ටි්‍රලියන හයක්‌ සිගරට්‌ විකිණෙන ලෝකයේ මිලියන හයක්‌ මරුට

පසුගිය අවුරුද්දේ දුම්බීමෙන් මිලියන හයක්‌ පමණ මියගොස්‌ ඇතැයි ලෝක පෙනහළු පදනම (වර්ඩ් ලන්ස්‌ ෆවුන්ඩේෂන්) සඳහන් කරයි. දුම්බීමෙන් මියගොස්‌ ඇති මේ පිරිසට දුම්කොළ කර්මාන්තය වන්දි මුදලක්‌ ගෙවා ඇතැයි සඳහන් කරන ලෝක පෙනහළු පදනම එක්‌ අයෙකුට ඩොලර් 7000 ක (අපේ මුදලෙන් රුපියල් 938000 ක්‌) වන්දි මුදලක්‌ ගෙවා ඇතැයිද කියා සිටියි. මේ අතර පසුගිය අවුරුද්දේ පමණක්‌ අලෙවි වී ඇති සිගරට්‌ ප්‍රමාණය ත්‍රිලියන 5.8 කට වැඩි යෑයි වර්ඩ් ලන්ස්‌ පදනම සඳහන් කරයි. දුම්පානය කරන්නන් වැඩියෙන්ම සිටින්නේ චීනයේ යෑයි සඳහන් කරන වර්ඩ් ලන්ස්‌ පදනම අනිත් රටවල දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන බවද කියා සිටියි. මේ අතර පසුගිය වර්ෂයේ සිගරට්‌ අලෙවියෙන් දුම්කොළ සමාගම් ලබා ඇති ලාභය ඩොලර් බිලියන හතළිස්‌ හතරකට වැඩි යෑයි කියන ඇමෙරිකාවේ පිළිකා සංගමය ගිය අවුරුද්දේ පමණක්‌ දුම්බීමෙන් මිලියන 6.3 ක පිරිසක්‌ මියගොස්‌ ඇතැයිද සඳහන් කරයි.

රටවල් කීපයක සිටින ජනතාවගෙන් කොටසක්‌ දුම්බීම අතහැර ඇතත් අනිත් හැමරටකම වරක්‌ දුම්බීම වැඩිවී ඇතැයි සඳහන් කරන ඇමෙරිකාවේ පිළිකා සංගමය මේ වැඩිවීම නිසා ඉදිරි අනාගතයේදී සිගරට්‌ දුමෙන් බිලියනයකට වැඩි පිරිසක්‌

මියයනු ඇතැයිද කියා සිටියි.

පෙනහළු පිළිකා රෝගය ඇතිවීමට දුම්බීම තදින්ම බලපාන බව කියන ඇමෙරිකාවේ පිළිකා සංගමය මේ හැරුණ විට දුම්පානයෙන් තවත් ආබාධ රාශියක්‌ම ඇති වෙන බවද කියා සිටියි.

හෘදයාබාධ, ආඝාතය සහ රුධිර පීඩනය ඇති වීමටද දුම්පානය තදින්ම බලපාන බව කියන ලෝක පෙනහළු පදනම මේ වනවිට ගැහැනුන්ද දුම්බීමට ඇබ්බැහි වී සිටින බව සඳහන් කරයි. චීනයේ සමහර මිනිසුන් දිනකට සිගරට්‌ හැටකට වඩා බීමට පුරුදු වී සිටින්නේ යෑයි ඇමෙරිකා පිළිකා සංගමය කියා සිටියි. තදින්ම දුමට ඇබ්බැහිවී සිටින සමහර මිනිසුන් දිනපතා විස්‌සේ සිගරට්‌ පැකට්‌ තුනක්‌ හෝ හතරක්‌ හෝ පානය කරන බවද පිළිකා සංගමය වැඩිදුටත් සඳහන් කරයි.

1980 දී චීනයේ දුම්බොන්නන් දිනපතා සියයට පනහක පමණ දුම් ඉරීමට පුරුදු වී සිටින බව කියන ලෝක පෙනහළු පදනම් ආයතනය අද දුම්බීමට වැඩියෙන්ම ඇබ්බැහි වී සිටින්නේ තුන්වෙනි පංතියේ මිනිසුන් යෑයි ද සඳහන් කරයි. මහ බ්‍රිතාන්‍ය, ඕස්‌ටේ්‍රලියාව සහ බ්‍රසීලය යන රටවල දුම්බොන්නන්ගේ ගණන ශීSඝ්‍රයෙන් පහළ වැටී ඇත. දුම්බීමෙන් අත්වෙන භයානක ප්‍රතිඵල ගැන බොහෝ දෙනකුට දැන් අවබෝධයක්‌ තිබෙන නිසා වැඩි පිරිසක්‌ දුම්බීමෙන් ඈත් වෙමින් සිටින බව කියන ලෝක පෙනහළු පදනම් ආයතනය දුම්වැටි වෙනුවෙන් පවා ඇති තදබල නීතිරීතීන් එයට එක්‌ හේතුවක්‌ යෑයිද එම පදනම වැඩිදුරටත් කියා සිටියි. මේ අතර දුම්බීමට ඇබ්බැහි වී සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ලෝක පෙනහළු පදනම් ආයතනය සඳහන් කරයි. දැනට රටවල් විසිහතරක සිටින තරුණියන් එම රටවල සිටින තරුණයන්ට වඩා දුම්වැටි ඉරීමට පුරුදුවී සිටින බව කියන ලෝක පෙනහළු පදනම් ආයතනය තවත් රටවල් දෙකක සිටින පිරිමින්ට වඩා ගැහැනුන් දුම් බොන බව තමන් විසින් කරන ලද සමීක්‍ෂණයකින් සොයා ගත් බවද කියා සිටියි.

සමහර රටවල පෙනහළු පිළිකාවලින් වැඩියෙන්ම පෙළෙන්නේ කාන්තාවන්ය. මොවුන්ට මෙම පෙනහළු පිළිකා සෑදී ඇත්තේ දුම්බීම නිසා බව සොයා ගෙන තිබේ. දුම්බීමට වැඩියෙන්ම පුරුදු වී සිටින්නේ කලාකරුවන්, ලේඛකයන් මාධ්‍යවේදීන් සහ ග්‍රන්ථ කර්තෘවරුන් යෑයි ලෝක පෙනහළු පදනම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ජෝන් සෙන්රින් කියා සිටියි.

ආතර්. යූ. අමරසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.