හිටපු කොටි ක්‍රියාකාරීන්ට උතුරු පළාත් සභාවෙන් මිලියන 40.3 ක්‌

කීර්ති වර්ණකුලසූරිය

රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් උතුරු පළාත් සභාව රුපියල් මිලියන 40.3 ක අති විශාල මුදලක්‌ වෙන්කර ඇත.

මෙම මුදල් වෙන්කර ඇත්තේ එකී පවුල්වල සුබසාධන සහ නීතිමය ආධාර ලබාදීමටය. යාපනයේ පැවැති සාකච්ඡාවලදී උතුරු පළාත් සභා ඇමැති බී. දෙතිස්‌වරන් මේ බව පළකර තිබේ.

මෙම මුදල් ඉදිරි මාස දෙක තුළ ලබාදීමටද උතුරු පළාත් සභාව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

හිටපු කොටි ක්‍රියාකාරීන් 300 ක්‌ රැඳවුම් භාරයේ සිටින අතර ඔවුන් බිහිසුණු අපරාධවලට සම්බන්ධවූවන් යෑයි ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකා රජයද උතුරු පළාත් සභාවට සංවර්ධනය වෙනුවෙන් අරමුදල් සපයා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.