"ටිකට්‌ විකුණලා පෙරහර කරනකොට
කරඬුවෙ ඉඳීවිද ධාතුන්නාන්සෙලා..."

අද වන විට ඔබ අප මේ වසරේ අතිඋත්කර්ෂවත් පුන් පොහෝදිනයන් ද්විත්වයක්‌ පසුකොට ආවෙමු. වෙසක්‌ පොසොන් අතරේ සංඝරත්නයේ උත්තරීතර විසිඑක්‌වන අස්‌ගිරි මහානායක පදවිය නිමවී විසිදෙවන පදවිය යළි ඇතිවූ කෙටි කාල පරිච්ෙච්දයක්‌ද ගෙව්වෙමු. කතරගම මහ සමන්දේවාලයේ බස්‌නායක ධුර කාලයද නිමවී යළි නව ධුරයක්‌ ඇතිවී එහි උණුහුමද මැකී නොහී තිබේ. එපමණකුදු නොව මේ අතර වාරයේ රට පුරා කේෂ ධාතු ප්‍රදර්ශන සර්වඥධාතු ප්‍රදර්ශන ආදි අනේකවිධ පිංකම් පිළිබඳවද අසන්නට දකින්නට ලැබිණි. බණ භාවනා බෝධිපූජා ආදී මෙකි නොකී පිංකම් රට පුරා එමටය.

එහෙත් ජනතාවගේ සිතුම් පැතුම් හෘදයාංගමභාවයෙහි දියුණුවක්‌ වී ඇත්ද?. සොරසතුරු අපහරණ වංචා දූෂණ කොමිස්‌ ගැහිලි අනිසි මුදල් රැස්‌කිරීම් ගුටි බැට ගහ මරා ගැනීම් වල නිමක්‌ තබා අඩුවන ලකුණක්‌වත් දක්‌නට ලැබේද?. හේතුවක්‌ රහිතව ඵලයක්‌ හට නොගනී. එය බුද්ධ දේශනාවය. බුදු මග යමින් විමසා බලන කල විකිණෙමින් ඇති අපගේ ශ්‍රී විභූතිය පිළිබද ව සෝතාපයක්‌ නැගේ.

එය පළාත්බදවද නගරබදවද ග්‍රාමීයවද විමසා දැක්‌විය හැකි මුත්, ජනහදට නිරන්තරයෙන් දැනෙන හැගෙන ප්‍රධාන සාධක පමණක්‌ම විමසා බලමු.

හුදී ජනයා කොතෙක්‌ ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයින් වන නමුදු දෙවියන්ගේ ඇල්ම බැල්ම රහසින් හෝ යෑදීමට ඇදෙන්නෝය. තිස්‌තුන්කෝටියක්‌ දෙවියන් අතුරින් එකදු දෙවියෙකු හෝ තමන්ගේ දුකට පිහිට වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. එහෙයින්ම කතරගම කෝනේෂ්වරම් මුන්නේෂ්වරම් නල්ලුර්, තිරුකෝවිල් අලුත් නුවර සමන් දැඩි මුණ්‌ඩ විෂ්ණු නාථ පත්තිනි වැනි දේවාල කෝවිල් ඇසුරෙහි දොහොත් මුදුන් තබා වැඳ පුදාගන්නට ඔවුහු වැල නොකැඩී යති. දෙවියන් කාටත් එකසේ දෙවොලේ වැඩ හ`sද සෙත සලසනු ඇත.

