2015 ජුලි 21 අගහරුවාදා

 

 

 

    
    Divaina Editor
    contact webmaster


'ක්‍රිකට්‌' ගැටුමට
සැකපිට 6ක්‌
අත්අඩංගුවේ

මෙවැන්නක්‌ මෙරට සිදුවූ
ප්‍රථම අවස්‌ථාව මෙයයි

ශ්‍රී ලංකා පාකිස්‌තාන ක්‍රිකට්‌ තරගය අතරතුරදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රේක්‌ෂකාගාරයේ හටගත් ගැටුමට සම්බන්ධ පුද්ගලයන් හයදෙනකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (20 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

විධායක රාජ්‍ය
නිලධාරීන්ට හිමි
විශේෂ දීමනාව
හමුදාවන්ට අහිමිවේ

තමන් රාජ්‍ය සේවයට අදාළ නොවන බව පවසමින් රජය මගින් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති විශේෂ දීමනාව හමුදාවන් වෙත ලබා නොදීමට ආරක්‍ෂක අමාත්‍යංශය කටයුතු කර ඇතැයි ත්‍රිවිධ හමුදා නිලධාරීහු පවසති.

රනිල් අගමැති වන
රජයකට  අභියෝග
ජයගත හැකි බව
ජනතාවට විශ්වාසයි

- ලක්‍ෂමන් කිරිඇල්ල

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය හොබවන රජයකට ජාතික හා ජාත්‍යන්තර අභියෝග ජයගත හැකි බවට ජනතාව තුළ විශ්වාසයක්‌ තිබෙන බව එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවැසීය.

48 න් පසු සම්ප්‍රදාය
වෙනස්‌ කරමින්
අගමැතිවරයා පත්
කළේ ජනවාරි 8 දා

- ඩලස්‌ අලහප්පෙරුම

1948 න් පසු මේ රටේ අගමැතිවරයා තෝරා ගැනීමේ සම්ප්‍රදාය වෙනස්‌ කරමින් අගමැතිවරයකු පත් කෙරුණු එකම අවස්‌ථාව ලෙස ඉකුත් ජනවාරි මස අටවැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම පෙන්වා දිය හැකි යෑයි හිටපු ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.

වත්කම් ප්‍රකාශ නොදුන්නොත්
අපේක්‍ෂක හැඳුනුම්පත් නෑ

- මැතිවරණ කොමසාරිස්‌

සිය වත්කම් හා බැරකම් ප්‍රකාශන භාර නොදෙන කිසිදු අපේක්‍ෂකයකුට මෙවර මැතිවරණ අපේක්‍ෂක හැඳුනුම්පත් නිකුත් නොකිරීමට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර ඇත.

මත්කුඩු චෝදනා
ඇති කිසිවකු එජාප ලැයිස්‌තුවේ නෑ

- අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති

මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් අතර මත්කුඩු චෝදනාවට ලක්‌වූ කිසිදු අපේක්‍ෂකයකු එක්‌සත් ජාතික පක්‍ෂ ලැයිස්‌තුවට ඇතුළත්ව නැතැයි අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඊයේ (20 වැනිදා) "දිවයින"ට පැවසීය.

සුරාබදු නොගෙවූ
හිඟුරාන අරක්‌කු
සමාගමට සීල් තබයි
පසුගිය රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට අයත්ව තිබූ බව කියන "හිඟුරාන අරක්‌කු" නිෂ්පාදනාගාරයට සීල් තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ
පළමු ශ්‍රී ලාංකිකයා
ගුවන් ප්‍රහාරයකින් මරුට

සිරියානු රජයට එරෙහිව අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට බැඳී සටන් වැදි පළමු ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයා ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්ව ඇත.

රට සංවර්ධනය කිරීමේදී විශ්‍රාම යන වයස්‌ සීමාව
නිගමනය කිරීමට අධ්‍යයනයක්‌ කළ යුතුයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

අප රට සංවර්ධනය කිරීමේදී විශ්‍රාම යන වයස්‌ සීමාව කොතෙක්‌ දුරට සැලකිය යුතු දැයි ස්‌ථිර නිගමනයකට එළඹීම පිළිබඳ අධ්‍යයනයක්‌ කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

අපේ ආණ්‌ඩුවක්‌ යටතේ
විශ්‍රාම වැටුපත් වැඩිකර
රාජ්‍ය සේවක අවම
වැටුප රු. 25000 දක්‌වා
වැඩි කරනවා

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ
 

පසුගිය ජනවාරි 8 වැනිදායින් පසු මා අරලියගහ මන්දිරයෙන් ඉවත්ව මැදමුලන නිවසට ගියේ නැවත එන්න නොවේ විශ්‍රාම යන්නයි. එහෙම හිතාගෙන විවේකයෙන් ඉන්න ගියත් ඇති වුණේ ඊට වඩා වෙනස්‌ තත්ත්වයක්‌. රටේ ජනතාව දහස්‌ ගණන් මා බලන්න ආවා. සැතපුම් ගණන් දිගට පෝලිම්වල ඉඳලා මා මුණගැසුන ........



ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්‌වීම හෙට
මහ මැතිවරණය ඉලක්‌ක කරගනිමින් ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය "හෘද සාක්‍ෂියේ සම්මුතිය" හෙට (22 වැනිදා) පෙරවරු 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී එළිදැක්‌වීමට නියමිතය. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්,  ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්‍ෂ නායකයින්, වෘත්තිකයන්, විද්වතුන් ඇතුළු බොහෝ පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වීමට නියමිතය.

ප්‍රසන්නගෙන් සහ බිරිඳගෙන්
මූල්‍ය අපරාධ කොට්‌ඨාසය
පැය 4 ක්‌ ප්‍රශ්න කරයි
මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක්‌ ගොඩකර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කරදෙන බව පවසා මොරටුවේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 150 ක මුදලක්‌ අත්තිකාරම් වශයෙන් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳගෙන් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (20 වැනිදා) ප්‍රශ්න කර ඇත.

කඩේ යන
ඕඅයිසීලාට
වහාම මාරු
මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් පක්‍ෂග්‍රාහීව කටයුතු කරන පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් වහාම එම පොලිස්‌ බල ප්‍රදේශවලින් මාරු කර යෑවීමට කටයුතු කරන බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පැවැසීය.

අවිස්‌සාවේල්ල
එජනිස මැතිවරණ කටයුතු සංවිධානය මොහාන් ලාල් ගේ්‍රරුට

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ අවිස්‌සාවේල්ල මැතිවරණ කොට්‌ඨාසයේ මහ මැතිවරණ සංවිධාන කටයුතු හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය හා රත්මලාන ශ්‍රී ලංකා නිදහස්‌ .....

බිරිඳට කෝටි ගණනක
දුෂණ චෝදනා!
සැමියාට අල්ලස්‌ කොමිසමේ පදවියක්‌

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට උපදේශකවරයෙක්‌ ලෙස පත්කළ පුද්ගලයකුගේ බිරිඳට එරෙහිව එම කොමිසමේම කෝටි .....

දියුණුවූ සෑම
රටක්‌ම ලෝක වෙළෙඳපොළේ කොටස්‌කාරයෝ
අපට ඇත්තේ දුප්පත්කම විතරයි

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක


සෑම කන්නයකදී
වී කිලෝවක්‌
රුපියල් පනහක
සහතික මිලකට
මිලදී ගන්නවා

අගමැති රනිල් වික්‍රමසිංහ

යල කන්නයේදී මෙන්ම ඉදිරි මහ කන්නයේදී ද කිලෝවක්‌ රුපියල් 50.00 ක සහතික මිලට වී මිලදී ගැනීමටත් එම මිලදී ගනු ලබන වී තොග නිසි පරිදි ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් ඇතුලු ......


  
 
  • රනිල් පිං අගමැති නොවේ!
    ජනතාව ඔහුට අගමැති වරම දුන්නා

    - පුරවැසි බලය සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

    ඇතැම් අය සඳහන් කරන විදියට ජනවාරි 8 දා පැවැති මැතිවරණය ජනාධිපතිවරයා පමණක්‌ පත්කර ගැනීමට පැවැති මැතිවරණයක්‌ නොවන බවත් ජනාධිපති හා අගමැති පත්කර ගැනීමට පැවැති මැතිවරණයක්‌ බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
     
  • ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්‍ෂය
    ජාත්‍යන්තර සහාය ඉල්ලයි


    අගෝස්‌තු 17 දා පැවැත්වෙන මහ මැතිවරණයට තරගවදින හිටපු කොටි ක්‍රියාකාරීන් නවදෙනකු ප්‍රමුඛ දසදෙනාගේ කණ්‌ඩායම ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්‍ෂය ජාත්‍යන්තර සහාය පතා ඇත.

