ඉතිහාසයක්‌ සඟවාගත් පාරාදීසය
ගරාඬුව කළපුව

ඹබ අප දිවයිනේ කුරුළු පාරාදීස ගැන කොතෙකුත් අසා තිබේ. එම නාමාවලියට අලුතින්ම එක්‌වන ගරා`ඩුව කළපුව තවමත් හරිහැටි මිනිස්‌ පහසක්‌ පවා නොලද නෑඹුල් හරිත කලාපයක්‌ යෑයි පැවසුවහොත් එය වඩාත් නිවැරදිය.

මුහුදට සෘජු සම්බන්ධයක්‌ නොමැති දකුණු පළාතේ මාතර දිස්‌ත්‍රික්‌කයේ පිහිටි ප්‍රධාන කළපුවක්‌ වන ගරා`ඩුව කලපුව සතු ඓතිහාසික වැදගත්කම වන්නේ පොළොන්නරු යුගයේ චෝල අධිරාජ්‍යයට යටත්වූ ශ්‍රී ලංකාව නැවත එක්‌ සේසත් කිරීමට රුහුණේ සේනා සංවිධානය කළ කීර්ති කුමාරයා නොහොත් පළමුවන විජයබාහු රජතුමා සැ`ගවී සිටි ස්‌ථානයක්‌ ලෙස ද එය ප්‍රකට නිසාය.

ගාලු මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්‌ස උඩුපිළ මන්සන්ධියෙන් රට අභ්‍යන්තරයට පිවිස කිලෝ මීටර තුනක්‌ පමණ ගමන් කිරීමෙන් එම කළපුව සීමාවට පහසුවෙන්ම ළ`ගා විය හැකිය.

මාතර දිස්‌ත්‍රික්‌කයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් වසමේ අක්‌කර 65 (හැටපහක) පමණ වපසරියක්‌ පුරා විහිදී ඇති දැවැන්ත ස්‌වාභාවික කළපුවක්‌ වන එහි මැද සීමාවේ පිහිටි අක්‌කර හතකින් (07)පමණ සමන්විත''සිරිබන්දල දූ'' නම් වූ මනරම් දූපතකින්ද සැදි ගරා`ඩුව කළපුවේ එම සිරිබන්දල දූව පිළිබ`දව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත පරෙවි සංදේශයේ සඳහන් වන්නේ මෙසේය.

'.. දිරියෙන් ගිරිඳු සරි යසසින් පින් පාය

නිරි`දුන් සදිසි සිළුමිණ තුළ සතපාය

සිරිබත් තැන පිහිටි විජයොත් නරපාය

සිරිබන්දලෙහි සැතපෙව සිත සතපාය.''

එබ`දු ඉතිහාසයක්‌ ඇති ගරා`ඩුව කළපුවේ ස්‌වාභාවික පරිසරය ඇතැම් මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා අද තරමක්‌ අභාවයට ගොස්‌ ඇති අතර එම කලපුවෙන් වටවූ සිරිබන්දල දූපත පවා අද වන විට විදේශිකයකු සතුවීමේ අවදානමක්‌ද පවතින බවට රාවයක්‌ ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එම නිසා මෙය පුරා විද්‍යා කෞතුක ස්‌ථානයක්‌ ලෙස, ජෛව විවිධත්වය සහිත කුරුළු දූපතක්‌ ලෙස හෝ මහජනයාට බණ භාවනා කළහැකි සිද්ධ ස්‌ථානයක්‌ ලෙස හෝ සංවර්ධනය වන්නේ නම් වඩාත් යෝග්‍ය බව ඔවුන්ගේ අදහසයි.

මෙම කළපුවේ වැසි ජල මට්‌ටම ඉහල ගිය විට එම වැඩිපුර ජලය මුහුදට ගලා යාමට ගරා`ඩුව කලපුවට සම්බන්ධ ළැමසූරිය ඇළ ප්‍රධාන වශයෙන්ම වැදගත් වන නමුත් එම ඇළ මාර්ගයද තරමක්‌ අබලන්ව ගොස්‌ ඇති බව අපට දක්‌නට ලැබුණි.

