යළි අඳුරු යුගයක්‌ උදාවෙයිද?

දිගු කලක්‌ උතුරු නැගෙනහිරට නොගිය රාජ්‍ය නොවන සංවිධාන යහපාලන උදාවත් සමග ක්‍රමයෙන් ඒ ප්‍රදේශ තරණය කරන බව රහසක්‌ නොවේ. ඔවුන් ඒ ප්‍රදේශවලට ගොස්‌ කරනුයේ කුමක්‌ද?'ගරු සේවයක්‌ද' නැතිනම් වෙනත් දෙයක්‌ද? උතුරේ දමිළ දේශපාලකයන් දැනටමත් සිය අන්තවාදී ජාතිවාදී බෙදුම්වාදයෙන් පණ පෙවී කරන කියන දේ අපට අනුමත කළ හැකිද? මේ'වසුරු මතය' බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල බලධාරීන්'උඩගෙඩි ද' ජාතියක්‌ ජම්මයක්‌ රටක්‌ ගැන අවංක හැඟීමක්‌ නැති මේ අයගේ සිතුම් පැතුම් විපරිතය. මානවදයාව ප්‍රජාතන්ත්‍රවාදය ගෝලීයකරණය සම අයිතිය නිදහස සාමය යන මතයන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පතුරු ගසන රාජ්‍ය නොවන සංවිධානවලට රට ජාතිය ගැන තිබෙන හැඟීම සුළුය. යහපාලනය සමග මේ අයගේ අවදිවීම පුදුම සහගතය. ඊටම සරිලනසේ උතුරේ දමිළ දේශපාලකයන්ගේ අදහස්‌ ද අපිරිසිදුය. මේ අනුව අපට යළිත් අඳුරු යුගයක්‌ උදාවේද? මව්බිම ලේ කඳුළින් නැහැවේද? රුදුරු කොටි මතවාදයේ පිළිල නැවත දලුලා නැගේද? මේ කිසිත් ගැන නුවණින් නොබලා වෛරයම කරපින්නාගත් දකුණේ දේශපාලකයන් මාධ්‍ය තුළ රඟමින් කරන කියන විකාර දේ රටේ ඉදිරි පැවැත්මට කොතෙක්‌ දුරට යහපත්වේද?

මා. ජයවීර, පිටිපන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.