ජාත්‍යන්තර අඹ සැණකෙළිය

ජාත්‍යන්තර අඹ සැණකෙළිය වසරක්‌ පාසා ඉන්දියාවේ දී පැවැත් වේ. මෙය ඉන්දියාවේ පැවැත්වෙන බොහොමයක්‌ සැණකෙළි අතර ඉදිරියෙන්ම ඇති උත්සවයකි. ඉන්දියාවේ ප්‍රාන්ත නගර කීපයක කුඩා පරිමාණයේ අඹ සැණකෙළි පැවැත්වුණ ද මහා පරිමාණයේ ජාත්‍යන්තර සැණකෙළිය පැවැත්වෙනුයේ නවදිල්ලි නුවර දීය. මෙය හැම වසරකම ග්‍රීෂ්ම සෘතුවේ මුලදී පැවැත්වීම ද නොකඩවාම සිදු කෙරී ඇත. ඒ එම කාලය අඹ වාරය නිසාය. පළමුවරට ජාත්‍යන්තර අඹ සැණකෙළිය පවත්වා ඇත්තේ 1987 දී උත්තර ප්‍රදේශ්වල සහරාන්පූර් හි දී ය. පසුව මෙය රටේ අගනුවර වන නවදිල්ලියට ගෙන ගොස්‌ ඇත. එතැන් පටන් දිගටම වාගේ මෙය පවත්වා ඇත්තේ නවදිල්ලියේ ටැල්කටෝරා ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදීය. එහෙත් මෙවර මෙම සැණකෙළිය එහිදී නොපැවැත් වේ. එයට හේතුව නම් ටැල්කටෝරා ගෘහස්‌ථ ක්‍රීඩාංගණය අලුත්වැඩියා කටයුතු සඳහා වසා තිබීම ය. එහෙයින් මෙවර 2015 ජාත්‍යන්තර අඹ සැණකෙළිය පැවැත්වෙනුයේ නවදිල්ලියේ පිටම්පුරාහි දිල්ලි හාට්‌ පරිශ්‍රයේදීය. ඒ 2015 ජුලි 2 සහ 3 යන දිනවලදීය.

මෙම උළෙල සංවිධානය කෙරෙනුයේ රාජ්‍ය අනුග්‍රහයෙනි. එහිලා මූලිකත්වය ගනු ලබන්නේ දිල්ලි සංචාරක සහ ප්‍රවාහන සංවර්ධන මණ්‌ඩලය විසිනි. ඒ සඳහා තවත් රාජ්‍ය ආයතන තුනක්‌ සහාය දක්‌වති. ඒ කෘෂිකාර්මික සහ සැකසූ ආහාර නිෂ්පාදන අපනයන සංවර්ධන අධිකාරියත්, ජාතික උද්‍යාන විද්‍යා මණ්‌ඩලයත්, නවදිල්ලි මහනගර සභාවත් ය.

දිල්ලි සංචාරක සහ ප්‍රවාහන සංවර්ධන මණ්‌ඩලයේ නිලධාරියකු මාධ්‍ය වෙත පවසා ඇති ආකාරයට, රට පුරා විසිරී සිටින ප්‍රධාන පෙළේ අඹ වගාකරුවෝ 50 කට වැඩි පිරිසක්‌ සැණකෙළිය සඳහා තම නිෂ්පාදන ඉදිරිපත් කරති. ඔවුන් සමහර දෙනා සහභාගි වනුයේ උත්තර ප්‍රදේශ්, බිහාර්, ගුජරාට්‌ සහ දිල්ලි යන ප්‍රාන්ත නියෝජනය කරමිනි. මොවුන් බොහෝ දෙනකු අඹ හඳුන්වනුයේ 'පලතුරු රජා' (King of Fruits) යනුවෙනි.

දිල්ලි සංචාරක සහ ප්‍රවාහන සංවර්ධන මණ්‌ඩලයේ නිලධාරියා තවදුරටත් මෙසේ කියයි. 'සාමාන්‍යයෙන් මිනිස්‌සු හිතන්නේ අඹ තියෙන්නේ වර්ග පහක්‌ හයක්‌ විතරයි කියල නේ. ඒත් මේ සැණකෙළියේ දී දකින්න පුළුවන් අඹ වර්ග (varieties) 500 ත් 1000 ත් අතර ප්‍රමාණයක්‌. ඒක මේ සැණකෙළියෙ විශේෂත්වයක්‌. සාමාන්‍යයෙන් දුර්ලභ වර්¨ර්ග විධිහට සැලකෙන අඹ වර්ග කීපයක්‌ම මේ සැණකෙළියට එනව. ඒ අතර ඇල්ෆොන්සෝ, මල්ලිකා, අම්රපාලි, හිම්සගාර්, මැල්ඩා, බාලියා, කොරයිසා, ධාමන්, ඪූන්, ෆාසියා, ජෙල්ඩියා, නිගරින්, ෙ€රියා, රුවිකා, ෂමාසි, ලැන්ග්ඩා, දේෂරී, ෆස්‌ලි, බොම්බෙ ග්‍රීන්, කවුසා, සින්ධරී, යන වර්ග ප්‍රධානයි.' මෙම අඹ සැණකෙළිය පිළිබඳව දැක්‌වෙන තවත් වාර්තාවල දැක්‌වෙනුයේ කේරල, පත්තාර්, ටොෆි, රැස්‌ගුල්ලා, ජැලබි, මෝටි චූ, මැඛාන්, ගුවා යනාදී වශයෙන් වූ තවත් වර්ගීකරණයකට අයත් අඹ ද එම සැණකෙළියේ දී දැකිය හැකි බවය.

