2015 මැයි 27 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක්‌ මත ක්‍රියාත්මක වන පාසල් දරු දැරියන් ඇගයීමේ 'සුජාත දරුවෝ' වැඩසටහනේ දෙවැනි පියවර ඊයේ (26 වැනිදා) පෙරවරුවේ යාපනය වෙම්බඩි කාන්තා විද්‍යාලයේදී පැවැත්විණි. ඊට සහභාගි වූ ජනාධිපතිවරයා ශිෂ්‍යාවක විසින් පිළිගත් අයුරු සහ ජනාධිපතිවරයා සුජාත දරුවෝ වැඩසටහනට එක්‌ව සිටි අයුරු ඡායාරූපවල දැක්‌වේ. උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා යන මහත්ම මහත්මීහු ද මීට එක්‌වූහ. ඡායාරූප - සුදත් සිල්වා

විද්‍යා ඝාතන සැකකරුවන් විශේෂ අධිකරණයක්‌ හමුවට

යාපනයේදී පසුගියදා දූෂණය කර මරා දැමූ සිවලෝගනාදන් විද්‍යා නමැති ශිෂ්‍යාවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් විශේෂ අධිකරණයක්‌ හමුවට කැඳවා කඩිනම් නඩු විභාගයක්‌ පැවැත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හොරා හොරා කිය කියා එජාපය හැමදාම රටේ ජනතාවාදී නායකයන්ගේ ප්‍රතිරූපය විනාශ කළා
- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

තරුණ පිරිස්‌ මේ බොරුව විශ්වාස කළා. දැන් බලන්න කොළඹ වරාය නගරයට එදා කිව්වේ මොකක්‌ද? චීනුන්ට විකුණලා විශාල කොමිස්‌ මුදලක්‌ ලබාගෙන අපි ඒවා බැංකුවල දැම්මා අක්‍රමිකතා වුණා කියලා චෝදනා කළා. නමුත් පසුගිය දිනක ඇසුණා අපට චෝදනා කළ මන්ත්‍රීවරයෙක්‌ ඒ කටින්ම කියනවා කිසිම අක්‍රමිකතාවක්‌ වෙලා නෑ කියලා.

උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් විය යුතුයි
- විග්නේෂ්වරන් යාපනයේදී කියයි

උතුරු නැගෙනහිර සිටින සෙබළුන් යුද අපරාධකරුවන් බැවින් ඔවුන්ව පිළිගත නොහැකි යෑයි උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.


ශ්‍රීලනිපය එක්‌ කරන සාකච්ඡා ඉදිරි සති දෙක තුළ අවසන්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බෙදී ඇති පාර්ශ්වයන් එක්‌කිරීම සඳහා සිදුකරන සියලුම ආකාරයේ සාකච්ඡා ඉදිරි සති දෙක ඇතුළත අවසන් කරන බව එම පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ "දිවයින" ට පැවසීය.

රුපියල් කෝටියකට අධික
ඩුබායි යෑවීමට සූදානම් කළ කසළ තේ කන්ටේනර් 9ක්‌ රේගු දැලේ

අපනයනකරුවන්ට රේගුව ලබාදෙන විශේෂ පහසුකම් ප්‍රයෝජනයට ගෙන ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙම කසළ තේ ඩුබායි බලා අපනයනය කිරීමට සූදානම් කර තිබූ බව....

එ. ජා. විශේෂ නියෝජිත ඇතුළු පිරිසක්‌ අගෝස්‌තුවේ දිවයිනට

මෙම එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම මෙරටට පැමිණෙන්නේ යුද අපරාධ පිළිබඳ එල්ල වී ඇති චෝදනා ගැන රජය ආරම්භ කරන දේශීය යාන්ත්‍රණයට සහායවීමට යෑයි .....


කෝටි 75 ක කුඩු මෙරටට ගෙනා ජාවාරම්කරු රට පනින්න යද්දී තංගල්ල වෙරළේදී අල්ලයි

තංගල්ල සිට තෙප්පමකින් ඉන්දියාවට පැනයැම සඳහා සූදානම්ව සිටි මේ සැකකරු ඉකුත් 9 වැනිදා තවත් තිදෙනකු සමඟ මුහුදු මාර්ගය ඔස්‌සේ පාර්සල් 4 ක්‌ ලෙස හෙරොයින් කිලෝග්‍රෑම් 60 ක්‌ මෙරටට ගෙනැවිත් තිබේ.


කෑම පැය අඩු කරන චක්‍රලේඛය අහෝසි නොකළොත් වර්ජනයකට
- වසන්ත සමරසිංහ

මෙම තත්ත්වයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් වගකිවයුතු බවත් රාජ්‍ය සේවකයන් සහ රජය අතර ආරවුල් ඇති වීම වැළැක්‌වීමට ඔහු වහා කටයුතු කළ යුතුව ඇති බවත් වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ස්‌ථිර ග්‍රාම නිලධාරීන්ට සාම විනිසුරු පදවි ලබා දෙන බව ජනපති කියයි

මමත් වසර 2 ක්‌ ග්‍රාම නිලධාරියෙකු ලෙස කටයුතු කළා, එතැන ඉඳලා මේ තැනට ආපු කෙනෙක්‌ ලෙස එතැනට කරන්නට පුළුවන් හැම දෙයක්‌ම මම කරලා දෙනවා.

