ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබර්ට්‌ මලල ක්‍රීඩා තරගාවලිය අද ඇරඹේ

ගයාශාන් විතානආරච්චි



සී.බී.එල්. සමාගමේ සමූහ වෙළෙඳ හා අලෙවි අධ්‍යක්‍ෂ නන්දන වික්‍රමගේ මහතා අනුග්‍රාහක චෙක්‌පත ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති එන්. ඒ. ඩී. ආර්. හේමන්ත මහතා වෙත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. ඡායා - නිශාන් එස්‌ ප්‍රියන්ත

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මගින් 85 වැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රීමත් ජෝන් ටාබර්ට්‌ ජ්‍යෙෂ්ඨ(වයස අවු. 16, 18 න් හා 20 න් පහළ ) මලල ක්‍රීඩා ශූරතාවලිය අද (17 දා) දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර එය එළැඹෙන 19 වනදා දක්‌වා ක්‍රියාත්මක වේ.

අඛණ්‌ඩව සිවුවන වරටත් සිලෝන් බිස්‌කට්‌ සමාගාමේ අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා 350 කට වැඩි පාසල් සංඛ්‍යාවක්‌ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කට අධික ප්‍රමාණයක්‌ සහභාගීs වනු ඇතැයි සංවිධායකයින් අපේක්‍ෂා කරයි. මීට අමතරව ඉකුත් වසරවල ශ්‍රීමත් ජෝන් ටාබර්ට්‌ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ක්‍රීඩකයන් විසින් තැබූ වාර්තා සහ උළෙලවල විශේෂ අවස්‌ථා ඇතුළත් කරමින් අඅඅගරසඑzඉමරහවදයබඒරඉeඑගකන යන වෙබ් අඩවිය හඳුන්වා දීමද මෙහිදී සිදුවිය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කනිෂ්ඨ ජෝන් ටාබර්ට්‌ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා 7000 කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක්‌ සහභාගි වෙතැයි අපේක්‍ෂා කරන සංවිධායකයින් අදාළ තරගාවලිය සැප්තැම්බර් මස 15 - 19 දක්‌වා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.