ පැහැ වැස්‌මකින් යුතු විදුලි පහනකි. ඒ වැස්‌ම සිටුවා ඇත්තේ රත් පැහැ පොලු කඳකයි. අඩ කවාකාර කොළ පැහැ වැස්‌මෙන් නික්‌මෙන එළියට ඒ රන් පොල්ලත් පසෙකින් එල්ලෙන විදුලි යතුරු සිහින් දම්වැලත් දිලිසෙයි. මේ සියල්ල කෙතරම් මායාවක්‌දැයි උපසේනට සිතුණි. තම බිරිඳට හෝ පුතාට පණිවුඩයක්‌ දී ගත නොහැකි දුරකථනයකින් ඇති වැඩක්‌ තිබේද?

"ඉතිං මොකොද කරන්නේ උපසේන?" කාලිංගගේ ස්‌වරය බැරෑරුම් ය.

"මං දන්නේ නෑ. මං යන්න ඕනෑ. එච්චරයි."

"ඔයාට යන්න ඕනෑ කතරගම නෙ?"

"ඔව් මගෙ එසයින්මන්ට්‌ එක."

"ඉතිං?"

"මං බොස්‌ට කතා කරන්න ඕනෑ".

"ආං කතා කරල බලන්න"

කාලිංග දුරකථනය පෑවේ කිසිම පසුබෑමකින් තොරවය. උපසේන තම ප්‍රධාන කර්තෘ අතුකෝරළට කතා කරන්නට නොම්මර කැරකෙව්වේය.

මුල්වතාවේ නාද වූවා පමණි. දෙවැනි වතාවේ පණිවුඩයක්‌ තියන්නැයි කියනුq ඇසිණි. උපසේන නැවතිල්ලේ කතා කළේය.

"සර්... මේ උපසේන.. ම්. මම තාම ඉන්නේ කළුතර. මං සර් එනකල් බලා හිටියා ම්.. මගේ ෙµdaන් එක මිසිං. සර් මේ නම්බර්Êඑකට කතා කරන්න. නම්බර්Êඑක? නම්බර් එක?" කී උපසේන පිළිතුරු සොයන්නට මෙන් කාලිංග දෙස බැලුවේය.

කාලිංග එක දිගට බිංදුවයි එකයි එකයි හතයි පහයි ආදී වශයෙන් කියා ගෙන ගියේය.

උපසේන ඒ ඇසුණ ඇසුණ දෙය ගිරවකු මෙන් කියා සාවනාව තැබුවේය.

"දැන් හරිද?" කාලිංග ඇසුවේ ඇද පැදලාය. ඒ දෑසේ ඇත්තේ ඇතුළටම කාවදින ව්‍යාජ බැල්මකි. මුවඟ සිහින් කපටි සිනහවකි. තමා සමච්චලයට පත් වුණාක්‌ මෙනි.

"මං දන්නෙ නෑ. කාලිංග"

"තාම ඔයාගෙ මිස්‌ට අතුකෝරාල නිදි ඇති. අපි තව දවල්වෙලා ආයෙත් කතා කරමු. ඔයා රෙස්‌ට්‌ කරන්න. මගේ ලියන්න තියෙන දේවල් ගැන කතා කරමු. පස්‌සෙ..."

"මට මගේ බෑග් එක ඕනෑ"

"ඒක අරන් තියල තියෙන්නේ මං ඒක දෙන්නං කාමරේට යමු. ගිහින් සිරුර කිස නිමා කරලා නාගන්න. ඒක හොඳයි. නේද?"

කාලිංග කියද්දී උපසේන හිස්‌ බැල්මෙන් බලා සිටියේය. දැඩි පිපාසාවක්‌."

"මට තිබහයි" උපසේන තොළ කට ලෙව කා කීවේය.

කාලිංග මේසය කෙළවර බොත්තමක්‌ එබුවේය. ක්‌වාට්‌රො ශාලාවට ආවේය.