අද රට තුළ පවතින්නේ යහපාලනය නොව යමපාලනයයි
- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

එදා අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාග කළා. එසේ කළ රණවිරුවන්ට අද සිරගෙවල්වලට යැමට කටයුතු කරනවා. තවද අද උතුරේ ඊළම් කොඩි ඔසවා උතුරේ ප්‍රධානීන් එල්. ටී. ටී. ඊ.ය සමරනවා. අපේ හාමුදුරුවන් පිරිත් කියන්න ගියාම ඔවුන්ට නඩු පවරනවා. ඊළම් කොඩිය එසවූවාට නඩු පවරන්නේ නැහැ. මෙය තමයි මේ ආණ්‌ඩුවේ පළිගැනීමේ ස්‌වභාවය, මෙය තමයි යහපාලනය.

ගැටලු රැසක්‌ මැද පිච්චමලින් ජීවිතය ගැටගහගන්න මිනිස්‌සු

පිච්ච පොහොට්‌ටු ටින් එකක්‌ මම ගන්නේ රුපියල් 80/- ට - 100/- ට විතර, කොළඹ වෙළෙන්දන් ටින් එකකට (ටින් එකක පාර්සලයකට) රුපියල් 120/-, 150/- ක්‌ වැනි මුදලක්‌ දෙනවා. ඒත් ඒ අය විකුණන්තේ රුපියල් 800/- කට විතර.


ශල්‍යකර්මයක්‌ කර විවේකීව සිටියදී
මහ දවල් ගෙට පැමිණි දෙදෙනෙක්‌ සමාජ සේවා නිලධාරියාට වෙඩි තබති

නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරියකු වශයෙන් සේවය කළ සචිතානන්දන් මදිදයන් (අවු. 42) යන අය නාඳුනන තුවක්‌කුකරුවකු විසින් ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇත.

මඤ්ඤොක්‌කා කෑවා කියා පිළිකා හැදෙන්නේ නෑ
වෛද්‍ය චන්න ජයසූරිය

මඤ්ඤොක්‌කා කෑමෙන් පිළිකා හෝ වෙනත් රෝගයක්‌ ඇතිවන්නේ නෑ. පිළිකා රෝගීනට මෙය දිව්‍ය ඔසුවක්‌. මෑතදී කළ පරීක්‍ෂණවලින් මෙන්ම අත්හදාබැලීම්වලදී පෙනී යන්නේ මඤ්ඤොක්‌කා කෑම නිසා පිළිකා සෑදී සිටි රෝගීන් නිරෝගී තත්ත්වයට පත්වූ බවයි.

ඝාතනයට ලක්‌ වූ විද්‍යා ශිෂ්‍යා වගේ මව ඊයේ (26) යාපනය ආණ්‌ඩුකාර නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අයුරු.

ඒකාධිපති ප්‍රතිවිප්ලවය පරාජය කළ යුතුයි
එදා දකුණේ කාන්තා දූෂණ ගැන නිහඬ වූ අය අද උතුරේ සිදුවීම් තම වාසියට ගන්න හදනවා
- අගමැති රනිල් වික්‍රමසිංහ

තරුණ තරුණියන් ඇතුළු රටේ සමස්‌ත ජනතාව මේ වන විටත් උපරිම නිදහසක්‌ බුක්‌ති විඳිනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීතිය සහ සාමය තහවුරු වී තිබෙනවා. එමෙන්ම ස්‌වාධීන කොමිෂන් සභා සියල්ල යළි පිහිටුවීමට අප ක්‍රියා කළ අතර මිනිසුන්ගේ සාක්‌කු සල්ලි වලින් පිරි ගොස්‌ තිබෙනවා.

උසාවියට භාර වූ ඥාණසාර හිමියන්ට ඇප

ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් රුපියල් දසලක්‍ෂ පන්දහසක (1005000) ඇපයකට යටත් කොට මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඊයේ (26 දා) නියෝග කළේය.


කොටි නිවේදිකාවගේ ජීවිත කතා චිත්‍රපටය ඉන්දියාවේ තහනම්

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසිප්‍රියාගේ ජීවිත කතාව ඇසුරෙන් නිෂ් පාදනය කළ "පොර්කලත්ති ඔරුපු" නම් චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත.


යාපනය උසාවියට ගල් ගැසීමේ සිද්ධිය හමුදා බුද්ධි අංශය පිට පැටවීමේ තැතක්‌

යාපනය අධිකරණයට ගල් ගැසීමේ සිද්ධිය හමුදා බුද්ධි සේවාවේ ක්‍රියාමාර්ගයක්‌ ලෙස පෙන්නුම් කිරීමට ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ක්‍රියාකර ඇත.

