2015 අගෝස්‌තු 07 සිකුරාදා

 

    
   
   Divaina Editor
   Webmaster
   



චැනල් 4 මැක්‌රේ මාරක බොරු වාර්තාව ජිනීවා සමුළුවට ගෙන එයි

තිස්‌ වසරකට අධික කාලයක්‌ මුළුල්ලේ ශ්‍රී ලංකාව නටබුන් කරමින් පැවති එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට එරෙහි ක්‍රියාන්විතයේදී ශ්‍රී ලංකා හමුදාව දස දහස්‌ සංඛ්‍යාත ද්‍රවිඩයන් ඝාතනය කළ බවට සාවද්‍ය වාර්තාවක්‌ චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්‌රේ ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙරේදා (5) ඉදිරිපත් කර ඇත.


සුදුකොඩි ඔසවද්දී මරන්න නියෝග දුන්නා නම් බේරාගන්න බෑ - කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න

යුද්ධය පැවැති අවස්‌ථාවේදී සුදු කොඩි උස්‌සාගෙන එන අය මරන්න කවුරුන් හෝ නියෝග දුන්නේ නම් ඔවුන් බේරා ගැනීමට නොහැකි බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ සිරුර ගොඩගැනීම 10 දා

දෙහිවල පොදු සුසාන භූමියේ තාජුඩීන් මහතාගේ සිරුර වළ දමා තිබෙන අතර මේ වන විට සුසාන භූමියට විශේෂ පොලිස්‌ ආරක්‍ෂාව ද ලබාදී ඇත.

'ජම්පටා භීෂණය' පුත්තු භාරවෙති මව - පියා අතුරුදන්

කොටහේන ජම්පටා වීදියේ මාර්ගයකදී පාතාල සාමාජිකයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුතුන් දෙදෙනා කොටහේන පොලිසියට භාරවීමෙන් ඊයේ (06 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

බ්ලූමැන්ඩල් පාතාලයින් රට පන්නන තැතට යාපනයේ බෝට්‌ටුවක්‌ සූදානම්

මෙම පාතාල ප්‍රබලයන් දෙදෙනා මෙලෙස රටින් පිට කර හැරීමේ සැලසුම පසුපස එක්‌තරා ප්‍රබල දේශපාලනඥයකු සිටින බවද අනාවරණය වී ඇත.

රට බෙදන්න
ඉඩ දෙන්නේ නැහැ

- ඇමැති පාඨලී චම්පික රණවක

රට බෙදා වෙන්වන බව කියමින් ඇතැමුන් බොරු ගෝනි බිල්ලන් මවා පෑමට නිරර්ථක උත්සාහයක නියෑලි සිටින බවත් හෙතෙම කියා සිටියේය.

උතුරේ අපේක්‍ෂකයන් අතරේ අර්බුද

උතුරු පළාත් සභා මන්ත්‍රී ගජදීපන් තමා ද්‍රවිඩ සන්ධාන හිටපු මන්ත්‍රී සුමන්තිරන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කිරීමට සූදානම් නැතැයි ප්‍රකාශ කර තිබේ. ද්‍රවිඩ සන්ධානය තුළ ෙද්‍රdaහීන් සිටින බවද ගජදීපන් චෝදනා කර ඇත.

චන්ද්‍රිකාගේ 'වෛරයට' පිළිතුරු දිය යුතු නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

එයා කවුද කියලා අපි කවුරුත් දන්නවා. එයා දැන් අවලංගු කාසියක්‌. එයාට නිසි විදිහට පිළිතුරු දෙන්න ඕනෑ නම් මම පිළිතුරු දෙන්නේ මගේ ලේකම්ගේ මාර්ගයෙන්. ඒත් තව ටිකක්‌ කල්පනා කරල බලල ඔය නිවේදනයට උත්තර දෙන හැටි මම මාධ්‍යයට කියන්නම්.

කෝටිපති කුඩු ජාවාරම්කාර මුජහීඩ් අයි.එස්‌. ත්‍රස්‌තයෙක්‌

අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌ත සංවිධානයට අරමුදල් රැස්‌ කිරීමේ ජාලයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන මුජහීඩ් හෙරොයින් ජාවාරමෙන් උපයන සුවිශාල ධනය එම ත්‍රස්‌තවාදී සංවිධානයේ කටයුතු සඳහා ලබාදෙන බවටද වාර්තා වී ඇත.

