මහින්දට උපරිම ආරක්‍ෂාව සලසනවා
-ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට උපරිම ආරක්‍ෂාව සපයන බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

මහින්ද රාජපක්‍ෂ මහතාට ආරක්‍ෂාව ලබා දීමේ වුවමනාව ආණ්‌ඩුවට ඇතැයි කී කිරිඇල්ල මහතා ඒ හේතුවෙන් කටයුතු කරන බවද කීය.

අයවැය කාරක සභා අවස්‌ථා විවාදයේදී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සභා නායකවරයා එසේ කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.