මරදානේ ගිනිගත් ගොඩනැඟිල්ලට නගර සභාවේ අනුමැතිය ගෙන නෑ

කිසියම් සංවිධානයක්‌ පවත්වාගෙන යැමේ මුවාවෙන් තනන ලද මෙම ගොඩනැඟිල්ලේ බේකරියක්‌ හෝ හෝටලයක්‌ පැවැත්වීමට නගර සභාවේ අනුමැතියක්‌ ලබා දී නැති අතර....

වන්නියේදී ඝාතනය වූ බව කියන විශාල පිරිසක්‌ පිටරටවල

වන්නියේදී ඝාතනය වී ඇතැයි කියන ද්‍රවිඩ ජාතිකයන් 40,000 අතරින් විශාල පිරිසක්‌ රටවල් රැසක සිටින බව අනාවරණය වී ඇත.

අස්‌ගිරි අනුනාහිමියෝ දෙනම පත් කෙරෙති

අස්‌ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහා නායක ගලගම ශ්‍රී අත්ථදස්‌සි ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික උපෝසථා ගාරයට රැස්‌වූ කාරක මහා සංඝ සභාව විසින් මෙම පත්වීම් සිදු කරන ලදී.

මහවැලියට අයත් අතුරු ජලාශ රැසක්‌ ජපන් ජබර ගිලගනී

පොල්ගොල්ල, නවයා ලතැන්න ප්‍රදේශයේ පිහිටි මහවැලි ගංගාවේ අතුරු ජලාශයන් රැසක්‌ මේ වන විට සැල්වීනියා, ජබන්ජබර, දියබෙරලිය, ආදී ජලජ ශාකයන්ගෙන් පිරී පවතී.

බයවෙන්න එපා... හොඳට බලන්න...

මිනිස්‌ අතට සමාන වැල් අලය හා ඒ අසලම වෙනත් වැල් අලයක්‌ හාරා ඇති අතර එයද මිනිස්‌ යුවලකගේ සමාන හැඩරුවින් ඇති බව ඩී. එම්. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කර සිටී. පෙමින් වෙලී සිටින කාන්තා හා පිරිමි කෙනෙ කුගේ හැඩය එම වැල් අලයටද ඇති බව.....


ශ්‍රී ලංකාව පුරා වකුගඩු රෝගීන් තිස්‌ දහසක්‌ හඳුනාගෙන තිබෙනවා

විශේෂයෙන්ම අපේ අය දිනපතා පානය කරන ජලය ප්‍රමාණවත් නැහැ. මේ නිසා දෛනිකව පානය කළ යුතු ජල ප්‍රමාණය වැඩි කිරීමට පාසල් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීමටද කටයුතු කිරීම අවශ්‍ය වෙනවා ....

ඒඩ්ස්‌ රෝගීන්ගේ වර්ධනයක්‌ - විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම

එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගීන් දෙදහස්‌ එකසිය තිස්‌තුන් දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත්, ඒ අය වයස අවුරුදු පහළොවට වැඩි අය යෑයිද වයස අවුරුදු පහළොවට අඩු තවත් රෝගීන් හැත්තෑ තුන්දෙනකු සොයාගත් බවත්...


 
  • පළාත් පාලන ආයතනවල වගකීම සහ
    කාර්යභාරය අද නිසිලෙස ඉටුවේද

    ප. පා. පාලන ආයතන මගින් සිදුකරන පාලම්, බෝක්‌කු, පාරවල්, ළිං, ප්‍රජා ශාලා, නිවාස ව්‍යාපෘති, ආදිය කොන්ත්‍රාත් ක්‍රමයට සිදුවන්නේ බොහෝ දුරට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් හරහාය. කොන්ත්‍රාත්තුව කරවන්නේ ඔවුන්ය. එනිසා ඇස්‌තමේන්තු ගත මුදලට හෝ ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුවන අවස්‌ථාද ඇතිවිය හැකිය. ඔවුන් උප කොන්ත්‍රාත්කරුවන් ලෙස යටින් පෙනී සිට තම සාක්‌කු පුරවා ගනී.

  

  • PVH‍ වසරේ ගෝලීය සැපයුම්කරු
    සම්මානයෙන් බ්‍රැන්ඩික්‌ස්‌ ඉහළම ඇගයීමට

    ලෝකයේ දැවැන්තම ඇඟලුම් සමාගමක්‌ විසින් එහි ගෝලීය සැපයුම්කරුවන් විසින් ඉදිරිපත් කළ සියලුම නිෂ්පාදන අංශයන් සලකා බලා මෙරට ඇඟලුම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ්‍රැන්ඩික්‌ස්‌, එහි වසරේ ගෝලීය සැපයුම්කරුවා ලෙස සම්මානයට පාත්‍ර කරමින් සමාගමේ ගෝලීය සැපයුම්දාම සමුළුවේදී බ්‍රැන්ඩික්‌ස්‌ වෙත ඉහළම සම්මානය පුද කර ඇත.

     

  


 

  

Kapruka Shopping |  News






 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.