"මේ සර්ට වතුර එකක්‌ ගෙනැත් දෙන්න. හොඳට කූල් - ආ"

ක්‌වාට්‌රෝ නිහඬව පිටව ගියේය. අසුනෙන් නැඟිට උපසේන විසල් ප්‍රංශ කවුළු වෙතට ගොස්‌ පිටත බැලුවේය.

වම් පසට ඈතට තවත් දෙමහල් ගොඩනැඟිල්ලක්‌ දිස්‌වෙයි. එය නිමවා නැති ගොඩනැඟිල්ලකි. එතැන හතර දෙනෙක්‌ වැඩ කරනු පෙනෙයි.

එකෙක්‌ සිමෙන්ති අනයි. තවකෙක්‌ සිමෙන්ති බදාම ඔසවා යයි. තවකෙක්‌ බිත්තියක්‌ කපරාරු කරයි. තවකෙක්‌ කවුළුවක්‌ මදියි. ඔවුන් කතා බස්‌ කරනු පෙනෙන්නේ නැත. වැඩෙහි නිරත වූ ඔවුන්ට අවට ලෝකය ගැන වගක්‌ නැතුවාක්‌ මෙනි.

ක්‌වාට්‌රෝ සිසිල් පැන් වීදුරුවක්‌ ගෙන උපසේන අසළට වුත් සිට ගත්තේය. උපසේන ඒ පැන් සියල්ල එක හුස්‌මට වී බන්දේසිය අල්ලා සිටි ක්‌වාට්‌රෝ දෙස බැලුවේය. සේවකයාගේ දෑසේ වූයේ හිස්‌ බැල්මකි.

කාලිංගගෙන් සමුගත් උපසේන පලපුරුදුකාරයකු මෙන් මග සොයාගෙන තමාට වෙන් කොට තිබූ කාමරයට ගියේය. ඒ යන මග තිබූ අනෙක්‌ දොරවල් වසා තිබුණ ද මේ දොර සම්පූර්ණයෙන් විවරව තිබිණි.

කාමරයේ සියලු දෙයක්‌ම පිළිවෙළට තබා තිබිණි. උපසේනගේ ගමන් මල්ල පෙනෙන තැනක නොතිබුණද, ලියන මේසය මත කඩදාසි ගොනුවක්‌ සහිත µයිල් කවරයක්‌ ද පෑන් තුනක්‌ද විය. මෙය තමා ට "ලියන්නට" කෙරෙන ආරාධනයක්‌ විය යුතුය.

කොහොමටත් අද දවස ගෙවා ගන්නටත් විදියක්‌ අවශ්‍ය විය. මෙහි කොතැනකවත් රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර පෙනෙන්නට නොවීය.

උපසේන තම ඇඳුම් උනා නාන කාමරයට වැදී සිත් සේ නාගත්තේය. ඔහුට දත් මැදගන්නට අලුත්ම දත් බුරුසුවක්‌, රැවුල බාන්නට අලුත්ම රේසරයක්‌. සබන්, තුවා ආදිය පිළිවෙළට තබා තිබිණි. "ඇත්තෙන්ම මේ විදියට ජීවත් වෙන්න තියෙනවා නම් වෙන මොනවාද අවශ්‍ය?"

සිහිල් දියෙන් ගත සිත නැවුම් විය. ඔහු සුවඳ පුයර සුඟක්‌ ගත උලා ගත්තේය.

"මේක නිවාඩුවක්‌. විවේකයක්‌" ඔහුට සිතුනි. නොසිතාම ඔහු තාලයක්‌ සිවුරුවම් කරන්නට විය. යළිත් කමිසය ලා ගන්නා අතරේ, සිවුරුවම් කරමින්ම ඔහු කවුළුවෙන් බැලුවේ පලා යන්නේ කෙසේදැයි සිතමිනි.

පහළ තණපිටියෙන් ඔබ්බේ කලපුවයි. වම් පසට අර ඉදිවෙන ගොඩනැඟිල්ලයි. ඉන් එහා ඉතා උස තාප්පයකි. එපිටින් පෙනෙන්නේ නෙරළු තුරු මුදුන් පමනි. ගොඩනැඟිල්ල ළඟ වැඩ කරන සතර දෙනා මදකට වැඩ නවතා හිඳ සිටිති. තමා ඔවුන් වෙතට ගියොත්? ඔවුන්ගේ කතා ඇති. ඔවුන් ගෙදර යනවා ඇති. තමාට ඒ අය සමඟ යන්නට විදියක්‌ සකසා ගත්තොත්.......

