මහින්ද නැතිවත් ශ්‍රීලනිපට ඡන්දය දිනන්න පුළුවන්
- ජීවන් කුමාරතුංග

ප්‍රියදර්ශන ලියනගේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නොමැතිව වුවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බව කම්කරු නියෝජ්‍ය ඇමැති කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග මහතා "දිවයින" ට පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට පරාජය වන්නට සිදුවූයේ කුඩු මුදලාලිලාට, එතනෝල් මුදලාලිලාට, හොරුන්ට සහ දූෂිතයන්ට දඬුවම් නොදීම නිසයි. අද මේ සියලු පවුවලට වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ ගමේ ඉන්න අසරණ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ටයි.

මහින්ද නැතුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට දිනන්න බෑ කියලා පෞද්ගලික වාසි තකා සුළු පිරිසක්‌ කියනවා. එහි කිසිම සත්‍යතාවක්‌ නැහැ. අද මේ රටේ සිටින ජනප්‍රියතම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතායි. එතුමාගේ නායකත්වයෙනුයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉදිරි මහ මැතිවරණයට එන්නේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කියන්නේ මේ රටේ තිබෙන විශාලතම දේශපාලන පක්‍ෂයයි. මේ පක්‍ෂය කාටවත් විනාශ කරන්න බැහැ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.