මෑත කාලීනව සියල්ල කණපිට පෙරැළී අතමිට මුදල් යෙහෙන් ගැවසෙන්නාට දෙවියන් ගේ බැල්ම වැටෙන වාතාවරණයක්‌ සැකසී තිබේ. අපි කතරගම යමු. දුරබැහැර හ`sද දෙවොලට යන ඕනෑම බැතිමතෙකු සිය රථය ගාල් කිරීමට වෙන්කොට ඇති රථගාලක්‌ වෙත යති. දෙවියන්ගේ අනුගාමිකයන් වැලනොකැඩී බැතිමත්තු වෙත පැමිණ තමන්ගේ උදව් ලබා ගන්නා ලෙස යදිති. මේ තරම් පහසුවක්‌ දැක බැතිමතුන් තමන්ගේ පසුම්බියෙහි තරමට පූජා වට්‌ටි පැකේජයන් වෙත යොමුවෙති. රුපියල් 250, 300, 500, සිට රුපියල් 7000.00 දක්‌වා පූජා වට්‌ටි පැකේඡ් කොට ඇත. මේවා ලබා ගන්නා විට තරමක්‌ හෝ සුවඳ හමන පලතුරක්‌ සහිත පළතුරු වට්‌ටියක්‌ ඇත්තේ රුපියල් දෙදහස්‌ පන්සියයේ වට්‌ටියේ බැව් කතරගම පුද බිමට ගිය ඇත්තෝ දනිත්. ඉදින් මේ වර්ගීකරණයක්‌ වන්නේ පොදු ජනයාගේ ශ්‍රද්ධාවය. දේව ආශිර්වාදය තමන්ට හිමිවන අන්දම පූජා වට්‌ටියෙන් අවබෝධ කර ගන්නා බැතිමත්හු තම තමන්ගේ සිත් සතන් කනස්‌සල්ලෙන් පුරවා ගනිමින් ආපසු යති. දේවාල ඇසුරෙහි පැකේජ පූජා වට්‌ටි තනන වෙළෙදුන් පිළිබ`ද තීරණයක්‌ ගතයුත්තේ දෙවොල රකින්නට භාරකාරත්වය හිමි කර ගන්නා උදවියය. එහෙත් සුදුසුකම් නොපිරූ බලැත්තන් තමන්ගේ අනාගත පැවැත්ම උදෙසා ඕනෑම ජඩ වැඩකට ඉඩ තබා අහක බලාගෙන සිටීමේ පිලිවෙතෙහි අතුරු ප්‍රතිඵල භුක්‌ති විදින්නේ අතේ සතේ නැති සරල සාමාන්‍ය අහිංසක ජනයාමය.

යටගිය දවස රජවරු බෞද්ධත්වය සුරැකීමට මෙන්ම බුද්ධාගම ජනයා අතර ප්‍රචලිත කිරීමට මහත් වෑයමක්‌ දැරීහ. අනුරාධපුරය පොළොන්නරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පොල කෝට්‌ටේ කන්ද උඩරට ආදී කුමන රාජ සමයක්‌ පිළිබ`දව විවරණය කලද එදා රජුන් වෙහෙස වූයේ බුදුන්වහන්සේ දෙසු දහම තමන්ට හැකි පමණ ප්‍රචලිත කරමින් තමන්ගේ යුතුකම් වගකීම් ඉෂ්ඨ සිද්ධ කිරීමටය. ඒ විනා බුදු බණ පද විකුණා හෝ බුදුන්ගේ අවශේෂ ධාතු ප්‍රදර්ශනය කර මඩිය තර කර ගැනීමට නොවේ. ඊට සාක්‌ෂි ඕනෑ තරම්ය. සෑම අතීත රාජධානි සමයකදී ම රජවරු අහස උසට දැගැබ් බුදුපිලිම තනා ඇත්තේ, අදටද එක හිතින් සාදු කාර දියහැකි පරිදිය. ඊට එදා දායක වූයේ සාමාන්‍ය ජනතාවය. එනිසාවෙන්ම රජු මේ පුදබිම්හි ආරක්‌ෂාවට තේවාවට තෝරා පත්කර ගත්තේ සාමාන්‍ය ජනයාය. අද මෙය උඩු යටිකුරුව ඇත. ඊට හොදම සාක්‌ෂිය සෙංකඩගලපුර ඇසල මංගල්‍යයයෙන් දැක්‌විය හැකිය.

රජ දවස දළදා සමි`දුන්ගේ පූජාව වූ ඇසල පෙරහර මංගල්‍යය වෙනුවෙන් කැප ව සිටියේ රට වැසියන්ය. රජ මාලිගය ඇසුරෙහි දළදා පුදට එදිනෙදා කැපවන ජනයා පෙරහරට ද කැප විය. ඉදින් පෙරහර මංගල්‍යය නැරඹීමට මහ මළුවේ අසුන් ගත්තේ සාමාන්‍ය වැසියන්ය. ඊට ඉඩ හසර තැනූයේ රජුය. අද පෙරහර මුදල් මත යෑපෙන්නේ ඉහළින්ම කෙරෙන ආරාධනාවන් මතය. අද පෙරහරට අනුග්‍රාහක භවතුන් ඇත. පුවත්පත් හි දැන්වීම් පලවන්නේ රුපියල් ලක්‌ෂ ගණනිනි. පෙරහර නරඹන්නන්ට ආහාර පාන සපයන්නේ රස මසවුලිනි. ඊට අනුග්‍රහ දක්‌වන්නන් හට පෙරහර නැරඹීමට මුලසුන් හිමිවෙයි. යෙහෙන් මුදල් ඇත්තන්ගේ සුඛවිහරණය රකිමින් පෙරහර නැරඹීම පිණිස සැපපුටු යොදා ඒවා සාමාන්‍ය ජනයාගෙන් රකින්නට ලණු බැ`ද ආරක්‌ෂිත පෙදෙස්‌ තනයි. මේවා බොදු දහම රැක ගන්නට හෝ එදා ඉතිහාසයෙන් අපට දායාද වූ ශ්‍රී විභූතිය රැකගන්නට යෙදූ උපක්‍රම ද?