ඒ නිසාම ගරා`ඩුව කළපුවේ කඩොලාන පද්ධතියද කිසියම් අවදානමකට ලක්‌ව ඇති බවක්‌ද පෙනෙන්නට තිබුණි.

රුහුණු විශ්වවිද්‍යාලයේ මාපලාන පශු විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි ඩල්සි සේනාරත්න සිය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක ගුණවර්ධන සමග පසුගියදා එම කළපුවේ වෙසෙනා ජලජ ජීවීන් ගැන මෙන්ම පක්‍ෂීන් ඇතුළු කඩොලාන පරිසරය පිළිබ`දව ගවේෂණයක යෙදුනු විද්වත් කාන්තාවකිs. ගරා`ඩුව කළපුව සම්බන්ධයෙන් ඇය දරන්නේ මෙබ`දු අදහසකි.

'මෙම කළපුව සහ අවට විවිධ ජලජ ජීවීන්, උරගයන් කුරුල්ලන් විශාල ප්‍රමාණයක්‌ මේ කඩොලාන පරිසරයේ ජීවත් වනවා. අප කළ නිරීක්‍ෂණයන්ට අනුව විවිධ කුරුළු වර්ග 40 ක්‌ 60 ක්‌ අතර ප්‍රමාණයක්‌ මෙහි තුරු ලතා අතර වාසය කරනවා. ඉන් කුරුළු ප්‍රභේද තිහක්‌ පමණ අනිවාර්යයෙන් දෛනිකව දැක ගත හැකි අතර විවිධ සංක්‍රමණය කුරුළු වර්ගද මෙහි දැකගත හැකි වනවා..'

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ දෙස්‌ විදෙස්‌ සංචාරක ආකර්ශන ස්‌ථාන අතරට මිරිස්‌ස මුහුදු තීරය එක්‌වී ඇත්තේ අලංකාර මුහුදු තීරයේ පහස වි`දිමට මෙන්ම තල්මසුන් හා ඩොල්µsන් මසුන් නැරඹීමේ මධ්‍යස්‌ථානයක්‌ ලෙසයි.

එහෙත් එම දෙස්‌ විදෙස්‌ සංචාරකයන්හට තවමත් මුණ නොගැසුන කුරුළු පාරාදිසයක්‌ වන ගරා`ඩුව කළපුව ඔවුන් සොබා දහමේ මනරම් අපූර්වත්වයෙන් අමන්දානන්දයට පත් කරවනු නිසැකයි.

කළපුවක්‌ ලෙස සැලකෙන්නේ මුහුදට ආසන්නයේ පිහිටි කරදියෙන් පෝෂණය වන කඩොලාන ශාක ප්‍රජාවකින් සමන්විත පරිසර පද්ධතියකට වුවත්, උඩුපිළ, හා තල්අරඹ යන ස්‌ථාන දෙකකින් කුඩා ඇළ මාර්ග හරහා මුහුදට සම්බන්ධවන ගරා`ඩුව කළපුවේ ඇති සුqවිශේෂී ලක්‍ෂණය වන්නේ මුහුදෙන් කිලෝමීටර් තුන හතරක්‌ පමණ රට අභ්‍යන්තරයට වන්නට එය පිහිටා තිබීමයි.

එ නිසාම එය මුහුදට එබ`දු දුරකින් පිහිටි ලංකාවේ එකම කළපුව වීම එහි ඇති සුවිශේෂීත්වයයි.

