මහමැතිවරණය ජුනි; සූදානම්වන්න
- රනිල්ගෙන් උපදෙස්‌

පියසේන දිසානායක

මහමැතිවරණය ජුනි මාසයේදී ස්‌ථිර වශයෙන්ම පැවැත්වෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

මේ අනුව එම මැතිවරණයට අනෙකුත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන ඒකාබද්ධ කරගනිමින් ශක්‌තිමත්ව මුහුණදීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය සැලසුම් කරමින් සිටින බව එම ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

මහමැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂය අලියා ලකුණින් තරග කරන අතර සුළු ජාතික පක්‍ෂ හා අනෙකුත් කණ්‌ඩායම් ඊට ඒකාබද්ධ කර ගැනීමේ සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබෙන බව හෙතෙම කීය.

මේ අතර පසුගිය මැතිවරණවලට එක්‌සත් ජනතා නිදහස්‌a සන්ධානය යටතේ තරග කළ සුළු පක්‍ෂ සහ තවත් කණ්‌ඩායම් කිහිපයක්‌ මෙවර එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කිරීමට එකඟත්වය පළකර තිබෙන බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.