අලුත් පණක්‌ ලද්දාක්‌ සේ උපසේන අඩියට දෙකට පහළට දුව ගියේය. තමා දුරකථනයෙන් කතා කළ ශාලාවට ගිය ඔහු එහි ප්‍රංශ කවුළු වෙතට ලං වුණේය.

ඒ කවුළු අගුල් ලා වසා දමලාය. මේක හරි කෙළියක්‌නේ? තමා ගෙතුළක සිරවුණ මැස්‌සෙක්‌ මෙනි. මැස්‌සා වීදුරුවේ හැපෙමින් තැත් කරන්නේ පිටතට යැමටයි. පිටත ලෝකය පෙනෙයි. එහි සුන්දරත්වය පෙනෙයි. එහේ මැස්‌සාත් ඒ ලෝකයත් වෙන් කරමින් ඇත්තේ වීදුරු තහඩුවකි. තමාත් මැස්‌සෙක්‌ මෙනි.

ඒ හා සමඟම ශාලාවට ආ දොaසෙ උපසේන වෙතට අවුත් කවුළු පියන්පත හැර දුන්නේය. තමාට එසේ නොහැකි වූයේ ඇයි?

නිදහස්‌ ලද වහාම ඔහු එළියට පැන ගත්තේය. පැන ගත්තා නොව පියෑඹුවේය. ඉබේම ඔහුගේ දෙපා ඇදී ගියේ කලපුව වෙතටයි. කලපු දිය තද පැහැයකි. අසල ඉතා කුඩා බෝට්‌ටුවක්‌ දම්වැලකින් බැඳ තබා තිබිණි. එහි නිල් පැහැ සායම පලින් පල මැකිලාය. බෝට්‌ටුවේ හබල් නොවීය.

"මේක ගලවගත්තොත් මට කොහොම හරි යතෑකි" උපසේනට සිතුණි. ඒ සමඟම බෝට්‌ටුවේ පසෙක වූ හිලක්‌ පෙනුණි. "මේක මේ ලස්‌සනට බැඳල තියෙන මඟුලක්‌ වැඩක්‌ ඇති එකක්‌ නෙවි".

ගොඩනැඟිල්ලේ වැඩ කරමින් සිටි මිනිසෙක්‌ ඔහු වෙතට පිය මැන්නේය.

"සර්"

"ආ?"

"ගැඹුර බැලුවද?"

"මේක ගැඹුරු?"

"අපෝ සර්. ගැඹුරයි- මඩයි"

"අර බිල්ඩිම මොකක්‌ද?"

"ඒක අපේ සර්ගෙ අලුත්ම ව්‍යාපෘතිය"

"ව්‍යාපෘතිය?"

"ඔව් සර්.. තව මාළිගාවක්‌ හදනවා. ඕනෑ කෙනකුට ඇවිල්ල ඉන්න පළුවන්."

"ඕනෑ කෙනකුට?"

"ඔව් පිටරටිනුත් කට්‌ටිය එනවා කියනවා".

"ඇවිල්ලා? මොනව කරන්නද?

"මොනව කරන්නද?" මඳක්‌ නැවතුණ මිනිසා, "ජීවත් වෙන්න ජීවිතේ රස විඳින්න" යෑයි කීවේය.

"මේ සර්ට සල්ලි කොහෙන්ද?"

"ඇයි සර්? කුරුඳු· ලෝකෙ හොඳම කුරුඳු එතැනින් ගියාම තේ, රබර්, පොල්, කොප්පරා - පොල්කටු"

"පොල් කටු?"

"ඇයි සර්? පොල් කටු අඟුරුවලින්නෙ හොඳම වතුර පෙරණ හදන්නෙ. එතැනින් ගියාම පොල් කොහු"

"පොල් කොහු?"

