මේ වෙඩි හඩේ අරමුණ මා නිහඬ කිරීමයි
- මුදල් අමාත්‍ය රවි කරුණානායක

දීප්ති ප්‍රමිතා අධිකාරි

"මේ වෙඩි තිබ්බේ මට. අපි යහපාලනයක්‌ ගෙනැල්ලා සාධාරණව වැඩ කරගෙන යනකොට විරුද්ධවාදීන්ට හිතට අමාරුයි. කොහොම හරි අපිව නිහඬ කරවීම තමයි ඒ අයගේ බලාපොරොත්තුව.

තවම පරාජයේ ගිනිදැල් ඇවිලෙනවා. මේකත් ඒ වැඩපිළිවෙලේම කොටසක්‌. දූෂණය නැති කරන්න හදන කොට දූෂණයෙන් රජ කළ අයට පාඩුයි. සංවර්ධනය නිසි මඟකට ගන්න හදනකොට සංවර්ධනයෙන් ගසාකාපු අයට අමාරුයි. ප්‍රජාතන්ත්‍රවාදීව ජය ගන්න බැරිවුණාම මේ වගේ පහත් වැඩවලින් අපේ ගමන වළකන්න තමයි විරුද්ධවාදීන් කටයුතු කරන්නේ. නමුත් අපි ජනවාරි 8 වැනිදා පාලනය භාර අරගෙන යහපත් රටක්‌ හදන බවට ජනතාවට පොරොන්දු දුන්නේ රටේ ආපසු කිසි ලෙසකින්වත් මජර දේශපාලනයට ඉඩක්‌ නොතබන්න.

"මේ සිදුවීම ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක්‌. සාමකාමීව දේශපාලන කටයුතුවල නිරතවෙන්න බැරි තරමට පසුගිය ආණ්‌ඩුවල බළල් අත් තවම ක්‍රියාත්මක වෙනවා" යි ග්‍රෑන්ඩ්පාස්‌ හි වෙඩි තැබීම පිළිබඳව අදහස්‌ දැක්‌වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවැසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.