එකල ගොවිතැන් බතෙන් තම පවුල සරිකරන හෙළයාගේ අභිවෘද්ධියත් රටේ සශ්‍රීකත්වයත් පතා එකල රජවරු ගල් කුළු මත වෙහෙර විහාර කරවීය. ඉන් අපේක්‌ෂා කළේ ගොවිතැනට භූමිය රැක ගැනුමත් ජනයාට වන්දනා මාන පිණිස වෙහෙර විහාර තැනීමත්ය. එදා හන්දියක්‌ හන්දියක්‌ ගානේ පිංතාලි තනවා වෙහෙස වන ගොවිජනයාට ඇවිද යන පිටස්‌තරයාට පැන්පොදක්‌ බොන්නට ඉඩ හසර තැනීය. එහෙත් අද හන්දියක්‌ හන්දියක්‌ ගානේ බුදු පිළිම තනවා බුදු හිමි වැඩ හිදින සෙයක්‌ සිහිකරවන්නට මහා මුදලක්‌ වැය කරති. කොන්ත්‍රාත් කරුවන් ගේ අභිවෘද්ධිය තනති. ඒ හැර බුදුදහම ප්‍රචලිත කිරීමක්‌ ඉන් සිදුවන්නේද යන්න සැකය උපදින්නේ , රාත්‍රියට සොරුන් මංකොල්ලකරුවන් සැ`ගව සිටින්නේ මේ හන්දි වල ඉදිකර ඇති බුදුපිලිම ඇසුරෙහි බවට සාක්‌ෂි සහිතව සනාථ වන විටය. මේවාට රටේ මාධ්‍යය ද වග කිව යුතුය.

අවසන් රාජධානිය පැවති කන්ද උඩරටට යලිත් අවධානය යොමුවන්නේ අදටද එහි ශ්‍රී විභුතිය සැ`ගවී ඇති සෙයක්‌ හැෙ`ගන බැවිනි. එය රැක ගැනුමට අද උවද පරිශ්‍රමයක්‌ ගත හැකිය. අන්ධ වූවන්සේ නොඉ`ද බුදුන්වහන්සේගේ මුදුන් මල්කඩ රැක ගැනීමට අත්වැල් බැ`ද ගතයුත්තේ පොදුවේ සියල්ලන්මය.

අපවත් පාලනාධිකාරියවත් නොදැන දළදා මාළිගය හා ඒ ආශ්‍රිත ක්‍රියාදාමයන් සාම්ප්‍රදායික උරුමයෙන් බි`දී නූතන තාක්‌ෂණික ක්‍රමවේද ඔස්‌සේ දෙමුහුන් වූ බවක්‌ දිස්‌වෙයි. විදේශිය සංචාරකයින්ගේ අභිවෘද්ධිය පිණිස යෑයි කියමින් රුපියල් ලක්‌ෂ ගණන් වැය කොට ඩිර්ටල් පුවරු සවිකොට ඇත. වන්දනා කරන්නට ඇති පුද සුන් අභියස රූපවාහිනි තිරයන්හි නිරන්තර රූප පෙළ වන්දනාකරුවන්ගේ දැනුම වර්ධනයටද නැතිනම් එක හිත දෙතැනකට ගෙනයන්නටදැයි නොදනිමි. මේවා ආරක්‌ෂා කරන්නට වෙනමම නිලදරුවන් රැසක්‌ වැටුප් මත සේවයේ යොදවන්නටද සිදුව තිබේ.

දළදා මාළිගයට පිවිසෙන විදේශිකයකුගෙන් අය කරන රුපියල් දහසක මුදල මාලිගයේ අභිවෘද්ධිය පිණිසම වෙන් කරන්නේ නම් පෙරහර මංගල්‍යය උදෙසා අනුග්‍රාහක භවතුන් කුමකටද?

