ජාතික කොඩිය අවභාවිතය වැළැක්‌වීමට නීති

රනිල් ධර්මසේන

ජාතික කොඩියට අගෞරව කිරීම හා අවභාවිතය වැළැක්‌වීම සඳහා නීති සකස්‌ කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

ජාතික කොඩිය භාවිතය පිළිබඳව 1986 දී ඇමති මණ්‌ඩලය විසින් සම්මත කර ගත් රීති සංග්‍රහය මෙලෙස ඉදිරියේදී නීති බවට පත්වෙයි.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමත ප්‍රමිතියට බාහිරව සකස්‌ කළ ජාතික කොඩි වෙළෙඳපොළට ඉදිරිපත්ව ඇති නිසා උත්සව සඳහා රජයට මෙන්ම මහජනතාවට භාවිතා කළ හැකි වන පරිදි නිල වශයෙන් පිළිගත හැකි සැරසිලි කොඩියක්‌ නිර්මාණය කිරීමට ඇමැති මණ්‌ඩලය විසින් කමිටුවක්‌ පත් කිරීමට තීරණය කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.