සෛල ගොනුව ඉවත් කරද්දී ඔහු ගිටාරය වාදනය කළේය

රෝමය ගිනි ගනිද්දී විණා වාදනය කළ නීරෝ ගැන පුවත අපේ ව්‍යවහාරයේ තවමත් පවතී. නමුත් මේ සහස්‍රයේදී තමාගේ මොළයේ ශල්‍ය කර්මයක්‌ සිදු වෙන විට ගිටාර් වාදනය කරන ලද පුද්ගලයෙක්‌ පිළිබඳ පුවතක්‌ බ්‍රසීලයෙන් වාර්තා වෙනවා.

ඇන්තනී කුලම්ප් ඩයස්‌ බ්‍රසීල ජාතික ශාස්‌ත්‍රීය සහ ජනසංගීතඥයෙකි. මෑතක පටන් තමාට යම් යම් අමතකවීම් ගතියක්‌ දැනුණද මුලදී මෙය එතරම් ගණනකට නොගත්තද ඉතා හොඳින් හුරු පුරුදු නවා අමතක වෙන ස්‌වරූපය සමග වචන උච්චාරණයේදී ගොත ස්‌වභාවයක්‌ ඇන්තනීට දැනුණේය. ඔහු මේ ගැන වෛද්‍යවරුන්ට පැමිණිලි කළේය.

ඇන්තනී පරීක්‌ෂා කළ වෛද්‍යවරු ලබා ගත් වෛද්‍ය පර්යේෂණ වාර්තාවන් මගින් සනාථ කර ගනු ලැබුවේ ඔහුගේ මොළයේ සෛල ගොනුවක්‌ වර්ධනය වෙමින් පවතින බවයි. මෙම සෛල ගොනුව ඉවත් කිරීම ඉතා සීරුවට විය යුතු වුණා. ශල්‍ය කර්මය මගින් මොළයේ කථන කලාපයට සිදු විය හැකි අනතුරු අවදානම සංගීතය සමග රෝගියා සම්බන්ධ වූ විට මගහරවා ගත හැකි බව දැන් වෛද්‍යවරුන්ගේ අදහසයි.

බ්‍රසීලයේ නෝසා සේනේහේරා ඩේ Nossa Senhora da Conceição කොන්සෙයිකාව රෝහලේදී මෙම මොළයේ ශල්‍ය කර්මය පැය නවයක්‌ මුළුල්ලේ සිදු වුණා. වෛද්‍යවරුන් රෝගියාට උපදෙස්‌ ලබා දුන්නේ ගිටාරය වයන අතර ගීත ගායනා කිරීමයි. මෙහදී Anthony Kulkamp Dr s ගායනා කළේ “yesterday, all my troubles seemed so far away යන අපූරු ගීතයකි. කෙසේ වුණත් ඔහු සංගීතයේ නිරත වෙද්දී වෛද්‍යවරුන් ඉතා සාර්ථක ලෙසින් මොළයේ වර්ධනය තිබුණ සෛල ගොනුව ඉවත් කරන්නට සමත් වූහ.

මොළයේ සෛල ගොනුව වර්ධනය වීමේ ප්‍රතිඵලය ලෙසින් ඇන්තනීගේ දකුණු අතේ සුළු අප්‍රාණික බවක්‌ තිබුණද, ශල්‍ය කර්මය අතරවාරයේ එම අපහසුතාව ඔහුට බාධාවක්‌ නොවුණ බව මෙම අත්දැකීමෙන් ලබා ගත් පන්නරයේ උජාරුවෙන් ඇන්තනී කියා සිටියේය.

රෝගියා සංගීතය සමග සිටින විට මොළයේ සංවේදනයන්ට අනතුරක්‌ සිදු නොවෙන පරිදි ශල්‍ය කර්මය සිදු කළ හැකි බව වෛද්‍යවරුන්ගේ අදහස විය. රෝගියා සංගීතය හසුරුවන අතර ශල්‍ය කර්මයන් කිරීම වෛද්‍ය විද්‍යාවේ නව ප්‍රවණතාවක්‌ව ඇත. 2014 වසරේදී රොගර් ෆිර්ෂ්ගේ මොළයේ ශල්‍ය කර්මය සිදු කරන අතරවාරයේ ඔහු වයලීන වාදණයේ යෙදුණේය. ශල්‍ය කර්ම අවස්‌ථාවේදී සංගීතයට මැදිහත් වෙන විට නිශ්චිත ස්‌ථානයේ ඉලෙක්‌ට්‍රොaඩ සම්බන්ධ කරමින් කම්පන පාලනය කිරීම් හැකියාව ලැබෙන නිසා මොළයේ ශල්‍ය කර්ම ආශ්‍රයේදී රෝගියා සිහියෙන් තබා ගැනීම සමග සංගීත වාදනය වඩාත් සාර්ථක බව වෛද්‍යරුන්ගේ අදහසයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.