නාගදීප නම වෙනස් කිරීමට උතුරු සභාවෙන් යෝජනාවක් චතුර පමුණුව නාගදීපය යන නාමය වෙනස්කර එය නයිනාතිව් ලෙස නම් කිරීමට ගැසට් නිවේදනයක් පළ කළ යුතු බවට වූ යෝජනාවක් උතුරු පළාත් සභාව සම්මත කර ඇත. උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥනම් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. මෙම නාමය වෙනස් කිරීමට ජනාධිපතිවරයා මෙන්ම පළාත් පාලන ඇමැතිවරයාද ක්රියා කළ යුතු බව එම යෝජනාවේ සඳහන් වේ.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්රී ලංකාව.