වැලිගම ප්‍රාදෙශීය සභා සිමාවේ උඩුපිල, තන්හාගොඩ, ගරාඩුව, හේන්වල, තල්අරඹ යන ග්‍රාම සේවා කොට්‌ඨාස රාශියකට මායිම්ව පිහිටි මෙම කළපු භූමි භාගය ස්‌වභාව සෞන්දර්ය ඔප් නංවන සුන්දරත්වයේ තෝතැන්නක්‌ පමණක්‌ නොව අප සිංහල වංශ කතාවේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ සන්ටුහන් කරන ඓතිහාසික ස්‌ථානයක්‌ද වනවා.

ගරා`ඩුව කළපුව ගැන පවතින ජන ප්‍රවාද අතරේ මෙවැන්නක්‌ද ස`දහන් වනවා. එනම්,

වළගම්බා රජතුමා සොලීන් සමග යුද වැද එම යුද්ධයෙන් පැරදී පළායන අතරතුර මිරිස්‌ස උඩුපිළ වෙරළ තීරයට යාබද කපුහේන්තැන්න පර්වතයේ ගිමන් හැර ඇති බවත්, එවිට ඇස ගැසුනු මෙම සුන්දර කලපුව හා ඒ මධ්‍යයේ පිහිටි දූපත රජවරුන්ගේ ආරක්‍ෂාව ස`දහා සුදුසු ස්‌ථානයක්‌ වශයෙන් හ`දුනාගෙන පසුව එම රජතුමා ගරා`ඩුව කලපුව ආසන්නයේ පිහිටි නදීතීරාරාමය නම්වූ රජමහ විහාරය කරවීමට උපදෙස්‌ සපයා බෞද්ධාගමේ ආශීර්වාදය ලබා ගත් බවටත් ජනප්‍රවාදයේ කියෑවෙනවා.

අදටත් මෙම නදීතීරාරාමයේ පිහිටි උළු ගඩොල් සහිත උමග , එම අතීතය හා සබැ`දුනු වැදගත් සාක්‍ෂියක්‌ බවට ප්‍රදේශවාසීන්ගේ සැකයට බඳුන් වී තිබෙනවා.

ඉන් අනතුරුව දකුණේ ප්‍රාදේශීයව රජකම් කළ කීර්ති කුමාරයා විසින් කපුහේන් තැන්න පර්වතයෙහි විහාරස්‌ථානයක්‌ කරවන ලද බවටත් ජන ප්‍රවාදයේ කියෑවෙනවා.

මෙම කීර්ති කුමාරයා හට'සිරිබන්ද' නොහොත් සොලීන් සමග යුද වැදීමට අසිපත පළ`දා තිබෙන්නේ කළපුව මධ්‍යයේ පිහිටි සිරිබන්දල දූව නමැති දූපත තුළදී බවට ජන ප්‍රවාදයේ ස`දහන් වනවා.

එම දූපත මැද අදටත් අඩි අටක්‌ පමණ උස තුඹසක්‌ දකින්නට ඇති අතර අසාමාන්‍ය අයුරින් පිහිටි එම තුඹස පිහිටි තැන එම සිරිබන්දලය සිදු කළ ස්‌ථානය ලෙසටත් පැරුන්නන් තුළ මතයක්‌ තිබෙනවා. ඉන් පසුව යුද්ධය ජයගත් කීර්ති කුමරු පළමුවන විජයබාහු නමින් රජවී මෙම දූපතේ සිරිබන්තැන දූපතෙහි වාසය කර ඇතිබව ජන ප්‍රවාද වල ස`දහන් වුවත්, පැරණි මාලිගාවක නටඹුන් එහි දක්‌නට ලැබෙන්නේ නැහැ.

එහෙත් මෙම දූපතේ සිට දියට යොමුවූ පඩි නමයකින් හෝ එකොළහකින් සමන්විත හිරි ගලෙන් නිමවූ පඩි පෙළක හැඩයේ ගල්පඩි සමූහය එකළ දූපතේ විසූ බිසෝ වරුන්ට දිය නෑමට කළපුවට බැසීමට ස`දහා කරවන ලද්දක්‌ බවට සැක පළ කරනවා. කළපුව මධ්‍යයේ පිහිටි එම දුපතෙහි යම් ඉදිකිරීමක නටඹුන් ද, අඩි හතරක්‌ පමණ දිගින් යුතු'කඩුව මැද්ද ග'නමින් හ`දුන්වන කළු ගලකද නශ්ඨාවශේෂ පවතිනවා.

