සා.පෙළ විභාගය අද ඇරැඹේ

නිලන්ත මදුරාවල

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (08 දා) ආරම්භ කෙරේ.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවෝ හයලක්‍ෂ හැටහතරදහස්‌ හත්සියපහළොස්‌ දෙනෙක්‌ පෙනී සිටිති. ඒ අතරින් හාරලක්‍ෂ තුන්දහස්‌ හාරසිය හතළිස්‌ හතරක්‌ පාසල් අයෑදුම්කරුවෝය.

පෞද්ගලික අයදුම්කරුවන්a සංඛ්‍යාව දෙලක්‍ෂ හැටඑක්‌ දහස්‌ දෙසිය හැත්තෑඑකකි. විභාග ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් පිරිසක්‌ පෙනී සිටින්නේ මෙවරය.

දිවයින පුරා පිහිටි මධ්‍යස්‌ථානවලදී පැවැත්වෙන මෙම විභාගයේ රාජකාරි සඳහා හතළිස්‌ දහසක පමණ කාර්ය මණ්‌ඩලයක්‌ පත්කර ඇත.

මෙම මස 17 වැනිදා දක්‌වා විභාගය පැවැත්වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.