මාර්ග නීති උල්ලංඝනය කරන
ත්‍රිරෝද රථ හා යතුරුපැදි ගැන වහාම ක්‍රියාකරන්න


ගතවූ දින කිහිපය තුළ අනතුරු රැසකින් ජීවිත රැසක්‌ අහිමි විය. මෙයට හේතුව මාර්ග නීති උල්ලංඝනය කිරීමයි. ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ඉතා බරපතල ලෙස එම නීති රීති උල්ලංඝනය කරන බව දක්‌නට ලැබේ. මහාමාර්ගයේ හිතූ අයුරින් ධාවනය වන යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පිළිබඳව පොලිසිය වහාම විමර්ශනය කර දැඩි දඬුවම් පැමිණවිය යුතුය.

පොලිස්‌ වීඩියෝ රථය යොදවා නිසි විමර්ශනයක්‌ කළහොත් මොවුන් මාර්ග නීති රීති උල්ලංඝනය කිරීම තහවුරු වේ.

සුරත් ජයමාන්න
බත්තරමුල්ල

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.