කොළඹ ඩයස්‌පෝරා උළෙලට
ජනපති අනුමැතිය ලැබුණා

විදේශ ඇමැති මංගල සමරවීර

දයා ලංකාපුර

දෙසැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට යන ඩයස්‌පෝරා උළෙලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබී ඇති බවත් විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව මේ රටට ගෙන්වා ඔවුන්ගෙන් රටට ප්‍රයෝජන ලබා ගැනීම එහි අරමුණ බවත් විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ කීර්තිමත් වෛද්‍යවරුන්, නීතිවේදීන්, මහාචාර්යවරුන්, ගත්කතුවරුන් විදේශයන්හි ජීවත්වන බවත් ඔවුන් අතරින් මේ රටේ ඒකීයභාවය පිළිගන්නා ඕනෑම කෙනෙකුට මේ රටට පැමිණ මෙයට සහභාගි විය හැකි බවත් ඇමැතිවරයා පැවැසුවේ ඊයේ (24 දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

සිංහල හා දෙමළ දෙපාර්ශවයේම සිටින අන්තවාදීන් මෙම ඩයස්‌පෝරා උළෙලට විරුද්ධයි. දෙමළ ඊළාම් රාජ්‍යය පක්‍ෂයේ නායක වී. රුද්‍රකුමාරන් සහ ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ වැනි මහජන ඡන්දයෙන් තේරී පත්විය නොහැකි පිරිස්‌ තමයි මෙයට විරුද්ධ වන්නේ යෑයිද ඒ මහතා කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.