සහෝදරයා මෙන් මා ජනතාවට පස්‌ස හරවා නෑ
බස්‌නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග

අර්ජුණ අයියාට ඡන්දේ දුන්න පාක්‌ෂිකයන්ට පස්‌ස හරවලා එයා ගියා කලුතරට. කලුතරින් එයා තරග වැදුණේ ෙµdන්සේකාගේ පක්‍ෂයෙන්. ඒ පක්‍ෂයෙන් ඉල්ලලා දිනලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කලුතර තමන්ගේ ඡන්ද දායකයන්ට පස්‌ස පැත්ත හරවලා ආවා ගම්පහට.

වසර 20ක්‌ වසා දමා තිබූ හිඟුරාණ සීනි නිෂ්පාදන කටයුතු යළි ඇරඹේ

මෙම ව්‍යාපෘතියේ සියයට 51 ක කොටස්‌ රජය සතු වන අතර සියයට 49 ක්‌ පෞද්ගලික අංශය සතුවන බවත් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මෙටි්‍රක්‌ ටොන් 72,000 ක සීනි ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාව සඳහා මුදා හැරෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

මහින්ද නින්දෙන් නැගිටලා වගේ ජීවන වියදම ගැන කතා කිරීම විහිළුවක්‌

ජීවන වියදම පහත දැමීමට වැඩ නොකළ මහින්දරාජපක්‍ෂ අපි මාස 6 තුළ ඒ දේවල් කළාම බඩු වර්ග ගණනාවක මිල අඩු කළාම දැන් නින්දෙන් නැගිටලා වගේ පඩි වැඩි කරන්න, ජීවන වියදම අඩු කරන්න බලය ඉල්ලීම විහිළුවක්‌...

ජවිපෙ එජාප ශාඛා සමිතියක්‌ කරන්න ඉඩ දෙන්න බෑ; විඡේවීර පැතූ ලෝකය මම ගොඩනගනවා
- ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ

ජනතා සේවක පක්‍ෂයේ ප්‍රධානතම අරමුණ වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඔහු වටා සිටින කල්ලිය පරාජයට පත්කොට ජනවාරි අට වැනිදා ජනතාව දිනාගත් නිදහස මේ රටේ සමස්‌ත ජනතාවටම දිනා දීම යෑයිද අමරසිංහ මහතා පැවැසීය.

ඡන්දෙයි මනාපෙයි ලකුණු කළ ආදර්ශ පත්‍රිකා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුද්‍රණය කර තිබූ සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 14986 ක්‌ කන්තලේ එක්‌සත් ජාතික පක්‍ෂ කාර්යාලය තුළ තිබියදී මැතිවරණ නිලධාරීන් හා පොලිසිය එක්‌ව අත්අඩංගුවට ගෙන ඇත.

පාතාලය මඬින්න යහපාලන රජය කිසිවක්‌ කර නැහැ
- ඩිලාන් පෙරේරා

මහ මැතිවරණයක්‌ පැවැත් වෙන මෙවැනි අවස්‌ථාවක දිනෙන් දින වැඩි වන පාතාල ක්‍රියාකාරකම් මැඬපැවැත්වීමට යහපාලන රජය කිසිදු පියවරක්‌ ගෙන නැතැයි එක්‌සත් ජනතා  නිදහස්‌ සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්‌ ථානය කරනව
අගමැති රනිල් වික්‍රමසිංහ

ලබන වසර වන විට ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්‌ථානය බවට ශ්‍රී ලංකාව යළිත් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (6 වැනිදා) සඳහන් කළේය.

යුද අපරාධ නිර්දේශ වලට රජයෙන් 'කොළ එළි'!

සැප්තැම්බර් 15 දා ප්‍රකාශයට පත් වන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ නිර්දේශ පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

චන්ද්‍රිකා කළේ එජාප මාධ්‍ය ප්‍රකාශකගේ වැඩේ - ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය 5 වැනිදා මාධ්‍ය හරහා කරන ලද ප්‍රකාශය පක්‍ෂයේ අනුශාසකවරියගේ ප්‍රකාශයක්‌ නොව එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කාර්ය භාරය ඉටු කරන්නක්‌...

