වවුනියාව හිටපු ඩීඅයිජී සහ පොලිස්‌ පරීක්‍ෂක යළි රිමාන්ඩ්

දිනසේන රතුගමගේ

වවුනියාව, කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිධන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්‌පති යූ. කේ. දිසානායක මහතා හා සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා දෙසැම්බර් මස 18 වැනිදා දක්‌වා නැවත රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට වවුනියාව මහෙස්‌ත්‍රාත් වී. රාමකමලන් මහතා (04 දා) නියෝග කළේය.

වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියට සම්බන්ධ නයෝජ්‍ය පොලිස්‌පතිවරයා සහ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා අධිකරණයට ඉදිරිපත්කොට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලා සිටියද, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා රජයේ වෙනත් නඩුවකට සහභාගිවීම හේතුවෙන් (04 දා) නඩු වාරය වෙනුවෙන් පෙනී නොසිට නඩු විභාගය වෙනුවෙන් වෙනත් දිනයක්‌ ඉල්ලා සිටීම හේතුවෙන් ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප කරනු ලැබීය.

වවුනියාව මහෙස්‌ත්‍රාත් වී. රාමකමලන් මහතා පැවසුවේ දෙසැම්බර් මස 18 වැනිදා නඩුව විභාගකොට ඇප ලබාදීම පිළිබඳව සලකා බලන බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.