2015 අගෝස්‌තු 12 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster



මනාප රකින්න මැ.කො. අලුත් වැඩක්‌ දෙයි

මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර හිමිකර ගන්නා දේශපාලන පක්‍ෂවලට මනාප ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන වෙත නියෝජිතයන් වැඩි පිරිසක්‌ ඇතුළු කිරීමට අවසර ලබාදීමට මැතිවරණ කොමසාරිස්‌වරයා තීරණය කර ඇත.


බ්‍රිතාන්‍ය උසාවියේ තීරණයෙන් කොටි ඩයස්‌පෝරාව අර්බුදයක

යුද අපරාධ චෝදනා එල්ල වූ වෙනත් රටවල හමුදා නිලධාරීන් අත්අඩං ගුවට ගෙන නඩු දැමීමේ බලයක්‌ බ්‍රිතාන්‍යයට නැතැයි බ්‍රිතාන්‍ය අධිකරණය ඊයේ (11 දා) ඓති හාසික තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කළේය.


උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම යුගයේ අවශ්‍යතාවක්‌
- උතුරු පළාත් අධ්‍යාපන ඇමති

දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක්‌ වී තිබෙන බව උතුරු පළාත් අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා මහතා පැවසීය.

සී. බී. ගේ රියෑදුරුගේ මළ සිරුර ඇමැති නිල නිවසෙන් හමුවේ

හිටපු ඇමැතිවරයාගේ රියෑදුරා වස ශරීරගත වී මියයැම පිළිබඳ පුළුල් පොලිස්‌ පරික්‍ෂණ ආරම්භ කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කර සිටී.

ඡන්ද නීති කැඩූ අපේක්‍ෂකයන් 12 ක්‌ සමඟ 610 ක්‌ දැලේ

මෙම සැකකරුවන්ට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩු පවරා ඇති බව ද පැවසේ.

ලබන වසරේ නිසැකවම ජීඑස්‌පී ප්ලස්‌ සහනය ලැබෙනවා  - හර්ෂ ද සිල්වා

මෙරට ඇඟලුම් සඳහා වන තීරුබදු සහනය (ජීඑස්‌පී ප්ලස්‌) අනිවාර්ය යෙන්ම ලබන වසරේ ලබාගත හැකි බව ප්‍රතිපත්ති සම්පාදක හ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා ඊයේ (12 වැනිදා) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී මාධ්‍යයට පැවසීය.

නිදහස්‌ අධ්‍යාපනය සුරැකෙන පරිදි නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දෙනවා
- අගමැති රනිල් වික්‍රමසිංහ

මෙරට අධ්‍යාපනය දියුණු කිරීම සඳහා නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීමට කටයුතු කරන බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


රට අලුත් කළ හැක්‌කේ ජවිපෙ නායකත්වයෙන් නැඟුන මහජන බලවේගයකට පමණයි
- ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

අපේ රටේ පාවෙන ඡන්දායකයෝ කියලා පිරිසක්‌ ඉන්නවා. යුද්ධය ඉවර කරන්න ඕන කියලා එදා බුලත් කොළයට ඡන්දය දාපු අතිබහුතරයක්‌ දෙනා අද ජනතා විමුක්‌ති පෙරමුණේ සීනුවට ඡන්දය දාන්න පෙළ ගැහිලා ඉන්නවා. ඒ නිසා ජවිපෙ රටට හොඳයි කියන කථිකාව හැදිලා තියෙන්නේ.

අපේ  ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන රටේ අනාගතය සැකසිය යුතුයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

අද දවස වගේම රටේ හෙට දවස වෙනුවෙන් රාජ්‍ය පාලකයාටත්, රට ඉදිරියට ගෙන යැමටත් ඇමැති චම්පික රණවක වැනි උගතුන් බුද්ධිමතුන් විශිෂ්ටයන් රටකට ඉතාමත් අවශ්‍ය වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 07 දා කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවසීය.

පැවැති දුර්දාන්ත පාලනයෙන් රට මුදාගෙන විශාල වැඩකොටසක්‌ කර තිබෙනවා
- හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග

මහින්ද මහත්තයගෙ ගෝල බාලයන් පාර්ලිමේන්තුවේදී අරක්‌කු බොමින් කාමරවලට වෙලා කරපු දේවල් කැමරාවල සටහන්වී තිබෙනවා. සමහරු දැනටමත් නීතියට හසුකර ගෙන තිබෙනවා. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක්‌ යටතේ එවා විභාග කෙරෙන ක්‍රමවේදයක්‌ තිබෙනවා.