"ඇයි සර්? පොල් කොහුවලින්නෙ පැළෑටි වවන පෝච්චි හදන්නේ. මූදු කෑම වළක්‌වන්නෙ නාය යැම් වළක්‌වන්නෙ?"

"හරි හරි... මේ සර් ඔය කියන සේරම කරනවා එතකොට?

"හරියට හරි"

"මං මෙච්චර කල් හිටියා අහලවත් නෑ."

"ඒකනෙ සර්. වැඩ කරන මිනිස්‌සු... නිහඬව වැඩ කරනවා. නමක්‌ ගන්න නෙවී. මේ සර්ගෙ ආයතන දුවන්නෙ වෙන අය. සේරම හැබැයි පාලනය කරන්නෙ සර්.."

"සර්. මාර වැඩකාරයෙක්‌නෙ එහෙනං?"

"ඔව්. සර්. මාර මොලේ සද්ද බද්ද නෑ. නූලට වැඩ."

"මාවත් නූලක නටවනවා" යි කියන්නට සිතුණත් ඔහු කීවේ "එහෙනං නූල් සූත්තර කාරයෙක්‌?" කියායි. මිනිසා සිනාසුණේය. යන්තම් බොල්ලෑ දත් - බුලත් , කහට ඇඟේ කමිසයක්‌ නෑ. කලිසං කොටයක්‌ විතරයි.

"තමුසෙගෙ නම මොකක්‌ද?"

"මම? සර් මට කියන්නෙ අන්දො කියලා"

"අන්දරේ?"

"නෑ සර්. අන්ද්රෙ"

"අන්ද්රෙ?"

"මේ සර්. අන්ද්‍රdදි- දැන් කියන්න අන්ෙද්‍ර කියලා"

"තව කවුද වැඩ කරන්නෙ?"

"තව තුන් දෙනෙක්‌ ඉන්නව සර්" අර ඉන්නෙ ඇල්පි එතැනින් ගියාම ගමා අනික්‌ එක්‌කෙනා පින්ටා"

"ඇල්පි - ගමා - පින්ටා" මහ විකාර නම් කාලිංග දාපු නම් වෙන්නැති.

"පින්ටා තමා පොලිස්‌ කරන්නෙ. පේන්ට්‌ කරන්නෙ" කී අන්ද්රෙ" යමු සර් බිල්ඩිම බලන්න" කීවේය.

උපසේන අන්ද්රෙ සමඟ ඒ අතට ඇවිද ගියේය. පින්ටා කලිසම් කොටයක්‌ හැඳ සිටි අතර සිමෙන්ති වැඩ කළ ඇල්පික්‌ ගමාත් හැඳ සිටියේ අමුඩ පමණි. උන්දෙදෙනාගේ ඇඟ පත සිමෙන්තියෙන්ම අලු පැහැයකි.

අන්ද්රේ, උපසේනව ගොඩනැඟිල්ල තුළට ගෙන යද්දී අනෙක්‌ තිදෙනාද ඒ අනුව ආහ.

තවම කිසිවක්‌ ඉවර නැති ගොඩනැඟිල්ලකි. මෙය ඇතැම් තැන්වල බිම පවා රළුය. තවත් තැනක ගඩොල් අල්ලා දූවිල්ලෙන් වැසිලාය. ඇතැම් බිත්ති කපරාරුවෙන් තොර ගඩොල් පමණි. උඩට යන හිණි පෙළ සිමෙන්ති කෑලි පමණි.

"මේක පටන් අරන් කොච්චර කල්ද?"

"ටිකක්‌ කල්, සර්"

"අවුරුද්දක්‌, දෙකක්‌?"

"දන් මතක නෑ.. සර්"

"කොච්චර කල් යාවිද?"

"කියන්න බෑ සර්. ප්ලෑන් වෙනස්‌ වෙන හැටියට"

"ඔය හතර දෙනාද වැඩ?"

"දැනට ඔව් සර්Êපස්‌සෙ එනවා ඉලැක්‌ටික්‌ වැඩ සිවිලිsං වැඩ."