වසර 1931 විහාර දේවාලගම් පනත හරහා නියමයක්‌ වී ඇති පෙරහර භාරයට මුදල් රැස්‌ කළ නොහැක යන වගන්ති උල්ලංඝනය වන්නේ , ජනතාවට ඉහළ පෙළේ සංස්‌කෘතික මංගල්‍යයක්‌ ගෙන හැර පෑමට විය යුතුය. එහිදී අවධානය යොමු වන්නේ අතීත ශ්‍රී විභූතිය විදහාපාන නිලතල නම්බුනාම අහෝසි වෙමින් දළදා කාර්යය මණ්‌ඩලය සමාගමක්‌ යටතට වැටී ඇති අන්දම පිළිබ`දවය. එදා දියවඩන නිළමේ කාරියකෝරාල ඇතුළු කට්‌ටල මුලාදෑනි බරාදිරාළ ගෙපලූම් රාළ දොරකඩ ආරච්චි සහ ගම් දහයේ විදානෙලා දහදෙනා වෙනුවට අද අධ්‍යක්‌ෂ මණ්‌ඩලයක්‌ පත්ව ඇත. එය අද සමන්විත වන්නේ , මහලේකම් පරිපාලන ලේකම් මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්‌ෂ, විදේශීය බෞද්ධ කටයුතු අධ්‍යක්‌ෂ දේශීය බෞද්ධ කටයුතු අධ්‍යක්‌ෂ, එම අධ්‍යක්‌ෂවරුන්ගේ ලේකම්වරු, ගිණුම් ලේකම්, ගණකාධිකාරි, ඉඩම් ලේකම්, පෙරහර ලේකම්, පුද්ගලික ලේකම්, පුද්ගලික ලේකම්වරු, පෞද්ගලික සම්බන්ධිකරණ ලේකම්, නිලනොලත් ලේකම්වරු හෙවත් අලිභාර ලේකම් පෙරහර ලේකම් ඇතුළු ලේකම්වරු හයදෙනෙකු ගෙනි. මේ නිළධරයින්ගේ වැටුප් සලකා බලන විට හුදු මහත් බැතිමතුන්ගේ පිංතකා පිංකැටවෙත බහාලන කාසි ප`ඩුරු පිලිබ`දව සන්තාපයක්‌ හටගනි. අධ්‍යක්‌ෂවරයෙකුගේ වැටුප රුපියල් පනස්‌ දහස ඉක්‌මවන බැවිනි. මෙම ව්‍යqහය සංස්‌ථාවක පවතින රාමුවක්‌ මිස රජ පෙලපතින් පැවත එන අති උතුම් ශ්‍රි සද්ධර්මය සුරකින බෞද්ධ සිද්ධස්‌ථානයකට නොවටිනේය.

මුදලට දළදාව වෙන්දේසි වීම නොවටනේය. ඒ බැව් සංඝරත්නය අවබෝධ කොටගෙන සිටිති. එදාද එසේය. අදද එසේය. බුදුන් වහන්සේගේ චංචල නිශ්චල දේපල සුරැකීම උත්තරීතර පදවියක වගකීමය. එවන් වගකීමක්‌ නොදත් උදවිය වෙළ`ද භාණ්‌ඩයක්‌ ලෙස ශ්‍රී විභූතිය අලෙවි කරයි නම් නිරයේ වැටෙනුයේ කාගේ හෝ ආයාසයකින් නොවේ. මේ විපරීත කාලයේ සිහි යළි කැ`දවන්නට කාලය පැමිණ තිබේ.

බුලත් හෙප්පුවක්‌ ගෙන ගොස්‌ තමන්ගේ පාරම්පරික ගාම්භීර හැකියාව පසක්‌ කරමින් බුදුන්වහන්සේට ඇප උපස්‌ථාන කරමින් සිරිත් විරිත් චාරිත්‍ර සුරකින නිලයක්‌ දරන්නට හැකියාව ඇතැයි කියනු විනා මුදල් කුට්‌ටිපිටින් ගෙන තමන්ගේ ආර්ථික ශක්‌තිය විදහා පෙන්වන යමෙකු ඇත්ද ඒ සැරසෙන්නේ රජකළ පැවැත එන සියල්ල මුදලට පාවා දීමට සුදුසු බව හ`ගවන අයෙකි. නිත්‍යානුකූලව අතදිග හැර මුදලක්‌ වැය කොට වෙළ`දාමක්‌ ආරම්භ කරන්නේ ඊටත් වඩා වැඩි ලාභයක්‌ උපයා ගත හැකි නම් පමණි. මේ බැව් යෙහෙන් අවබෝධ කර ගත යුත්තේ මෙම කර්තව්‍යයට යම් තරමකින් දායකත්වය ලබා දෙන පිරිසය. අප අපගේ ඉතිහාසගත පෞඪත්වය රැක නොගතහොත් අනාගතයට ඉතිරිවන්නේ හිස්‌ කෝම්බයක්‌ බඳු රටකි.

සුදම් හේරත්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.