ජාතික සංවිධාන එකමුතුවෙන් රනිල්ට ඉල්ලීමක්‌

එමෙන්ම කුරිරු ත්‍රස්‌තවාදයෙන් රට මුදා ගැනීමට දිවි පූජා කළ රණවිරුවන්ගේ ගෞරවය ආරක්‌ෂා කිරීමට එජාපය කැපවී සිටින්නේද යන්නත් රටට හෙළි කළ යුතු බවද එම එකමුතුව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.


හලෝ ළඟ තබාගෙන උ.පෙළ ලියූ සිසුහු දෙදෙනෙක්‌ අත්අඩංගුවට

ජංගම දුරකථන ළඟ තබා ගනිමින් උසස්‌ පෙළ විභාගයට පිළිතුරු ලියමින් සිටි සිසුහු දෙදෙනෙක්‌ කල්මුනේදී හා මඩකලපුවේදී ඊයේ (11 වැනිදා) හසුවූහ.

මැලේසියා කොටි අරමුදල් ජාලයේ ලොක්‌කා මාට්‌ටු

පස්‌ වසරක්‌ තිස්‌සේ අරමුදල් එකතු කළ මැලේසියා කොටි අරමුදල් ජාලයේ ප්‍රධානියා වූ එල්මරන් ස්‌කන්ධරාජා මැලේසියා පොලිස්‌ බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රෑට හොරකම් කරගෙන එන හරක්‌ වැසිකිළිය ඇතුලේ මස්‌ කරලා

එළගවයින් දෙදෙනකු මොවුන් විසින් සොරාගෙන පැමිණ මෙසේ ඝාතනය කර ඇතැයිද මංගල උත්සවයක්‌ පැවැති නිවසකට විකිණීමට මෙම ගවයින් දෙදෙනා ඝාතනය කර ඇතැයිද පොලිසිය පවසයි.


ග්‍රීස්‌ ඇති ජල බෝතල් නිෂ්පාදනය කළ සමාගම් තුනකට නඩු

ප්‍රදේශයේ වකුගඩු රෝග තත්aත්වය, ව්‍යාප්තිය වැඩි වී ඇති බැවින් අවට ජනතාව ඉතා බහුල ලෙස මෙම පානීය ජල බෝතල් ප්‍රයෝජනයට ගැනීමට හුරු පුරුදුව සිටිති. පානය කිරීමට ඉතාම සුදුසු මෙම ජල බෝතල් බවට ජනතාව විශ්වාස කරති. නමුත් පසුගිය දා මේවාට ලිහිසි තෙල් හා ග්‍රීස්‌ කවලම් වී තිබිණි.

අන්තරේ කොටුව උද්ඝෝෂණය...


නිදහස්‌ අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමට පෙළ ගැසෙමු... යනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලය මෙහෙයවූ පාගමනක්‌ ඊයේ (11 දා) පැවැත්විණි. කොළඹ විශ්වවිද්‍යාලය අසලින් ඇරැඹි දැවැන්ත පාගමන කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටට පැමිණි අවස්‌ථාව මෙහි දැක්‌වේ.
ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන

මාතරට වැඩ කරන්න බැරිවුණා; කලකිරීම නිසා මම ඉවත් වුණා
සාගල රත්නායකට සහාය පළකරමින් හිටපු ඇමැති සනත් ජයසූරිය කියයි

ආයෙත් ජනතාව රවට්‌ටලා යළිත් ඡන්දය ඉල්ලන්න මම සූදානම් නෑ. දේශපාලන පක්‍ෂයක්‌, පාටක්‌ නොබලා හොඳ අය පාර්ලිමේන්තුවට යවන්න. ජනතාව වෙනුවෙන් සේවය කරන්න ජනතාවගේ මුදල් කොල්ල නොකන අය පාර්ලිමේන්තුවට යවන්න.

වාලච්ෙච්න මු.කො. සමුළුවේදී අලුතින් ප්‍රා.ලේකම් කොට්‌ඨාස 4 ක්‌ ඉල්ලයි

මේ හැර උතුරු නැගෙනහිර ජීවත්වන මුස්‌ලිම් ජනතාව ස්‌වාධීන ජනවර්ගයක්‌ ලෙස පිළිගතයුතු බවද එකී සමුළුවේදී ඉල්ලා තිබේ.

උ/පෙළ ප්‍රශ්න පත්‍රයේ උපදෙස්‌ කොටස ව්‍යාජ ලෙස සකසා
මුහුණු පොතට දැමූ සිසුවියගේ ප්‍රතිඵල තහනම් කෙරේ

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකින් මෙවර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින මෙම සිසුවිය විභාග දෙපාර්තමේන්තුවට කැඳවා ඊයේ විමර්ශනයක්‌ සිදු කෙරිණි.

