හිටපු ජනපතිගේ ආරක්‌ෂාව
තහවුරු කිරීම ආණ්‌ඩුවේ වගකීමක්‌

- දිනේෂ් ගුණවර්ධන

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හමුදා නිලධාරීන් 500 ක්‌ හෝ ඊට වැඩි පිරිසක්‌ ලබාදී ඇතැයි පැතිර යන කතාව අසත්‍ය බව කොළඹ දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (7 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදී ඇත්තේ හමුදා සාමාජිකයන් 80 ක පමණ ප්‍රමාණයක්‌ බව ද අයවැය කාරක සභා විවාදය අවස්‌ථාවේදී දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

හිටපු ජනාධිපතිගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ආණ්‌ඩුවට වගකීමක්‌ ඇතැයිද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.