යාල වනෝද්‍යාන මූලස්‌ථාන ප්‍රවේශය
ජාත්‍යන්තර තත්ත්වයට ගෙන එනවා

වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක

අනුර බාලසූරිය

යාල වනෝද්‍යාන මූලස්‌ථාන ප්‍රවේශය ඇතුළු කාර්යාල පරිශ්‍රය ජාත්‍යන්තර ජාතික උද්‍යාන තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා පැවැසීය.

යාල වනෝද්‍යානයට පිවිසෙන පලටුපාන මූලස්‌ථාන ප්‍රවේශය තුළ දේශන ශාලා, අමුත්තන්ගේ මධ්‍යස්‌ථාන, ආපන ශාලා පරිපාලන සංකීර්ණ, බැංකු ටෙලර් යන්ත්‍ර (Aඔඵ) ආදී සංචාරකයන්ට අවශ්‍ය නවීන පහසුකම්වලින් වැඩිදියුණු කෙරෙනු ඇත.

මෙම ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්වයන්ට අනෙකුත් ජාතික වනෝද්‍යානවල ප්‍රධාන ප්‍රවේශ වැඩි දියුණු කිරීමට සැලසුම් කර ඇතැයිද රත්නායක මහතා වැඩිදුරටත් පැවැසීය.

එමෙන්ම ජාතික වනෝද්‍යාන තුළ සංචාරකයන් රැගෙන යන වාහනවල වේගය දැඩි ලෙස පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මෙයට අමතරව සෝමාවතිය, කලාවැව ඇතුළු උද්‍යාන කීපයක්‌ සංවර්ධනය කිරීමට ඉදිරි වසර මුලදී ආරම්භ කෙරෙන බවද පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.