මහමැතිවරණ ප්‍රතිඵල එසැණින් දැනගන්න 'දිවයින' වෙබ් අඩවියට පිවිසෙන්න

ලෝකයේ ඔබ කොතැනක සිටියත් 'දිවයින' , 'Island' අන්තර්ජාල සංස්‌කරණ මගින් ගෙන එන සජීවී 2015 මහමැතිවරණ ප්‍රතිඵල නිකුතුච www.srilankanelections.com වෙබ් අඩවිය ඔස්‌සේ ප්‍රතිඵල නිකුත් වූ සැණින් සජීවීව නැරඹීමේ අවස්‌ථාව උපාලි පුවත්පත් සමාගම ඔබට උදාකර ඇත.

සන්ධාන රජය තරම් අධ්‍යාපනයේ දියුණුවට වෙනත් කිසිදු රජයක්‌ සේවය කර නෑ
- මහින්ද රාජපක්‍ෂ

අධ්‍යාපනය දියුණු කිරීම සඳහා තමාගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජය කළ සේවය වෙනත් කිසිදු රජයක්‌ සිදු කළේ නැතැයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.


අපේ ජීවිත තිබෙනතුරා මාතෘ භූමිය කෑලිවලට කඩන්න දෙන්නේ නෑ
- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

එක්‌සත් ජාතික පක්‍ෂයේ වැඩපිළිවෙළ රෝහල් අධිකාරියක්‌ බවට පත්කිරීමයි. අධිකාරියක්‌ කිරීමෙන් පසු පෞද්ගලික රෝහලකයි රජයේ රෝහලකයි අතර කිසිදු වෙනසක්‌ නැහැ. හැම දේටම මුදල් ගෙවන්න සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ශ්‍රීලනිපය පිළිබඳ වැරදි මත ප්‍රචාරය කරන අයට විනය ක්‍රියාමාර්ග ගත යුතුයි
- ඇමැති දුමින්ද දිසානායක

මනාප ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් පක්‍ෂය පිළිබඳව වැරදි මත ප්‍රචාරය කර, පක්‍ෂය විනාශ කිරීමට උත්සාහ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්‍ෂයේ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව...

ඡන්ද වැඩ කරන රජයේ වාහන 400 ක්‌ අල්ලන්න පරීක්‍ෂණ

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බව කියන රජයේ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

දකුණේ එතරම් මැතිවරණ උණුසුමක්‌ නැතත් එජාප සහ එජනිසයේ මනාප පොරයක්‌

මනාපය සඳහා බෙලි කැපිලි කෙටිලිවලින් නම් අඩුවක්‌ නැත. ඒ කොයිහැටි වුවද ජවිපෙ අපේක්‍ෂකයන් අතර නම් මනාප පොරයක්‌ දක්‌නට නැත. තම පක්‍ෂයට ලැබෙන ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ මෙහෙයුමක ජ. වි. පෙ නිරතව සිටිති. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ අපේක්‍ෂකයන් නම් මැතිවරණ ව්‍යාපාරයේ නිරතවන බවක්‌ නම් පෙනෙන්නට නැත.

නිල් සාරි - ටී ෂර්ට්‌ - කැප් සමඟ අපේක්‍ෂක ගේ ආධාරකරුවෝ කොටුවෙති

මහ මැතිවරණයට පුත්තලම දිස්‌ත්‍රික්‌කයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කරන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ආධාර කරුවන් තිදෙනකු ප්‍රවාහනය කරමින් තිබූ සාරි හා ටීෂර්ට්‌, කැප් තොගයක්‌ නවගත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


 
  • මම සන්ධාන වේදිකාවට නැග්ගේ
    ජාතික අවශ්‍යතාවක්‌ සපුරාලන්නයි

    - හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

    ඡන්ද කාලෙදි ඔහුට හොරා හොරා කියල චෝදනා කළා. ඒවායින් අපිත් නොමඟ ගියා. හැමතැනම කිව්වා මේ හෝටලය අරන් තියෙනවා. අර පැක්‌ටරිය අරගෙන තියෙනවා. කියලා. නොයෙක්‌ බොරු ප්‍රචාර සෑහෙන කලක්‌ ගෙනගියා. මේ ගොල්ලො හොරා හොරා කියල ලේබල් අලවලා පස්‌සෙ හොරකම් සොයනවා. ඒක හරිම අසාධාරණ ක්‍රියාවක්‌. දැන් මහ බැංකු මගඩිය ගැන අපි කෙළින්ම කියනවා. නමුත් මේගොල්ලො හොරා කියමින් මහින්දට බොරු ලේබල් අලවනවා.

  


 

  

Kapruka Shopping |  News






 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.