පාසල් ප්‍රවාහන සේවයට
පාලිකාවන් අනිවාර්ය කරන්න


ගම්පහ සහ තදාසන්න ප්‍රදේශවල පාසල් සඳහා ළමුන් ප්‍රවාහනය කරන බහුතරයක්‌ පෞද්ගලික ප්‍රවාහන සේවා සිදුකරන්නේ පාලිකාවක්‌ නොමැතිවයි.

විශේෂයෙන් බාලක බාලිකා පාසල් භේදයකින් තොරව මවක්‌ හෝ කාන්තාවක්‌ පාසල් වෑන් රථය තුළ සිටිය යුතු බවට අනිවාර්ය නීතියක්‌ පනවා තිබියදීත් ඒ පිළිබඳ ප්‍රවාහන සේවා පෞද්ගලික හිමිකරුවන් කිසිදු පියවරක්‌ ගෙන නොමැති අතර නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මේ තත්ත්වය සොයා බලන්නට දක්‌වනුයේ ද සෘණාත්මක උනන්දුවකි.

ජයන්ත පලිහවඩන
රාගම
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.