අ.පො.ස.(උ. පෙ.) විභාගය 4 දා ඇරඹේ

නිලන්ත මදුරාවල

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය අනිද්දා (04 වැනිදා) ආරම්භ කෙරේ.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවෝ තුන්ලක්‍ෂ නවදහස්‌ හැට නව දෙනෙක්‌ පෙනී සිටින අතර ඉන් 236072 ක්‌ පාසල් අයදුම්කරුවෝ වෙති. දිවයින පුරා මධ්‍යස්‌ථාන 2180 කදී විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්‌ථාන 303 ක්‌ පිහිටුවා ඇත.

විභාග මධ්‍යස්‌ථාන අසල මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම, පෙළපාලි, උද්ඝෝෂණ සියල්ල තහනම් කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස්‌ මූලස්‌ථානය සියලුම පොලිස්‌ ස්‌ථාන දැනුවත් කර ඇත.

විභාගය පැවැත්වෙන පාසල්වල වෙනත් ශ්‍රේණි සඳහා අමතර පන්ති සංවිධානය කිරීම, දෙමවුපිය රැස්‌වීම් පැවැත්වීමද විභාග දෙපාර්තමේන්තුව විසින් තහනම් කරනු ලැබ තිබේ.

මහමැතිවරණය හේතුවෙන් විභාගය අදියර දෙකක්‌ යටතේ සංවිධානය කෙරෙන අතර මුල් අදියර අගෝස්‌තු 04 සිට 13 දක්‌වාද දෙවැනි අදියර අගෝස්‌තු 24 සිට සැප්තැම්බර් මස 8 වැනිදා දක්‌වා පැවැත්වේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.