මෙම කළපුqවේ එක්‌ දිශාවක අඩංගු පස වැලි බහුලව පැවතීමත් අනෙකුත් දිශාවන්ට වන්නට මඩ බහුලව පැවතීමත් සුවිශේෂී භූ විද්‍යාත්මක ලක්‍ෂණයක්‌ වන්නාසේම එය ජෛව විවිධත්වයේ ඉහලම පරිසර පද්ධතියක්‌ නිර්මාණය කිරිමට හේතුවී තිබෙනවා.

දැනට මෙහි බහුලව පවතින්නේ කඩොල්, කිරළ, ලාවලු, කැරන්, කැකුණ, පොල්, ගොඩපර ආදී ගස්‌ වර්ගයි. එම හරිත පරිසර පද්ධතියේ පක්‍ෂීන් රාශියක්‌ නවාතැන් ගන්නවා මෙන්ම ආරක්‍ෂිත ප්‍රදේශයක්‌ නිසා බිජු ලෑමද සිදු කරනවා.

සැන්දෑ සමයේ දහසකුත් එකක්‌ සියොතුන් මෙම දූපතතේ කැදලි සොයා පියාසර කරද්දී දිවා කාලයේ මෙම කඩොලාන පරිසරයේ ගස්‌කොලන් වල එල්ලී සිටි වවුලන් සිය දහස්‌ ගණනින් ආහාර සොයා කලපුවෙන් බැහැරට අඩ අ`දුරු අහසේ පියාසර කිරීම අරඹන දසුන සැබවින්ම නෙත් කළුයි.

රාත්‍රියේ සුදු ස`දරැස්‌ කැරළි කළපුවේ ජල තලයට මත වැටෙද්දී ඈතින් දිස්‌වන නදී තීරාරාමයේ චෛත්‍යයේ රිදී සෙවනැල්ල එම කලපු දියමත අ`දිනා ඡායාසිත්තම සැබවින්ම අපූරුයි. පරිසරයේ පවතින දැඩි නිසංසල බවත් සිත් ගන්නා සුළු හරිත වටපිටාවත් ඕනෑම අයෙකුගේ සිත් සතන් නිවා පහන්කරලීමට සමත් වනවා.

එහෙත් මෙම මනරම් කළපු භූමිය තුළ ඇතමුන් අනවසර ගොඩ කිරීම් හා සංචාරක නිකේතන ආදිය ඉදි කිරීමට මාන බලනා බවට වාර්තා වන බැවින් මුතුරාජවෙළ වැනි තෙත් බිම් ආරක්‍ෂණ නීති රාමුව යටතේ හෝ මෙම වටිනා ගරා`ඩුව තෙත් බිම රැක ගැනීමට රජය මැදිහත් වේනම් එය මතු පරපුර වෙනුවෙන් ඉටු කරනා මහ`ගු සේවාවක්‌ වනවා. ගරා`ඩුව කළපුව පිළිබ`ද ඓතිහාසික පසුබිම සොයා යාමේදී මග පෙන්වූ හේන්වල ධර්ම රක්‌තා රාමයේ වැඩ විසූ සෝමගුණ හිමිපාණන්ට සහ කළපුවේ සංචාරය කිරීමෙට අප ඔරුවෙහි නංවා හබල් පිත්ත ඇසුරෙන් රැගෙන ගිය උපතිස්‌ස ගමගේ මහතා ප්‍රමුඛ ඔහුගේ හිතවතුන්ටත් අපගේ ගෞරව ප්‍රණාමය හිමි වනවා..''

රන්ජන් ගාමිණී ජයවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.