රජය දැඩි මූල්‍ය අර්බුදයක!

ශ්‍යාම් නුවන් ගනේවත්ත

රජයේ වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් නොමැතිවීම හේතුවෙන් රජය මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇතැයි මහා භාණ්‌ඩාගාර ආරංචි මාර්ගවලින් "දිවයින ඉරිදා සංග්‍රහය"ට වාර්තා වේ. රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු අනෙකුත් බොහෝ වියදම් සඳහා මුදල් සොයා ගැනීමේ අර්බුදයකට රජය මුහුණ දී සිටින බවද වාර්තා වේ.

මෙම රාජ්‍ය මූල්‍ය අර්බුදය හමුවේ රජය වැඩි වැඩියෙන් ණය ලබා ගැනීමට යොමුවී තිබේ. එහෙත් දේශීය වෙළෙඳපොළෙන් මෙන්ම විදේශීය වෙළෙඳපොළෙන්ද ණය ලබා ගැනීමේ අසීරුතාවකට ද රජය මුහුණ දී සිටින බව එම මහා භාණ්‌ඩාගාර ආරංචි මාර්ගවලින් තවදුරටත් දැනගන්නට තිබේ.

මේ නිසා බොහෝ ඉදිකිරීම් කටයුතු මන්දගාමී වී ඇති අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස මේ වසරේ (2015) ආර්ථික වර්ධන වේගය සියයට 6.9 ක්‌ දක්‌වා අඩුවනු ඇතැයිද පුරෝකථනය කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.