අල්ලස්‌ කොමසාරිස්‌ ඉවත් නොකළොත් 19ට සහාය නෑ
- මහින්ද හිතවාදී මන්ත්‍රීවරු කියති

අකිත පෙරේරා

අල්ලස්‌ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් දිල්රුක්‌ෂි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉවත් නොකරන්නේ නම් දහනව වැනි (19) ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය නොදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවාදී මන්ත්‍රීවරු පිරිසක්‌ තීරණය කර ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරනු ලබන මෙම මන්ත්‍රීවරු අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය වහා ඉවත් කළ යුතු බවට දැඩි මතයක සිටින අතර ඔවුන් ඒ පිළිබඳව විවිධ පාර්ශව වෙත දැනුම් දී තිබේ.

ආණ්‌ඩුව විසින් ඇයව එම තනතුරින් වහා ඉවත් නොකරන්නේ නම් 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය නොදෙන බවද සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ 'දිවයින ඉරිදා සංග්‍රහය'ට කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.