කැලණිගඟ ආශ්‍රිත පතල් ජාවාරමක්‌
තිදෙනකු අත්අඩංගුවට


ලසිත දුමින්ද

කිරිඳිවැල පොලිස්‌ වසමේ කැලණිගඟ ආශ්‍රිතව නීතිවිරෝධී ලෙස මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය පතල් කැණීමේ ජාවාරමක්‌ වැටලූ විශේෂ කාර්ය බළකාය එය පවත්වාගෙන ගිය සැකකරුවන් තිදෙනකු පෙරේදා (06 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

පරිසර පද්ධතියට දැඩි හානි පමුණුවමින් පවත්වාගෙන ගිය මෙම ජාවාරම කාලයක්‌ තිස්‌සේ කරගෙන ගොස්‌ ඇතැයි හෙළි වී තිබේ.

මෙම වැටලීමේදී රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා කැණීම් උපකරණ රැසක්‌ ද විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හා භාණ්‌ඩ තොගය වැඩිදුර පරීක්‍ෂණ සඳහා කිරිඳිවැල පොලිසියට භාරදී තිබේ.

පූගොඩ විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස්‌ පරීක්‍ෂක ඒ. ජී. සී. කේ. සිරිසේන මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදුකළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.