දෙහිඅත්තකණ්‌ඩියේ නිලධාරියෙක්‌
පාරේ ගොඩනැඟිල්ලක්‌ හදන්න හදලා


ප්‍රසන්න සිල්වා - දිඹුලාගල සහ දෙහිඅත්තකණ්‌ඩිය

දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස්‌ නිලධාරියකු නගරයේ ප්‍රධාන වීදි දෙකක්‌ සම්බන්ධ කරන මාර්ගයක්‌ වසා පසුගිය 29 දා රාත්‍රියේ ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට සූදානම්වීම නිසා නගරයේ දැඩි නොසන්සුන්තාවයක්‌ ඇති විය.

පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ නැඟණියකගේ පදනමකට මුදල් ගෙවා මෙම නිලධාරියා මෙම ඉඩම ලබාගෙන ඇති බවට නගරයේ සෙසු ව්‍යාපාරිකයෝ චෝදනාකර සිටිති. දෙහිඅත්තකණ්‌ඩිය නගරයේ ලැගුම්හල්, වෙළෙඳසැල් හිමි කොන්තරාත්කාර මෙම උසස්‌ නිලධාරියා පොදු මාර්ගය තමන්ට අත්පත්කර ගැනීමට වෙරදරන බවටද නගරවාසීහු චෝදනා කරති. මේ පිළිබඳව පොලිස්‌ හදිසි ඇමතුම් (119) ඒකකයට ලැබුණු පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂණ සිදුවන අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ උසස්‌ නිලධාරියකු ප්‍රකාශ කළේ මෙම නිලධාරියාට රජය නිත්‍යානුකූලව ඉඩම් ලබාදී නැති බවත් අනවසරයෙන් මෙම ඉදිකිරීම් සිදුකරන බවත්ය. ඒ ගැන පොලිසිය අවශ්‍ය නීතිමය කටයුතු කරනු ඇති බවත් ඔහු කීවේය. මැතිවරණයක්‌ පවතින අවස්‌ථාවක පොදු දේපළ අනවසරයෙන් අත්පත්කර ගැනීමට වෙරදරන මෙවැනි නිලධාරීන් ගැන විධිමත් පරීක්‍ෂණයක්‌ කරන ලෙස දෙහිඅත්තකණ්‌ඩිය නගර වැසියෝ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.