"ඕගොල්ලො ගෙවල්වලට යනවද? නිවාඩුවට?"

"එහෙම දෙයක්‌ නෑ සර්"

මෙතෙක්‌ උපසේනට පිළිතුරු දුන්නේ අන්ද්රේÊපමණි. දැන් ගමා කතා කළේය. ගමා මැදි වියේය. ඇඟ පත හැඩි දැඩිය. "අපි ඉන්නෙ මෙහේ තමයි සර්. කිසිම දේකින් අඩුවක්‌ නෑ. "

"ගෙවීම්?"

"ගෙවීම්. පෙවීම් සේරම" ගමා සිනාසුණේය.

"අපි නිදාගන්නෙත් මේකෙමයි සර් පිටු පස්‌සෙ කාමරයක්‌ අපිහදාගෙන තියෙන්නෙ." අන්ද්රෙ කීවේය.

ඇල්පික්‌, පින්ටාත් අන් දෙදෙනාට වඩා තරුණය. වැඩි කථා බහක්‌ නැත. එහෙත් අවධානයෙන් බලා සිටිති.

"අන්න ට්‌රේසක්‌කා තේ ගේනවා" පින්ටා එක්‌වනම කෑ ගැසුවේය."

"ආ එහෙනං වරෙල්ලා තේ බොන්න. අර හෙවනට යමු". අන්ද්රෙ කීවේය. "එන්න සර්".

"ඔව් සර්රුත් එන්න. තේ එකක්‌ බොන්න. "ගමා, කීවේය. "අපිට වැඩට හදිස්‌සියක්‌ නෑ සර් අපේ වෙලාවට තමයි සේරම වැඩ."

"මෙහෙම ජොබ් කොහෙවත් නෑ සර්" මෙතෙක්‌ නිහඬව සිටි ඇල් පී කීවේය.

"මුන් හතරදෙනාගෙ ඉතිහාසය දැනගන්න ඕනෑ' යි උපසේනට සිතුණි. ට්‌රේස ලංව ආ බැවින් මේ ඉතිහාසයක්‌ දැනගන්නට කාල වේලා නොවීය.

ට්‌රේසා තේ ජෝග්ගුව ඔසවා ආ අතර ක්‌වාට්‌රො බන්දේසියක තේ කෝප්ප, කෙසෙල් ගෙඩි, විස්‌කෝතු තබා ගෙන ආවේය.

වැඩකරුවන් සතරදෙනා ගොඩනැඟිල්ලේ ඉදිරියේ සෙවනක කෙටි තාප්පයක හිඳ ගත්හ. ඇල්පි උපසේනට පරණ පුටු කබලක්‌ ගසා බසා දුන්නේය.

ට්‌රේසාගේ සිනාමුසු මුහුණ පිණි ජම්බු ගෙඩියක්‌ මෙන් රතට දිලිසෙයි. ඇගේ ගතින් දහදිය වැගිරෙයි. ඈ කරුණාබර මවකි. ක්‌වාට්‌රෝගේ පෙනුම උපශාන්තය. මොවුන් නරක මිනිසුන් වෙන්න බැහැයි උපසේනට සිතුණි.

"මහත්තයත් තේ එකක්‌ බොනවනෙ?" ට්‌රේසා ඇසුවාය.

ක්‌වාට්‌රෝ නිහඬය. මුණිවත රකින තවුසෙකු මෙනි. ඔහු කෝප්පය බැගින් හැමට පිළිගන්වන්නේ. බන්දේසිය මේස කබලක්‌ මත තැබුවාට පසුවය. ට්‌රේසා හැම කෝප්පයකටම තේ වත් කළාය.

"කහට තේ කමක්‌ නැද්ද?" ඈ කීවාය. "සීනි පදමට දාලා".

"කමක්‌ නෑ. " උපසේන පිළිතුරු දුන්නේය. මේ ට්‌රේසා ළඟ ෙµdaන් එකක්‌ නෑ නේ?"

