මානව හිමිකම් කොමසාරිස්‌
එ. ජා. ප්‍රඥප්තියේ
දෙවැනි වගන්තිය කඩකරලා

කීර්ති වර්ණකුලසූරිය

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාව කෙටුම්පත් කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දෙවැනි වගන්තිය මුළුමනින්ම උල්ලංඝනය කිරීමෙන් යෑයි හෙළිවී ඇත.

මෙම දෙවැනි වගන්තිය අනුව රටක අභ්‍යන්තර කරුණුවලට මැදිහත් විය නොහැකි යෑයි සඳහන් කර තිබේ.

එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය හා ජාතික ආරක්‍ෂාවට අදාළ කරුණු ගැන නිර්දේශ ඉදිරිපත් කළ නොහැකි යෑයි ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ආරංචි මාර්ග හෙළි කළේය.

මානව හිමිකම් කොමසාරිස්‌ විසින් එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීම පිළිබඳව විදෙස්‌ ගත ශ්‍රී ලාංකික විද්වතුන් පිරිසක්‌ මහලේකම් බෑන්කී මූන් වෙත සවිස්‌තරාත්මක පැමිණිල්ලක්‌ යොමු කිරීමට තීරණය කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.