මියගිය කොටින්ගේ
පවුල්වලට උතුරු
පළාත් සභාවෙන් දොලපිදේනි


කීර්ති වර්ණකුලසූරිය

මහා විරු පවුල් යෑයි හඳුන්වනු ලැබූ මියගිය කොටි ක්‍රියාකාරීන්ගේ පවුල්වලට හා හිටපු කොටි 147 දෙනකුට රුපියල් 50,000 බැගින් මුදල් පිරිනැමීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත.

යාපනය, මුලතිව්, කිලිනොච්චිය හා වවුනියාව යන ස්‌ථානවලදී මෙම මුදල් පිරිනමන බව උතුරු පළාත් සභාවේ අමාත්‍ය පී. දෙතිස්‌වරන් ප්‍රකාශ කර තිබේ.

උතුරු පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවට වෙන්කර ඇති මුදල්වලින් මෙම හිටපු කොටින්ට අරමුදල් සපයන බව හෙළි වී ඇත.

මෙම මුදල් ශ්‍රී ලංකා රජය විසින් උතුරු පළාත් සභාවට සැපයූ මුදල් වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.