 

 


 
  • පක්‌ෂයට සහයෝගය දෙන්න බැරි නම්
    ජනපතිතුමා සභාපතිකමෙන් ඉවත් වෙන්න ඕනෑ


    මගේ තාත්තා ගේ දේශපාලන කටයුතුවලට මම සෘජුව සම්බන්ධ වුණා. ඒ වගේම ඔහු අත්දකින දේශපාලන ක්‍රියාකාරකම් අත්දකින්නටත් අවස්‌ථාව ලැබුණා. ඒ නිසා දේශපාලනයේ හරි දේ වැරදි දේ හඳුනා ගෙන ක්‍රියා කරන්න මට පුළුවන්. මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ වසර 30 ක්‌ පමණ සාමාජිකයෙක්‌. පක්‌ෂයක බලය තියෙන්නේ ඒ පක්‌ෂයේ නිලධාරීන්ට නොවෙයි. ඒකේ සාමාජිකයන්ටයි. ඒකයි මම පැහැදිලිවම කියන්නේ හිතට එකඟව පක්‌ෂයේ අයත් එක්‌ක සහයෝගයෙන් වැඩ කරන්න බැරි නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රීලනිප සභාපති ධුරයෙන් අයින් වෙන්න ඕනේ.
     
  • ජනපතිවරණයේදී ගත් බලයට
    වැඩි බලයක්‌ අපි ගන්නවා


    මම ක්‍රීඩකයෙක්‌ ලෙස අපේ රටට කීර්තියක්‌ ප්‍රශංසාවක්‌ මෙන්ම අභිමානයක්‌ ලබාදී තිබෙනවා. ක්‍රීඩාවෙන් සමුගත්තාම මට හිටපු ජනාධිපති චJද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනියගෙන් ආරාධනාවක්‌ ලැබුණා දේශපාලනයට එන්න. ඒ අනුවයි මම දේශපාලනයට අවතීරණය වුණේ. මගේ පියතුමාගේ දේශපාලනය ගැන මට ලොකු සතුටක්‌ තිබෙනවා. අද අපිට බය නැතුව ලඡ්ජා නැතුව තාත්තා දේශපාලනඥයෙක්‌ කියලා කියන්න පුළුවන්. නමුත් පසුගිය කාලේ මගේ අත්දැකීම් තුළ මම දැක්‌ක හඳුනා ගත්ත පිරිසිදු දේශපාලන නායකයන් හමු වුණේ නෑ. මේ නිසා තමයි මම මගේ පියාගේ දේශපාලන ගමන් මගේ නොයන්න හේතුව. දැන් ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි වැනි දේශපාලන නායකයෝ කල්පයකට හොයා ගන්න බැරි වෙනවා.

  

  


 
  • ඇතුළට ගන්න එළියෙත් දක්‍ෂයෝ නැහැ
    ඇන්ජලෝ මැතිව්ස්‌


    පකිස්‌තානය සමග පැවැති තරග තුනේදීම තම පන්දු යවන්නන් හොඳින් පන්දු නොයෑවීම හේතුවෙන් පකිස්‌තාන් පිතිකරුවන් හැම විටම සාර්ථක වූ බව පවසන ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ඉදිරියේදී කළ යුත්තේ කුමක්‌ද යන්න සිතා බලන බව පවසයි. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්‌දින තරගයේදී පකිස්‌තානය හමුවේ ලකුණු 135 ක පරාජයක්‌ ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස්‌ ඉහත අදහස්‌ පළ කර සිටියේය.
     
  • ඩේවිස්‌ කුසලාන ටෙනිස්‌ තරගාවලිය
    ගොඩමාන්න ශ්‍රී ලංකාව ගොඩ ගනියි


    ආසියා ශාන්තිකර කළාපීය දෙවැනි කාණ්‌ඩයේ තවදුරටත් රැඳී සිටීම තීරණය කරනු ලැබූ ඩේවිස්‌ කුසලාන ටෙනිස්‌ තරගාවලියේදී ආගන්තුක ලෙබනනයට එරෙහිව පැවැති තරගාවලිය 3-2 ක්‌ ලෙස ජයගත් සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායම තවදුරටත් දෙවැනි කාණ්‌ඩයේම රැඳී සිටීමේ අවස්‌ථාව පෙරේදා (19 දා) උදාකරගත්තේය. 2011 වසරේදී දෙවැනි කාණ්‌ඩයට සුදුසුකම් ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා පිලක්‌ ඩේවිස්‌ කුසලාන තරගාවලිය යටතේ තම මව්බිමේදී තරගාවලියක්‌ ජයගනු ලැබූ පළමු තරගාවලිය ලෙසින්ද මෙම තරගාවලිය ඉතිහාස ගත විය.

  

Kapruka Shopping |  News





 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.