නිදහස්‌ කර ගැනීමට තැත්කරන ද්‍රවිඩ
රැඳවියන් වැඩි පිරිසක්‌ බිහිසුණු අයයි


කීර්ති වර්ණකුලසූරිය

ද්‍රවිඩ සන්ධානය විසින් නිදහස්‌ කර ගැනීමට උත්සාහ කරන ද්‍රවිඩ රැඳවියන් 278 කගෙන් වැඩිදෙනකු බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ වූවන් යෑයි හෙළිවී ඇත.

ගුවන් යානාවලට මිසයිල මගින් ප්‍රහාර එල්ල කිරීම, බිම්බෝම්බ ඇටවීම, නාවික යාත්‍රාවලට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම, ගම්වැසියන් ඝාතනය කිරීම, මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට සහායවීම, හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කර සෙබළුන් ඝාතනය කිරීම සහ බස්‌ රථවලට බෝම්බ තබා සිවිල් වැසියන් ඝාතනය කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ.

ත්‍රස්‌ත මර්දන අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම රැඳවියන් හිටපු කොටි ත්‍රස්‌තයන් බවත් ද්‍රවිඩ සන්ධානය ඔවුන්ව දේශපාලන සිරකරුවන් ලෙසට හඳුන්වා ඇති බවත් ආරක්‌ෂක ආරංචි මාර්ග පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.