මැදපෙරදිගදී ශ්‍රී ලාංකික කතුන්
199ක්‌ අපයෝජනයට ලක්‌වෙලා
- ඇමැතිනි තලතා කියයි

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

ගතවූ වසර පහ (2010-2014) තුළ මැදපෙරදිග රටවලදී ශ්‍රී ලාංකීය කාන්තාවන් 199 ක්‌ ලිංගික අපයෝජනයන්ට ලක්‌ව ඇතැයි විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

මේ අය අතුරින් කාන්තාවන් 91 ක්‌ සවුදි අරාබියේදී ද, කාන්තාවන් 40 ක්‌ කුවේට්‌හිදී ද, 26 දෙනකු ජෝර්දාන්හිදී ද 17 ක්‌ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ද අපයෝජනයට ලක්‌ව ඇත. කටාර්හිදී කාන්තාවන් 11 ක්‌, ඕමාන්හි කාන්තාවන් 07 ක්‌, බහරේන්හිදී 04 ක්‌ සහ ලෙබනන්හිදී මෙරට කාන්තාවන් 03 ක්‌ ලිංගික අපයෝජනයට ලක්‌ව ඇතැයි විදේශ රැකියා ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

2010 වසරේදී මෙරට කාන්තාවන් 57 ක්‌, 2011 දී කාන්තාවන් 38 ක්‌, 2012 දී කාන්තාවන් 46 ක්‌, 2013 දී කාන්තාවන් 40 ක්‌ සහ 2014 දී කාන්තාවන් 18 ක්‌ මැදපෙරදිග රටවලදී ලිංගික අපයෝජනයට ලක්‌කර ඇතැයි ද අතුකෝරල මහත්මිය සඳහන් කළාය.

මාතර දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් තලතා අතුකෝරල මහත්මිය ඉහත ප්‍රකාශය කළාය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.