කොටි සටන්කාමීන් 2700 ක්‌ ලොව පුරා රටවල් රැසක
රුද්‍රකුමාරන් කියයි


කීර්ති වර්ණකුලසූරිය

කොටි හමුදා නායකයන් ඇතුළු සටන් කාමීන් 2700 ක්‌ රටවල් රැසක සිටින බව රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුවේ නායක වී. රුද්දකුමාරන් හෙළිකර ඇත.

රුද්දරකුමාරන් සිදුකළ මෙම හෙළිදරව්ව නිසා 2009 මැයි 18 දා සමූලඝාතනයක්‌ සිදුවී ඇති බවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය බවට තහවුරු වේ.

ජර්මනියේ ඩෝඩ්මුන්ඩ් නගරයේ පැවැති ඊළාම් සමුළුව අමතා කරුණු දැක්‌වූ රුද්දකුමාරන් මැයි 18 දා එහි කොටි 2700 ක පිරිස මුල්ලිවයික්‌කාල් සිට පිටවී ගිය බවත් ඔවුන් රටවල් රැසකට පැමිණ ඇති බවත් අනාවරණය කර ඇත.

ප්‍රහාකරන්ගේ උපායශීලි ක්‍රියාපිළිවෙළ නිසා මෙකී කොටි සටන්කාමීන්ට පැනයැමට හැකිවූ බවද ඔහු පවසා තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.