සළුපට අහසට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2012 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන වසරේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ විගණන වාර්තාව දැන් ප්‍රසිද්ධියට පත්ව ඇත. එහි හොඳම දේ සටහන්ව ඇත්තේ 2.2.1 නැමැති කොටසේය. එය නම්ව ඇත්තේ 'වංචනික ලෙස පෙනී යන ගනුදෙනු ' ලෙසිනි. මේවා 'දිවයින' විසින් රටට කියනු ලැබුවේ අද ඊයේ නොවේ. මේ යථාර්ථය ලොවට කියද්දී පාපන්දු ක්‍රීඩාවේ මෙරට ඉටු දෙවියා ලෙසින් පෙනී සිටි 'උත්තමයෙකුගේ ' දිව සළු එකින් එක ගිළිහී වැටෙන්නට විය. දිවසළුවකට මුවාවී සිට ඇත්තේ බහිරවයෙක්‌ බව ලොවට පෙනෙන්නට යද්දී බහිරවයාගේ බලු කපුටු දානවලට ලොබ බැඳගත් ඇතමෙක්‌ අපට නඩු පෙන්වා ජනතාවට සැබෑ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය අවහිර කිරීමට උත්සහ කළේය. නමුත් අප නවතාලීමට ඔවුනට නොහැකිවිය. අප මෙතෙක්‌ කියූ කිසිවක්‌ හිතලු නොවන වග මේ විගණන වාර්තාව විසින් සනාථ කරනු ලැබ ඇත. මෙහි දැක්‌වෙනුයේ අදාළ විගණන වාර්තාවේ 2.2.1 කොටසේ සිංහල පරිවර්ථනයයි. දිවසළු පෙරවාගත් බහිරවයන්ගේ තරම දැනගැනීමට පිණිස අපි එය මෙසේ ඔබට ඉදිරිපත් කරමු.

මෙහි පහත පෙනීයනු වංචනික ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රිඩා අමාත්‍ය ලේකම්වරයාගේ සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ අවධානය පිණිස දැනටමත් යොමුකර ඇත.

විස්‌තර පහත පරිදි වේ.

(අ) ඉතාලි පාපන්දු ක්‍රීඩා සංගමය විසින් වර්ෂ 2008 ජනවාරි මස 08 වන දින යූරෝ 40,000/} ක මුදලක්‌ එනම් ශ්‍රී ලංකා මුදලින් රු. 6,287,670/= ක මුදලක්‌ කළුතර ක්‍රිඩා ක්‍රීඩාංගණයේ සංවර්ධනය කටයුතු සඳහා ප්‍රදානය කර ඇති අතර පසුව එකී මුදල ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ පවත්වාගෙ යනු ලබන නිල ගිණුම වෙත බැර කරන ලදී.

මේ සම්බන්ධයෙන් පවත්වන ලද විගණන පරීක්‍ෂණනයේ දී හෙළිදරව් වන පරිදි ශ්‍රී ලංකා පාපාන්දු සම්මේලනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි විසින් වර්ෂ 2008 ජනවාරි මස 14 වන දින දරන ලිපිය ම`ගින් ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව වෙත යවන ලද ලිපියක්‌ ම`ගින් එකී මුදල් හැටන් නැෂනල් බැංකුවේ කළුතර ශාඛාව වෙතට මාරු කරන ලෙසට දක්‌වා ඇත. කෙසේ වෙතත්, අවසානයේ දී එම ලිපිය හැටන් නැෂනල් බැංකුව වෙත යවා නොමැත. නමුත් එම අවස්‌ථාවේදී ම ඔහු විසින් වෙනත් ලිපියක්‌ ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව වෙත යොමු කරමින් එකී මුදල් කොමර්ෂල් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පවත්වාගෙන යනු ලබන අංක 11100024098 දරන ගිණුමට මාරු කරන ලෙසට දන්වා ඇත.

ඒ අනුව ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව විසින් එකී රු. 6,287,670/= ක මුදල කොමර්ෂල් බැංකුවේ එකී ගිණුම වෙත මාරු කර ඇති අතර විගණනයේදී තහවුරු වූ එකී ගිණුමේ සැබෑ අයිතිකරු වන්නේ පාපන්දු සම්මේලනයේ කළමනාකාර කමිටුවේ හිටපු සභාපතිවරයා වන බවයි. එම නිසා විගණනයේදී තහවුරු වූයේ කළමනාකාර කමිටුවේ හිටපු සභාපතිවරයා විසින් ඉතාලි පාපන්දු ක්‍රීඩා සංගමය විසින් ප්‍රදානය කරන ලද රු. 6,287,670/} ක (යූරෝ 40,000/=) මුදල වංචා කර ඇති බවයි.

