නව මැතිවරණ ක්‍රමය කඩිනමින්

රනිල් ධර්මසේන

යළි සීමා නිර්ණය සිදු නොවන ආකාරයට, නව මැතිවරණ ක්‍රමය කඩිනමින් සකස්‌ කිරීමට ආණ්‌ඩුව තීරණය කර තිබේ.

මැතිවරණ කොට්‌ඨාසවල ප්‍රමාණයන් වෙනස්‌ කර යළි සීමා නිර්ණය කිරීමෙන් මැතිවරණ ක්‍රමය සකස්‌ කිරීමට වැඩි කාලයක්‌ ගතවන නිසා අඩු කාලයකින් නව ක්‍රමය සකස්‌ කිරීම අරමුණ වී ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු 'දිවයින' ඉරිදා සංග්‍රහයට පැවසීය.

සකස්‌ කරන නව මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් කඩිනමින් මැතිවරණ ක්‍රමය අනුමත කර ගැනීමෙන් මැතිවරණය පැවැත්වීමට ද පහසු බවත් හෙතෙම කීය.

යෝජිත කොට්‌ඨාස හා සමානුපාතික නව ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 238 දෙනකු තෝරා පත්කර ගැනීමට නියමිතය. මැතිවරණ කොට්‌ඨාසයට එක්‌ මන්ත්‍රීවරයකු බැගින්ද බහු ආසන සඳහා තවත් මන්ත්‍රීවරයකු බැගින්ද, ඒ ඒ පක්‍ෂ ලබාගන්නා ඡන්ද ප්‍රතිශත අනුව මන්ත්‍රී ධුර ප්‍රමාණයක්‌ හා ජාතික ලැයිස්‌තු මන්ත්‍රීධුර 24 ක්‌ ද ඊට ඇතුළත් බවද හෙතෙම කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.