"ෙµdaන් එකක්‌? අපිට මොකටද ෙµdaන් සර්?" ඈ සිනාසෙද්දී අන් අයද සිනාසුණහ. "අපි කාට කතා කරන්ටද?"

යළිත් සිනාහඬ පැතිර ගියේය.

ට්‌රේසා විස්‌කෝතු දැමූ පිඟාන උපසේනට පෑවේ තවමත් එක්‌ අතකින් තේ ජෝග්ගුව අල්ලාගෙනය.

"උඹලත් ඕනෑ හැටියකට අරං කාහල්ලා" ඈ වැඩකරුවන්ට කීවාය. "හොඳට ඇතිවෙන්න කාපල්ලා. මං යනවා දවල් බත උයන්න".

ඈ ජෝගුවක්‌, විස්‌කෝතු පිඟානක්‌ මේසය මත තබා යන්නට හැරුණාය. උපසේන තමාගත් විස්‌කෝතුව රස වින්දේය. හොඳ කිරි සීනි රසයක්‌, ක්‌වාට්‌රො මිනිසුන් සතර දෙනා දෙස දැස්‌ දල්වා බැලුවේය. එහෙත් ඔහු වදනක්‌වත් නොදෙඩුවේය.

උපසේන ඔවුන් අතර වූ මේ නිහඬ සංවාදය බලා සිටියේය. ඔවුන්ගේ දැස්‌වලින් පණිවිඩ කියවෙනවා වගේ. ක්‌වාට්‌රෝ මදකට ඇල්පි දෙසම බලා සිටියේය. ඇල්පි ක්‌වාට්‌රෝ දෙස එක එල්ලේ බලා තේ උගුරක්‌ බී බිම බලා ගත්තේය.

"මුංගෙ මොන රහස්‌ තියෙනවද දන්නෙ නෑ, උපසේනට සිතුණි.

ක්‌වාට්‌රො, ට්‌රේසාගේ අඬගෑම අසමින් ඈ දිසාවට පය කඩිනම් කළේය. දෙදෙනා ප්‍රධාන ගොඩනැඟිල්ලේ දොරකින් නොපෙනී ගියහ.

මිනිසුන් සතරදෙනා විස්‌කෝතු, කෙසෙල් ගෙඩි කමින් තේ බිව්හ. උපසේනත් ඔවුන්ට එකතු විය. අඩුගානේ, මුන් ළඟ මිනිස්‌ ගුණේ තියෙනවා. උපසේනට සිතුණි. යමක්‌ කමක්‌ දැනගන්න පුළුවන් වේවි.

"ඕගොල්ලොංගෙ ගෙවල් කොහේද?" උපසේන එක්‌වනම ඇසුවේය.

"මෙහෙම තමයි" ඇල්පි කී විට හැමදෙනාම සිනාසුණේය.

"නෑ මං අහන්නෙ. මේ උපන්ගම - වාසදේසේ?"

"මං මාතර." ගමා කතා කළේය.

"ඇත්තට ? මාතර කොහේද?"

"මං උපන්නෙ උඩ අපරැක්‌කෙ"

"පවුලෙ කවුද ඉන්නෙ?"

"අක්‌කා කෙනෙක්‌ ඉන්නව බැඳලා"

"අම්මා තාත්තා?"

"තාත්තා මළා. අම්මා වයසයි. අක්‌ක තමයි එයා බලාගන්නෙ. මස්‌සිනා මා එක්‌ක හොඳ නෑ."

"හරි හරි. ඉතිං මෙහේ ආවා?"

"ඔව්".

"කොහෙදිද අපේ මේ කාලිංග මහත්තය මුණගැහුණේ?" උපසේන අසද්දී.

"ඇයි සර් පොතක්‌ ලියන්නද?" කියා පින්ටා අසා සිනාසෙන්නට වුණේය.

"පොතක්‌ ලියන්ට තමයි "උපසේන කීවේය" මං මේ කලපුවෙ ගෙදර ඉතිහාසය ගැන පොතක්‌ ලියනවා."

"ෂාඃ අපූරුයි නෙ සර්" අන්ද්රෙ කීය. "අපි ගැනත් ලියන්නකො."

