ඡන්දය ගැන ස්‌විට්‌සර්ලන්තයේදී කොටි සාකච්ඡාවක්‌

කීර්ති වර්ණකුලසූරිය

මීළඟ මහා මැතිවරණයට අපේක්‍ෂකයන් තේරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ ස්‌විස්‌ කොටි ජාත්‍යන්තර ජාලය මෙහෙයවන දයා මොහාන් අතර ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නගරයේදී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

මෙම සාකච්ඡාවට තමිල් අරසුකච්චි පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජා, ඊ. පී. ආර්. එල්. එµa. නායක සුරේන් ප්‍රේමචන්ද්‍රන් සහ ටෙලෝ සංවිධානයේ හිටපු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් නොහොත් ටීනා සහභාගි වී තිබේ.

එහෙත් ප්ලොට්‌ නායක ඩී. සිද්ධාර්ථන් මෙකී සාකච්ඡාවට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කර ඇත. ස්‌විස්‌ ආරංචි මාර්ග දක්‌වන අන්දමට මෙම රහස්‌ සාකච්ඡාව පවත්වා ඇත්තේ 2009 දී මෙරටින් පැනගිය අම්පාර කොටි හමුදා නායක දයා මෝහන්ය.

මෙහිදී මීළඟ මැතිවරණයට අපේක්‍ෂකයන් තේරීම ස්‌විස්‌ කොටි ජාලය පත් කරන තේරීම් කමිටුවක්‌ මගින් සිදු කරන බවත් ශ්‍රී ලංකා රජය සහ බටහිර රටවල් සමඟ ද්‍රවිඩ සංධානය පවත්වන සියලු සාකච්ඡාවන් ගැන තමන්ට දැනුම්දිය යුතු බව දයා මෝහන් විසින් මාවයි සේනාධිරාජාට නියෝග කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.