යුද අපරාධ වාර්තාව එළිදකින ජිනීවා සමුළුවට ජනපති යයි

කීර්ති වර්ණකුලසූරිය

ලබන සැප්තැම්බර් 14 දා ජිනීවා නුවර ආරම්භ වන මානව හිමිකම් සමුළුවේ 30 වැනි සැසිවාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වේ.

මෙම සැසි වාරයේ දෙවැනි දිනය වූ සැප්තැම්බර් 15 දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාව ප්‍රකාශයට පත්කෙරේ.

මෙකී පරීක්‍ෂණ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් ඇතුළු 40 කට චෝදනා එල්ල කර ඇතැයි ජිනීවා ආරංචි මාර්ග දක්‌වයි.

එම වාර්තාව ප්‍රකාශයට පත්කරන අවස්‌ථාවට සහභාගි වීම සඳහා කොටි හිතවාදී සංවිධාන

10 ක නියෝජිතයන්ද සහභාගි වන බව එකී ආරංචි මාර්ග තවදුරටත් හෙළිකර ඇත.

මේ අතර යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් යයි දන්වමින් 12 කගේ නාම ලේඛනයක්‌ ජර්මනියේ සිට ක්‍රියාත්මක වන කොටි හිතවාදියකුගේ වෙබ් අඩවියක්‌ විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.