(ආ) ආසියානු පාපන්දු සම්මේලය විසින් 60,000 ඹීD ක ශ්‍රී ලංකා රු. 6,415,290/= ක මුදලක්‌ වර්ෂ 2008 මැයි මස ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති කුසලානයේ පළමු වටයේ සුදුසුකම් තර`ග පැවැත්වීම සඳහා ප්‍රදානය කර ඇත. පසුව එකී මුදල ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ පවත්වාගෙන යනු ලබන නිල ගිණුම වෙත බැර කර ඇත. මෙම තර`ගාවලියේ සත්කාරකත්වය දරන ලද්දේ පෞද්ගලික ක්‍රිඩා සමාජයකි.

මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විගණන පරීක්‍ෂණයේදී හෙළිදරව් වූයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි විසින් වර්ෂ 2008 මැයි මස 14 වන දින මූල්‍ය අධ්‍යක්‍ෂක වෙත යවන ලද ලිපියක්‌ ම`ගින් එකී ක්‍රීඩා සංගමය විසින් කොමර්ෂල් බැංකුවේ කොටහේන ශාඛාවේ පවත්වාගෙන යනු ලබන අංක 1110003315 දරන ගිණුමට මාරු කරන ලෙසට උපදෙස්‌ දී ඇති බවයි. කෙසේ වෙතත්, එකී ක්‍රීඩා සංගමය විසින් එකී අංකය යටතේ එකී බැංකුවේ එවැනි ගිණුමක්‌ පවත්වාගෙන යාමක්‌ සිදු නොකර ඇති හෙයින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි විසින් සිදුකරන ලද මෙම ඉල්ලීම එකී බැංකුව වෙත ඉදිරිපත් කර නොමැති අතර ඔහු විසින් එම අවස්‌ථාවේදී එකී රු. 6,415,290/= ක මුදල පාපන්දු සම්මේලනයේ කළමනාකාර කමිටුවේ හිටපු සභාපතිවරයා විසින් කොමර්ෂල් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පවත්වාගෙන යනු ලබන අංක 111000153 දරන ඔහුගේ පෞද්ගලික අනේවාසික විදේශ ඉතුරුම් ගිණුම වෙත මාරු කරන ලෙසට ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව වෙත වංචා සහගත උපදෙසක්‌ ලබා දී ඇත. ඒ අනුව ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව විසින් එකී මුදල් එකී ගිණුම වෙත මාරු කර ඇති අතර විගණනයේදී තහවුරු කරන ලද්දේ වර්ෂ 2015 ජනවාරි මස 19 වන දින දක්‌වා එකී ක්‍රිඩා සංගමය විසින් කිසිදු මුදලක්‌ ලබා ගෙන නොමැති බවයි.

(ඇ) සීමාසහිත සමාගමක්‌ විසින් රු. 10,000,000/= වර්ෂ 2006 ජනවාරි මස 23 වන දින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත කළුතර දිස්‌ත්‍රීක්‌කයේ සුනාමියෙන් විනාශ වන ලද නිවාස 20 ක්‌ ගොඩනැගීම සඳහා ප්‍රදානය කර ඇත.

පසුව '' එඩියුකේට්‌ අ චයිල් ව්‍යාපෘතිය '' වෙත ආධාර ලබාගැනීම සඳහා හෙල්ප් ශ්‍රී ලංකා කොන්සෝටියම් හි සභාපතිවරයා විසින් වර්ෂ 2006 ජනවාරි මස 16 වන දින ඉදිරිපත් කරන ලද ඉල්ලීම අනුව එකී මුදලින් රු. 5,000,000/= ක මුදලක්‌ වර්ෂ 2006 පෙබරවාරි මස 02 වන දින හැටන් නැෂනල් බැංකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුම් අංක 0030571355 දරන ඉතිරි කිරීමේ ගිණුම වෙත මාරු කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හිටපු විධායක නිලධාරියා විසින් වර්ෂ 2007 පෙබරවාරි මස 05 වන දින මූල්‍ය අධ්‍යක්‍ෂකවරයා වෙත එකී මුදලින් ඉතිරි රු. 5,000,000/= ක මුදල කළමනාකාර කමිටුවේ හිටපු සභාපතිවරයා වෙත පෞද්ගලික සුනාමි සුභසාධන ව්‍යාපෘතියක භාණ්‌ඩාගාරික වෙත ලබාදීම සඳහා නිකුත් කරන ලෙස දැනුම් දී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.