මෙම සැණකෙළියේ දී විවිධ අඹ වර්¨ර්ග මෙන්ම අඹ ආශ්‍රිත රසකැවිලි සහ වෙනත් නිෂ්පාදන නොමිලේ රසවිඳීමටත් අවශ්‍ය තරම් මිලදී ගැනීමටත් සැණකෙළිය නැරඹීමට එන හැම අයකුටම අවස්‌ථාව ඇත. එහෙයින්ම විදේශීය රටවලින් ගැණුම් කරුවන් සිය ගණනක්‌ මේ සඳහා පැමිණෙන බව කියෑවේ. එදින සැණකෙළි භූමියට අඹ ගෙඩි ලක්‍ෂ ගණනක්‌ ඒකරාශි වේ. ඒවා අතර අමු අඹ මෙන්ම ඉදිනු ඒවා ද වෙයි. උත්තර ප්‍රදේශ්හි දුෂේරි ගම්මානයේ ගෙවත්තක ඇති අවුරුදු 188 ක්‌ වයසැති අඹ ගසකින් ලබාගන්නා පලදාව ද මෙවර සැණකෙළිය සඳහා ඉදිරිපත් කරීමට නියමිත බව ද වාර්තා වේ. ගෙඩි වලට අමතරව අඹ ආශ්‍රිත නිෂ්පාදන වශයෙන් දෝසි, ජූස්‌, චට්‌නි, ජෑම්, පිකල්ස්‌, ටොෆි, තලප, පපඩ්, පන්නා යනාදිය සැණකෙළි භූමියේදී දැකිය හැකිය. වාර්තා වන අන්දමට 2014 සැණකෙළි දින දෙක තුළ දී එක්‌ විකුණුම්කරුවකු අඹ කි.ග්‍රෑ. 70,000 ක්‌ විකුණා ඇත.

හැම වසරකදීම සැණකෙළි අවස්‌ථවේදී තරු පහ හෝටල් කීපයකින්ම පැමිණෙන නම් දරා සිටින සූපවේදීන් කීපදෙනකු විසින්ම ඔවුන්ටම ආවේණික වට්‌ටෝරුවලට අනුව අඹ ආශ්‍රිත විවිධ කෑම වර්ග සැකසීමේ ආදර්ශන ද පැවැත්වෙන බව කියෑවේ. සූපවේදීන් පැමිණෙන තරු 5 හෝටල් අතර මයුරියා ෂෙරටන්, ට-මහල් පැලස්‌, ඉන්ටර් කොන්ටිනන්ටල්, මැරියට්‌ ඉන්ඩියා සහ හොටෙල් කියුට€ කැපී පෙනේ.

අඹ සැණකෙළියේදී නරඹන්නන්ට අඹ කෑමට බීමට මෙන්ම අඹ කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන විවිධ තරගවලට සහභාගි වීමටත්, සංස්‌කෘතික සංදර්ශන රස විඳීමටත් අවස්‌ථාව ලැබේ. ඒ අතරට එක්‌වන අඹ කෑමේ තරග, ලොකුම අඹය තේරීමේ තරගය, අඹ පිළිබඳ උෙද්‍යාaග පාඨ ලිවීමේ තරග, අඹ ගෙඩිවල කැටයම් කැපීමේ තරග, අඹ කේන්ද්‍ර කොටගත් මැජික්‌ සංදර්ශන, ප්‍රශ්න විචාරාත්මක තරග, වෙනත් විනෝදාත්මක තරග යනාදියට නරඹන්නන් මහත්සේ උනන්දුවෙන් සහභාගි වෙමින් සතුටු වන බවත් අවසානයේදී ජයග්‍රාහකයන් තෑගි ලබන බවත් අසන්නට ලැෙ€. ඒ අතරම කියෑවෙනුයේ තරගවලට ඉදිරිපත් වන හැම තරගකරුවකුම එදින ඉදුනු අඹගෙඩි 7 ක්‌ සංවිධායකයන් වෙත ඉදිරිපත් කොට ලියාපදිංචි වියයුතු බවය. බීබීසී වාර්තාවකට අනුව කියෑවෙනුයේ අඹ යනු ඉන්දියාවේ ප්‍රධාන අපනයන පලතුරක්‌ බවය. ඒ අනුව ඉන්දියාව වාර්ෂිකව විදේශ රටවල් 80 ක්‌ වෙත අඹ මෙ.ටො. 40,000 ක්‌ පමණ අපනයනය කර එමඟින් ඩොලර් මිලියන 85 ක පමණ විදේශ විනිමයක්‌ උපදවනු ලබයි.

හින්දු සංස්‌කෘතියට අනුව අඹ සැලකෙනුයේ ප්‍රීතිමත් බවේ සංකේතයක්‌ ලෙසය.

චන්ද්‍රපාල ලේකම්ගේයාපියාවෙන්ම හමුවූ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.