ජාතික ආරක්‍ෂාවට ඇති තර්ජන ගැන ආරක්‍ෂක මණ්‌ඩලයට පැමිණිල්ලක්‌

කීර්ති වර්ණකුලසූරිය

අධි ආරක්‍ෂක කලාපයේ ඉඩම් නැවත ලබාදීම, ද්විත්ව පුරවැසි බව ලබාදීම, සහ රාජ්‍ය නොවන සංවිධානවලට උතුරේ සැරිසැරීමට ඉඩ දීම ඇතුළුÊජාතික ආරක්‍ෂාවට තර්ජනය විය හැකි කරුණු හයක්‌ දිගාමඩුල්ල මන්ත්‍රී  රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත.

ජාතික ආරක්‍ෂාවට එල්ල වී ඇති කරුණු සම්බන්ධව වීරසේකර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසු මෙම කරුණු ආරක්‍ෂක මණ්‌ඩලයට යොමු කර තිබේ.

ප්‍රභාකරන්ගේ පුත්‍රයා සිදු කළ කතාවක්‌ ඇතුළත් පුලිපාර්වේස්‌ චිත්‍රපටය යාපනයේදී විකාශනය කිරීම, කොටි ඝාතන සාධරණීයකරණය කළ ටැමිල් නෙට්‌ කොටි වෙබ් අඩවියේ තහනම ඉවත් කිරීම, ත්‍රිකුණාමල වරාය අවට කිසිම විදෙස්‌ සමාගමකට කිසිදු ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට ඉඩ නොදීම, ව්‍යවස්‌ථාව ද උල්ලංඝනය කරමින් දෙමළ බසින් ජාතික ගීය ගැයීමට ඉඩ දීම යන කරුණු මේ අතර වේ.

තමිල්නාඩු අනවසර සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම තුළින් මතුවී ඇති අවදානම් තත්ත්වය ගැන ද ඒ මහතා ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයේ අවධානය යොමු කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.