"ඉතින් මට කියන්න මෙහෙ වැඩට ආහැටි?"

"සර් මං ආවෙ මේ ඇල්පි එක්‌ක. "පින්ටා කීය. "මං කරන්නෙ තීන්ත පොලිස්‌ වැඩ සර්. මේ ඇල්පියා සිමෙන්ති අනනවා. අපි දොහක්‌ කලුතර වැඩකට ඇවිත් තේ එකක්‌ බොන්න හෝටලේකට ගියා".

"මොකක්‌ද හෝටලේ නම?"

"සර්ට හැම මඟුලම ඕනැනෙ· හෝටලේ නම ගඟසිරි හෝටලය" ඇල්පි කීය.

"ගඟසිරි හෝටලය· උපසේන සිරුර පුරා විදුලිසරයක්‌ දුව ගියේ ගත රෝම කෙළින් කරමිනි. තමා ඒ හෝටලයට ගොඩවැදුණේ මොන කරුමයකටද?

"ඇයි සර්?" ඇල්පි ඇසුවේ උපසේනගේ වෙනස දකිමින් මෙනි.

"නෑ.. නෑ. ඉතිං ඕගොල්ලංට ගෙදර ගමේ යන්න ඕනෑ නැද්ද?"

"ගෙදර? මොනවටද කොහේ යන්නද? මේකනෙ අපේ ගෙදර" පින්ටා කීය.

"අනෙක මං එහේ ගිහිං මොනව කරන්නද?" ඇල්පි ඇසුවේය.

"මෙතනනෙ පාරාදීසය" අන්ද්රේ කීය.

"අපිට කොහේවත් යන්න ඕනෑ නෑ සර්" ගමා තව කෙසෙල් ගෙඩියක්‌ කමින් කීවේය. "මෙහේ තමයි අපේ ගෙදර.

"එතකොට ඕගොල්ලන්ට කෙරෙන ගෙවීම්? පඩිනඩි? "උපසේන කුතුහලයෙන් විමසුවේය.

"ගෙවීම් සේරම අපේ ලොකු සර් කරනව.d "ගමා කීය.

"ඒ කියන්නේ?"

"ඒ කියන්නේ සර්. අපිට ලැබිය යුතු මුදල් සේරම බැංකුවෙ තැන්පත් වෙනවා. අපිට අවශ්‍යතාවක්‌ වුණොත් ඒවා ලොකු සර් දෙනවා" පින්ටා උත්තර දුන්නේය.

"අවශ්‍යතාවක්‌ කියන්නෙ. ටවුමට යන්න? ගමේ යන්න?" උපසේන එසේ ඇසුවේ ඔවුන් මෙතැනින් පිටව යන අවස්‌ථාවක්‌ දැන ගැනීමට පමණි.

"ගමේ යන්න නෙවී සර්....." අන්ද්රේ ඇද පැද කීය.

"එහෙනං ටවුමට යන්න?"

"ටවුමට යන්නෙ මොන මඟුලටද සර්?" ඇල්පි සිනාසුණේය. "ටවුමෙ මොනව ගන්නද?"

"අපිට ඕනෑ හැම දෙයක්‌ම අපිට මෙතැන ලැබෙනවා සර්. අපිට කොහෙවත් යන්න ඕනෙ නෑ" ගමා කීය.

මේ මිනිස්‌සුන්ට කොහේවත් යන්න ඕන නෑ මේකෙම ඉන්න පුරුදුවෙලා. මේක තමයි පාරාදීසය. මේ මිනිස්‌සුන්ට ඕනෑ තරං කන්න බොන්න ලැබෙනවා. ඔහේ වැඩ කර කර ඉන්නවා. මුන්ට ආසාවල් නැද්ද ගෑනියෙක්‌ ලබාගන්න? දරු මල්ලො හදන්න වඩන්න? ඒවා ගැන හිතන්න මුන්ට වෙලාවක්‌ නැතුව ඇති.

මතු සම්බන්දයි
භද්‍රජි මහින්ද ජයතිලක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.