අගමැති අපේක්‍ෂකත්වය නුදුන්නොත් මහින්ද වෙන පක්‍ෂයකින්
- ගාමිණී ලොකුගේ

පියසේන දිසානායක

ඉදිරි මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නොදුන්නොත් වෙනත් පක්‍ෂයකින් ඔහු ස්‌ථීර වශයෙන්ම මැතිවරණ සටනට එන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා "දිවයින"ට ඉරිදා සංග්‍රහයට පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය ලබාදීම සඳහා මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 85 දෙනෙක්‌ එකඟතාවය පළ කර තිබෙන බවත් ඊට අමතරව මහ ඇමැතිවරු සහ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ශ්‍රී. ල. නි. ප ක්‍රියාකාරීන් සිටින බව හෙතෙම අනාවරණය කළේය.

ඉදිරි මහා මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් මුහුණ දීම සඳහා වන පුළුල් වැඩපිළිවෙලක්‌ මේ වනවිට සැලැසුම් කර තිබෙන බවත් දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ක්‍රියාත්මක වන එම වැඩපිළිවලට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බවත් ලොකුගේ මහතා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.