සිංහලයන් සියතින්ම ගෙල සිඳගන්නා ජාතියක්‌ද?

වර්තමාන ලෝකයේ වඳභාවයට ලක්‌වෙමින් පවතින ජන වර්ග තුනක්‌ මේ වන විට හඳුනාගෙන ඇත. ඒ දකුණු ඇමරිකාවේ ඉන්කා ගෝත්‍රිකයන්, ඔස්‌ටේ්‍රලියාවේ ඇබොරජීන්වරු හා ශ්‍රී ලංකාවේ සිංහල යන ජන වර්ගයන්ය. මෙහිදී ඉන්කාවරුන් හා ඇබෝරජීන් යන ජන වර්ගවල වඳවීමේ තර්ජනය කෙසේ වුවත්, සිංහල ජන වර්ගයේ සිදු වන්නේ වඳභාවයට ලක්‌වීමක්‌ නොව, වඳභාවයට පත්කර ගැනීමක්‌ බව වර්තමානයේ සිදුවෙමින් පවත්නා දැ දැකීමෙන් අපි කොයි කාටත් අවබෝධ කර ගත හැක.

ඈත අතීතයේ සිටම සිංහල ජන වර්ගය මෙවැනි ඉරණමකට පත්ව ඇත්තේ කාගෙවත් වරදකින් නොව ඒ අපේම අමන ක්‍රියාවන් නිසාය. එදා විදේශ ජාතිකයන් අපේ රට සංක්‍රමණය, ආක්‍රමණය ආදිය සිදු කරන විට අපේම ජාතීන් අපිව පාවා දුන්නා පමණක්‌ නොව ඔවුන්ට තෑගි බෝග පිරිනමමින් නොනැවතී විවාහ කරගන්න සිංහල කාන්තාවන් දීමට පවා ඉදිරිපත් විය. අද වන විට ඔවුන් නිසා කැලේ සිටින නයි ඔඩොක්‌කුවේ දමා ගන්නා ලෙසට අප විපාක විඳිමින් සිටිමු. උතුරෙන් ඇසෙන කොටි ගෙරවිලි හඬ තවත් තැන් වල සිදුවන වන විනාශය, සිංහලයන් වනසන මත්කුඩු ජාවාරම අද මෙන් ඉදිරියටත් දැකිය හැකි සුලභ දසුන්ය.

1818 කැරැල්ල, 1848 කැරැල්ල පාවාදුන් ලෙසට 1987 අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුම, මිලේනියම් සිටි බුද්ධි අංශය විනාශ කිරීම, 2002 අත්සන් කළ සාම ගිවිසුම මේ රටේ මහජාතිsයේ විනාශයට මග පාදා, දුන් වැරදි දේශපාලන තීරණ නොවේ යෑයි කිව හැකිද?

එදා විදේශිකයන් සිංහලයන්ව හඳුන්වා දුන්නේ සිංහලයා මෝඩයා - කැවුම් කන්න යෝධයා යනුqවෙනි. මෙදා ප්‍රභාකරන් සිංහලයන්ව හඳුන්වා දුන්නේ සිංහලයන්ට ඉක්‌මනට අමතක වෙනවා යනුවෙනි. ප්‍රභාකරන්ගේ ඒ කියමන අද යථාර්ථයක්‌ වී ඇති බව නම් පෙනේ. දසක තුනක ප්‍රභාකරන් ගේ ඒ භීෂණ යුගය අද සිංහලයන්ට අමතක වී ගොස්‌ හමාරයි. ජනතා විමුක්‌ති පෙරමුණ ඉල්මහ විරුවන් සමරන විට අපිට යුද්ධයේදී මියගිය වුන් සැමරීමේ වැරැද්ද කුමක්‌දැයි කියන සිවාජිලිගංම් ගේ ප්‍රකාශය, දකුණේ සිංහලුන් අනුමත කරන තැනට වර්තමාන සමාජය පත්ව ඇත. එපමණක්‌ නොව ඔවුන්ගේ (කොටින්ගේ) සටන සාධාරණ බව කියන සිංහලුන්ද දකුණේ ඉපිද ඇත.

රටේ එක්‌ සුළු ජන කණ්‌ඩායමක්‌ අවි බලයෙන් මහ ජාතියට විරුද්ධව සටන් කරන විට, තව සුළු ජන කණ්‌ඩායමක්‌ ඉතාම සූක්‌ෂ්ම ලෙස වන සංහාරය කරමින් තම වර්ගයාගේ ව්‍යාප්තවාදය පතුරවමින් සිටිති. එය නීත්‍යනුකුල බව කියන්නෙත් සිංහලුන්මය ඔවුන් තවත් පැත්තකින් මත්කුඩු ජාවාරම හරහා මහ ජාතිය බෙලහීන කරමින් සිටිති.මේ අතර පාලකයන් (1970 දශකයේ සිට) පුංචි පවුල රත්තරන් යෑයි කියන විට සුළු ජාතීන් ඔවුන්ගේ ආගම හා සංස්‌කෘතිය අවියක්‌ ලෙස භාවිත කර උපත් පාලන කටයුතුවලින් බැහැරව තම අරමුණු කරා ළඟා වෙමින් සිටින බව මහ ජාතිය තේරුම් නොගැනීම සිංහල ජාතියේ අභාග්‍යයක්‌ බව පෙන්වා දිය හැක.

රංජිත් අමරසිරි මාතලේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.