උප තැපැල් ස්‌ථානාධිපතිවරු
ස්‌ථිර නොකිරීම අසාධාරණයි


තැපැල් දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී සේවය කළ අවු, 15, 18 හා 20 වැනි සේවා කාලයක්‌ ඇති 122 දෙනකුගේ පත්වීම දීම අත්හිටුවීමෙන් බලවත් අසාධාරණයක්‌ සිදු වී තිබේ.

2014-10-14 චක්‍රලේඛය අනුව දින 180 සේවය කර ඇති අවු. 45 ට අඩු සියලුම උප තැපැල් ස්‌ථානාධිපතිවරුන් ඌණ සුදුසුකම් තත්ත්වයෙන් මුදා හැර නුවරදී 195 දෙනකු හා කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 590 ක පමණ සේවය ස්‌ථිර කරන ලදී.

බඳවාගැනීමේදී නොතිබූ සුදුසුකම් ඉල්ලා ගෙනෙන ලද චක්‍ර ලේඛයට අනුව 1996 ජනවාරි මාසයෙන් පසුව වැඩ භාර ගෙන ඇති උප තැපැල් ස්‌ථානාධිපතිවරු කොටසක්‌ ඌණ සුදුසුකම් යෑයි පවසා සේවය ස්‌ථිර කිරීමක්‌ සිදු නොවුණි.

දැනට ඉතිරිව ඇති මේ අසාධාරයට ලක්‌ වී ඇති අවු. 45 වැඩි තැපැල් සේවයේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී සේවය කළ මොවුන් නොබෝ කාලයකින් විශ්‍රාම යන අයයි. පත්වීම ස්‌ථිර නොවීම නිසා සේවය හැර ගියාට පසු විශ්‍රාම වැටුප අහිමිවීම නිසා මොවුන් ඉතා අසාධාරණ තත්ත්වයට පත්වේ.

රැකියාව කරලා වෙනත් රැකියාවකට යන්න බෑ. ඔවුන්ගේ ජීවිතය ගැටගැහිලා තියෙන්නේ ඒ

රැකියාවත් එක්‌කයි. තමන් පදිංචි ප්‍රදේශයේම ඉඳගෙන ශාලාවකුත් හොයාගෙනයි මේ රැකියාව කරන්නේ. ඔවුන්ට ගඩොල් කපන්න හෝ වෙනත්

රැකියාවකට ඊට පස්‌සේ යන්න බෑ. ඔවුන්ගේ අධ්‍යාත්මය බැඳිලා තිබෙන්නේ ඒ රැකියාවත් සමඟයි.

ජනාධිපතිතුමාගෙන් හා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ඉතිරි අයව සෘජුව ස්‌ථිර කරන ලෙසයි.

Ö අසාධාරණයට ලක්‌ වූ උප තැපල් ස්‌ථානාධිපති වරුන් පිරිසක්‌
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.