වික්‍රමබාහුට තවමත් හිඟ වැටුප් ලැබී නැහැ

නව සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට හිමි හිඟ වැටුප ගෙවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස්‌ දී මාස තුනක්‌ පමණ ගතවී ඇතත් එය මෙතෙක්‌ ගෙවා නැත.

බිරිඳගේ අනියම් සැමියාගේ බෙල්ල කපා කන්දෙන් පහළට දැමූ සැකකරුවෝ රිමාන්ඩ්

මරණයට පත්කිරීමේ අරමුණින් මෙසේ බෙල්ල කපා රම්බොඩ කන්දෙන් පහළට දැමුවත් ඔහුගේ උගුරු දණ්‌ඩ කැපී නොතිබූ නිසා ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබිණි.

මාතලේ වෙනස්‌ වෙයි

වනාන්තර විනාශය සහ ශීඝ්‍ර සංවර්ධනය නිසා මාතලේ දිස්‌ත්‍රික්‌කයේ තෙත් කලාපයට අයත් ප්‍රදේශ වියළි බවට පත් වෙමින් පවතින බව ග්‍රැපෙක්‌ ශ්‍රී ලංකා පරිසර සංවිධානයේ අධ්‍යක්‍ෂ පවසයි.

කාවයියකු උගුරේ හිරවී තිදරු පියා මරුට

මඩවළක සිටි කාවයියකු කටින් සපාගෙන තවත් මාළුවෙකු ඇල්ලීමට තැත් කළ තිදරු පියෙකු ඊයේ (6 දා) උදේ 6.00 ට පමණ කාවයියා උගුරේ සිරවී එම ස්‌ථානයේදීම මියගිය පුවතක්‌ නාත්තන්ඩියෙන් වාර්තා වේ.


  • සදාතනික ආදරයේ ශෝකාන්තය
    '
    ඔතෙලෝ' මුද්‍රා නාටකයක්‌ ලෙස
    අද රටේ මුද්‍රා නාට්‍ය කලාවක්‌ නැති තරම්
    - ප්‍රවීණ නර්තන ශිල්පී රවිබන්දු විද්‍යාපති

    ප්‍රවීණ මුද්‍රා නාට්‍ය ශිල්පී රවිබන්දු විද්‍යාපති "ඔතෙලෝ" මුද්‍රා නාට්‍යයේද නිර්මාණකරුවායාය. මෙරට කෙටි මුද්‍රා නාට්‍ය ආකෘතිය වඩාත් ක්‍රමවත් හා වර්ධිත ලෙස ප්‍රේක්‍ෂකයාට හඳුන්වා දුන් රවිබන්දු විදේශ නාට්‍ය කෘති ඇසුරින් මුද්‍රා නාට්‍ය නිර්මාණය කිරීමේ පුරෝගාමියා වේ.

  • අතුරුදන් වූවන් උතුරෙන් මතුවීම

    මෙයට වසර තුනකට පෙර චැනල් 4 රූපවාහිනිය පැවසූවේ ප්‍රභාකරන්ගේ ආරක්‍ෂකයන් සියලු දෙනාම ආරක්‍ෂක හමුදාව විසින් මරා දැමු බවයි. එහෙත් ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්‍ෂකයා වූ වෙන්ඩන් හෙවත් සිවනාදන් උතුරෙන් මතු වී ජන්දය ඉල්ලයි.

  • ජගත් දැල්පන්දු සටන අද ඇරඹේ
    ශ්‍රී ලංකාවට පළමු අභියෝගය සිංගප්පූරුවෙන්

    පුරා සිව් වසරක්‌ සඳහා දැල්පන්දු ලොව කිරුළ හිමි රාජ්‍යය තීරණය වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය අද ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ඔලිම්පික්‌ පාක්‌හිදී ඇරඹේ. ශ්‍රී ලංකාවද ඇතුළුව කණ්‌ඩායම් 16 ක්‌ තරගවදිනු ලබන මෙවර ලෝක කුසලානේ හිමිකාරීත්වය දින 10 ක ඇවෑමෙන් හෙවත් ලබන 16 වැනිදා තරග 64 කින් අනතුරුව තීරණය වනු ඇත.


 

Kapruka Shopping |  News





 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.